IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සබරගමු ආණ්ඩුකාරවරියට එරෙහිව පොහොට්ටුව උසාවි යාමේ සූදානමක්

අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර
 
සබරගමු පළාත් සභාව විසුරුවා හැර වසරකට වැඩි කාලයක් ඉක්ම යද්දී වර්තමානයේ එහි ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කරන නිලූකා ඒකනායක මහත්මිය පළාත් සභා ප‍්‍රඥාප්ති සහ නීතිරීති උල්ලංඝණය කරන බැවින් ඇයට එරෙහිව නොබෝ දිනක් තුළ අධිකරණය හමුවේ නඩු පැවරීමට ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු කරන බව රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී. රංජිත් සොයිසා මහතා පැවසීය.


ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ වර්තමානයේ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී. රංජිත් සොයිසා මහතා වත්මන් ආණ්ඩුකාරවරිය ඇගේ බලතල පාවිච්චි කරමින් පළාත් සභාවේ ප‍්‍රඥාප්ති සහ අණ පනත් සියල්ල උල්ලංඝණය කරන බවද කීවේය.


ඇය මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියට සහ පළාත් යන්ත්‍රෝපාකරණ ආයතනය වූ ඩෙක්මා ආයතනවලට ප‍්‍රධානීන් පත්කර ඇතත් එම පත්කිරීම සම්පූර්ණ නීතිවිරෝධී බවද මන්ත‍්‍රීවරයා කීය. 


එසේ ම ආණ්ඩුකාරවරිය ඉදිරි වසර සඳහා මුදල් පරිපූරක ඉදිරිපත් කර සම්මත කර ගැනීමට උත්සාහ ගන්නා බවට ද රංජිත් සොයිසා මන්ත‍්‍රීවරයා චෝදනා කළේ ය. 



අදහස් (1)

සබරගමු ආණ්ඩුකාරවරියට එරෙහිව පොහොට්ටුව උසාවි යාමේ සූදානමක්

රවින් Tuesday, 23 October 2018 07:52 AM

ඉස්සර හිටපු මැර කට්ටියට බලේ නැතිවේගන යනවා වගේ. අනිකුත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 9 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site