
(සම්පත් ප්‍රියනන්දන සහ ලසන්ත පෙරේරා)
බලන්ගොඩ මුලික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිණියකට පහර දුන් සෞඛ්‍ය කාර්ය සහයකයාට මෙතෙක් විනයානුකූල පියවරක් නොගෙන ඇති බවත්, ඒ හේතුවෙන් සබරගමු පළාතේ සියලු හෙද නිලධාරින් එක්ව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රජයේ හෙඳ නිලධාරින්ගේ සංගමය සහ රාජ්‍ය සේවා එක්සත් හෙඳ සංගමය අද (16) දා සවස පැවසීය.
එම සංගම් දෙකට අයත් බලන්ගොඩ මුලික රෝහලේ හෙඳ නිලධාරීහු අද (16) දා සිට වෘත්තීය ක්‍රියාමාර්ගක් ආරම්භ කලහ.
පහරකෑමට ලක් වී ඇති විශේෂ ශේණියේ හෙඳ නිලධාරිණිය බලන්ගොඩ මුලික රෝහලේ පළමු වාට්ටුවට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබයි.
මෙම පහර දීමට විරෝධය පළ කරමින් සේවයෙන් ඉවත් වු බව එම හෙද සංගම් දෙක විසින් ඒකාබද්ධ ලිපියක්ද රෝහලේ වෛද්‍ය අධිකාරිවරියට යොමු කර ඇත. හෙද නිලධාරිණියට මරණ තර්ජනද සිදු කර ඇති බවටද එම ලිපියේ සදහන්ය. පහර දිම සිදු කර ඇති සෞඛ්‍ය කාර්ය සහයක නිළධාරියා විසින් සිදු කරන ලද විනය විරෝධී කියාකාරකම් සම්බන්ධයෙන් මීට පෙරද අවස්ථා කිහිපයක්ම අදාළ සෞඛ්‍ය බලධාරින්ට දැනුම් දි ඇති බවත් මෙතෙක් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් එම හෙද සංගම් දෙක පවසයි.
විනයානුකූල පියවරක් ගන්නා තුරු රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සංගමයේ සාමාජිකයින් සහ රාජ්‍ය සේවා එක්සත් හෙඳ සංගමයේ සාමාජිකයින් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇති සබරගමු පලාතේ සියළුම හෙද නිලධාරින් එකතුව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවද එම සංගම්වල නියෝජිතවරු කීහ.
2025 දෙසැම්බර් මස 04
699
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සබරගමු පළාතේ හෙද නිලධාරීහු වර්ජනයකට සැරසෙති