
.(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රටේ පවතින නිරෝධායන නීතියට අනුකූලව දිවයින පුරා සාමකාමී උද්ඝෝෂණ පවත්වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට එරෙහි සමගි ජනබලවේගය අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ගොනු කළේය.
සමගි ජනබලවේගය වෙනුවෙන් එහි මහලේකම් රංජන් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් , පොලිස්පති , සෞඛ්‍ය ඇමතිනිය ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගපදේශන වලට අනුව හා නිරෝධායන නීතියට අනුකූලව පවත්න සමාකාමී උද්ඝෝෂණ වලට සහභාගීවන්නන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය දිගින් දිගටම කටයුතු කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සදහන් කරමින් මෙම පෙත්සම ගොනු කර ඇත.
පෙත්සම ගොනු කිරීමේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර , පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානයක මහතා ඇතුළු පිරිසකද ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනේට දැන් අමතකයි උද්ඝෝෂණය කරපු, අන්තරේටයි, අනික් අයටයි.., දෙකේ දෙකේ පොලුවලින් සලකපු හැටි. කෙල්ලන්ගේ ඔලු පලාපු හැටි.. මේ දෙගොල්ලන්ටම ‘‘ලැජ්ජාවක් ගෑවිලාවත් නෑ‘‘ බොරුවෙන්ම මිනිස්සු රටට්ටනවා...
විතාන, ගිය අවුරුද්දේ වෙන්න ඇති ඉපදුණේ... කමෙන්ට් දාන්න ඉස්සරවෙලා කාගෙන් හරි දන්න කෙනෙකුගෙන් අහලා බලන්න. යහපාලනයට කඩේ යන්නේ නැතිව.. සමහර විට මෙයාලාට වැරැදිලා. වත්මන් ආණ්ඩුවයි ඒ නියෝගය දීලා තියෙන්නේ...