(ලසන්ත නිරෝෂණ පෙරේරා )
රුවන්වැල්ල රාජසිංහ මධ්‍යම මහා විදුහලේ සිසුවෙකු එහි ගුරුවරයෙකුට පහරදිමෙන් පසු එම සිසුවා පාසලෙන් ඉවත් කිරිමට විනය මණ්ලය ගත් තීරණය වෙනස් කරමින් සබරගමු පළාත් අධ්‍යාපන කාර්යාලය සිසුවා පාසලට ඇතුළත් කිරිම ගැන විරෝධය පළකරමින් එම විදුහලේ ගුරුවරුන් අද (25 ) සේවයට වාර්තා නොකළහ.
විදුහලේ ගුරුවර ගුරුවරියන් 137 දෙනාම මෙම විරෝධතාවයට එක්වු බව අධ්‍යපන වෘත්තීකයින්ගේ සංගමයේ ලේකම් වසන්ත ධර්මසිරි මහතා පැවසීය.
මෙම විදුහලේ උසස් පෙළ සිසුවෙකු එහි ගුරුවරයෙකුට පහරදිමේ සිද්ධියකින් පසු පාසලේ විනය මණ්ඩලය තීරණය කර ඇත්තේ සිසුවා පාසලෙන් ඉවත් කිරිමටය.
එම තීරණය ඉවත් කරමින් සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් සිසුවා පාසලට ඇතුළත් කිරිමට නිර්දේශ කර තිබේ.
ඒ අනුව සිසුවා පෙරේදා 24 පාසලට පැමිණ ඇති බව අධ්‍යාපන වෘත්තීකයින්ගේ සංගමයේ ලේකම්වරයා පැවසිය .
එම සිසුවා නැවත පාසලට ඇතුළත් කිරිම ගුරුවරයාගෙන් සමාව ඉල්ලා ගුරුවරයෙකුට පහරදිමේ ආදීනව කියාදි ක්‍රමවේදයකට අනුව සිදු කළානම් ඊට විරුද්ධ නොවෙන නමුත් සිසුවාගැන නිසියාකාරව විනය පරික්ෂණයක් සිදු නොකර ඔහු නැවත පාසලට ඇතුළත් කිරිම සුදුසු නොවෙන නිසා මෙම විරෝධතාවය පැවත්වු බව අධ්‍යාපන වෘත්තීකයින්ගේ සංගමයේ ලේකම්වරයා පැවසිය
2025 නොවැම්බර් මස 04
372
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2166
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1643
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සබරගමු පළාත් අධ්‍යාපන කාර්යාලයේ තීරණයකට ගුරු විරෝධයක්
විජේරත්න AW Friday, 25 September 2020 10:00 AM
විදුහල්පති හා ගුරු මණ්ඩලයේ අදහස් නොසලකා අත්තනෝමතික ලෙස තීරණය ගැනීම අසාධාරණය ලෙස දකිමි. විමර්ශනය සඳහා දරුවා පන්ති තහනමකට ලක්කර පසුව කොන්දේසි පිට ගත්තා නම් ගුරුවරුනට අභිමානවත් ව රාජකාරියට ආ හැකියි