(විනීතා එම් ගමගේ)
අම්පාර සහ මොනරාගල අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන දෙකක අද (11) ප්‍රශ්න පත්‍ර ලබාදීමට ප්‍රමාද වී ඇත්තේ මොනරාගල අංක 413 විභාග මධ්‍යස්ථානයේ ප්‍රශ්න පත්‍ර අම්පාර අංක 414 විභාග මධ්‍යස්ථානයට රැගෙන යාමෙන් ඇති වු ගැටලුවක් නිසා යැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
අම්පාර ඩී.එස් සේනානායක ජාතික පාසලේ සහ මොනරාගල බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ අද සා.පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට අද උදෑසන 8.30 ට ආරම්භ වීමට තිබු විභාගය මෙම ගැටළුව හේතුවෙන් උදෑසන 10.15 ට පමණ ආරම්භ කෙරිණි.
එම කාල සීමාව තුළදී කිසිදු සිසුවකුට විභාග මධ්‍යස්ථානයෙන් පිටතට යාමට නොදී රඳවාගෙන සිටීමට විභාග මධ්‍යස්ථානබාර නිලධාරීන්ට සිදු වී තිබේ.
සංගීත, නැටුම්, චිත්‍ර සහ සිංහල රසාස්වාදය යන විෂය ප්‍රශ්න පත්‍රයන් අද දින පැවැත්වේ.
සිදු වු ප්‍රමාදය හේතුවෙන් සහ සිසුන් පත්වු අපහසුතාව පිළිබඳව නිසි පරීක්ෂණයක් අවශ්‍ය බව ලංකා ගුරු සංගමය සහ ගුරු සේවා සංගමය පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම දෙයක්වත් හරියට කරගන්න බැරි අයද දෙපාර්තමේන්තුවේ ඉන්නේ?