(තිළිණි ද සිල්වා)
කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන බත්තරමුල්ලේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ල පිළිබඳ ලැබී ඇති පැමිණිල්ලට අදාළව ප‍්‍රකාශයක් ලබා ගැනීමට ප‍්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මිය හෙට (01) දින ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ පොලිස් ඒකකයට කැඳවා ඇති බව එම කොමිසම සඳහන් කරයි.
එම ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 21 ක මාසික කුලියකට ලබා ගන්නා අවස්ථාවේදී අයිතිකාර පාර්ශ්වය වෙනුවෙන් එම ගිවිසුමට අත්සන් තැබූ අයෙක් ලෙසට සබීතා පෙරේරා මහත්මිය ගැන කොමිසම හමුවේ කරුණු හෙළි වී ඇති හෙයින් ඇයගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් ලබා ගැනීමට කොමිසම තීරණය කර ඇත.
ජනාධිපති කොමිසම හමුවේ විභාගයට ගැනෙන නිසි පවරා ගැනීමකින් තොරව නෙවිල් ප‍්‍රනාන්දු රෝහල සඳහා රාජ්‍ය මුදල් වැය කිරීම් සම්බන්ධයෙන් වන පැමිණිල්ලලේ විභාගය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ප‍්‍රධාන ගණකාධිකාරී ආර්.ඒ.කේ.ෆොන්සේකා මහත්මිය ද හෙට (01) එම කොමිසම ඉදිරියේ සාක්ෂි දීමට නියමිත බව එම කොමිසම සඳහන් කරයි.
ඒ අනුව එම අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ප‍්‍රධාන ගණකාධිකාරීවරිය හෙට පෙරවරු 9.30ට එම කොමිසන් සභාවේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සහ එම කොමිසන් සභාවේ සාමාජිකයින් හමුවේ සාක්ෂි ලබා දෙන බව එම කොමිසමේ ප‍්‍රකාශකයෙකු ලංකාදීපයට පැවසීය.
තවද එම පැමිණිල්ලට අදාළව සාක්ෂි ලබා ගැනීමට තක්සේරු දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන තක්සේරුකරුද හෙට කොමිසම ඉදිරියේ සාක්කි ලබා දීමට නියමිත බව එම කොමිසමේ ප‍්‍රකාශකයෙකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද ගෝඨාගේ සබඳතාවය ගැන විමසන්නද?
ගෝඨාගේ සබඳතාවය ගැන විමසන්න. එ්ක එයාගේ පුද්ගලික කාරණාවක්... එයාගේ පුරුෂයා එ්ක බලාගනිවී. නිකන් ඉන්න අනේ ඔයාලා...
ගෝඨා ගැන අපි දන්නේ නෑ. එ්ත් කෘෂිකර්මේ අයිති හිටපු ඇමතියෙකුට නේද?
ගෝඨා, සබීතාගේ කතා රටේ රහසක් නොවේ...
හොර රඟපෑමක් බලාගන්න පුළුවන් වෙයි.
සබිතගෙයි, ගෝඨාගෙයි ගොඩනැගිලිවලට රජයෙන් විශාල මුදල් ගෙවපු ගනුදෙනු ගැන කියලයි අපි හිතන්නේ...
මේ අය රජයේ මුදල් ඒ මහජන බදු මුදල් ඇති විශාල මුදලක් අවභාවිතා කරලා කියලා මාධ්‍යවල දැකලා තියෙනවා... එ්කයි.
කවුරුත් දන්නා කතාව ඇතුලේ කතාව තමයි ඔය කොමිසමේ අහන්නේ..
ගෝඨා සබීතා එක්ක රජයේ මුදල් ඒ මහජන බදුමුදල් ඇති විශාල මුදලක් අවභාවිතා කරලා කියලා මාධ්‍යවල දැකලා තියෙනවා එ්කයි...
දෙන්නාටම තෙරුවන් සරණයි... !!!
මම කාරුණිකව ඉල්ලන්නේ.. කිසිම තේරුමක් නැති බොරු ප්‍රචාරය කරන්න එපා.. ගෝඨාභය වගේ රටට වැඩක් කළ අනිවාර්යයෙන්ම ගරු කළ පුද්ගලයෙකුට නිකරුනේ මඩ ගසන්න එපා..
කරුණාකර ඔක්කෝටම ඉස්සරවෙලා සබීතා කියන නිළිය මෙපමණ විශාල ධනයක් හම්බ කරගත්තේ කොහොමද? පසුගිය අවරුදු කිහිපය තුළ නිසිලෙස බදු ගෙවලද කියලා සොයලා බලන්න.
සුගත් ප්‍රමලාල් ඔයා ඒ කාලේ ගෝඨගේ ලේකම් කෙනෙක් වගෙයි පෙන්නේ.