(අමදෝරු අමරජීව)
පරිගණක පද්ධතියකට රහසිගතව ඇතුළු වී පැය පහක් තුළ එක්කෝටි අනූතුන් ලක්ෂයක පාඩුවක් සිදුකරමින් එම සමාගමේ අයිතිකරුගෙන් රුපියල් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලූ තොරතුරු තාක්ෂණවේදය හදාරණ විශ්වවිද්‍යාල සිසුවෙකු අද (29) අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය පවසයි.
ජාත්‍යන්තර මට්ටමේ ශාඛා කිහිපයක් පවත්වාගෙන යමින් ත්‍රිකුණාමලය මූලස්ථානය කරගනිමින් පරිගණක මෘදුකාංග සපයන සමාගමක පරිගනක පද්ධතියක් මෙලෙස ඇතුළු වී තිබේ.
මෙම පරිගණක පද්ධතියට ඇතුළුවීම තුළින් බ්‍රිතාන්‍ය , ඉන්දියාව හා ශ්‍රී ලංකාව තුළ පිහිටි සමාගම් 36කට එල්ල වූ බලපෑමෙන් මෙම අලාභය සිදුවී ඇතැයි එම මෘදුකාංග සමාගමේ අයිතිකරු වන බාලකුමාරන් මහතා පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වේ.
මෙම පරිගණක අපරාධයේ ප්‍රධාන සැකකරු අ.පො.ස උසස් පෙළ විභාගයට තොරතුරු තාක්ෂණවේදය විෂයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වී දැනට විශ්වවිද්‍යාලයක තොරතුරු තාක්ෂණවේදය හදාරනු ලබයි.
සැකකරුගේ වැඩිමහල් සහෝදරයා එම සමාගමේ සේවය කරන අතර ඔහු විසින් පරිගණක පද්ධතියේ රහස්‍ය වචනය බාල සහෝදරයාට ලබාදී ඇති අතර ලැප්ටොප් පරිගණකයක් භාවිතා කරමින් අන්තර්ජාලයේ සැරිසරමින් මෙම කටයුත්ත සිදුකර තිබේ.
COMMENTS
මෙවැන්නන්ට ඉගැන්වීමට වියදම් කල මහජන මුදල් අපරාදෙ.
වදුරට දැලිපිහිය දුන්නම ඔහොම වෙනවා අයියාගේ රස්සාවත් නැති කරා.
මේක හදපු අයගෙන් වන්දි ඉල්ලන්න මේ ශිෂ්‍ය දක්ෂයෙක් පරිගණක පද්ද්දතිය ආරක්ෂා කිරීමට වගකීම තියෙන්නේ මේ සොෆ්ට්වෙයාර් එක හදපු අයට ඕනෙම හැකර් කෙනෙක්ට එන්න පුළුවන් ශිෂ්‍යයා ඔප්පු කරලා තියෙන්නේ මේකේ අනාරක්ෂිත බවයි.
රටේ සියලුම බැංකු ගිණුම් හිමියන් කල්පනාවට ගත යුතු දෙයක් මේක. අන්තර්ජාලයෙන් හරි සෙල් ෆෝන් එකෙන් හරි දවස ගානේ ගිණුම් ශේෂය පරීක්ෂා කර බලන්න. වෙනසක් දැක්ක හැටියේම බැංකුවට කතා කරන්න.
මේවගේ අය සුමඟට අරගෙන ඔහුගේ බුද්ධියෙන් ප්‍රයෝජනයක් ගන්න.....
මේ වගේ අය යහමගට ගන්න හරි අමාරුයි. මේක සම්පූර්ණ වංචාවක්. අමාරුයි....
අ.පො.ස උසස් පෙළ විභාගයට තොරතුරු තාක්ෂණවේදය විෂයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රථමයා උනාට රුපියල් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලපු එකෙන් පෙනෙනවා අරමුණ මොකද්ද කියල.
වැඩිමහල් සොයුරා අත්අඩංගුවට අරගෙන දැඩි දඬුවම් දෙන්න ඕනේ. මුර පද අන්අයට ලබාදීම නීතිවිරෝධී වගේම සදාචාර විරෝධියි. සියලුම තාක්ෂණය තියන්නේ මිනිසුන්ගේ අතේ. නමුත් සම්මත නීති පිටුපා යාම මිනිසාගේ විනාශයට වල කැපීමකි.