IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ස්පුට්නික් එන්නත හදිසි භාවිතයට අනුමැතිය

රුසියාව නිෂ්පාදනය කළ ස්පුට්නික් වී එන්නත ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සදහා  යොදාගැනීමට අනුමැතිය හිමිව තිබේ.
 
වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියාසිටියේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් ඊට අනුමැතිය ලබා දී ඇති බවයි.
 
ඒ අනුව, කොරෝනා මර්දනය වෙනුවෙන් මෙරට භාවිත කිරීමට අනුමැතිය හිමි වූ දෙවන එන්නත මෙය වේ.මේ වනවිට රජය, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මහජනයාට ලබාදෙමින් සිටී.
 
ඉදිරියේදී රුසියාවෙන් එන්නත් මාත්‍රා 300,000ක් මෙරටට පරිත්‍යාගයක් ලෙස ලැබෙනු ඇතැයි ද ආරංචි මාර්ග පවසයි.
 
(6844) 



අදහස් (10)

ස්පුට්නික් එන්නත හදිසි භාවිතයට අනුමැතිය

mangala Thursday, 04 March 2021 09:05 AM

WHO එකේ අනුමැතිය නැති මේ වගේ රටවල හදන බෙහෙත් ගන්න එපා..

:       14       30

kamalThursday, 04 March 2021 10:17 AM

නිකන් දෙන මාත්‍රා ලක්ෂ 3... අස්සයාගේ දත් බලන්න එපා. නිකන් දෙනවා නම් දෙමළ පත්තරෙත් බලන අපිට ඕක මොකක්ද?

:       9       21

RohithaThursday, 04 March 2021 02:15 PM

මංගල ඔයා කොහොමද දන්නේ? බටහිරින් දෙන නිව්ස් විතරක් විශ්වාස කරන්න එපා. මේකට WHO එකේ අනුමැතිය දීලා ගොඩක් කල්.. යුරෝප්වල, හංගේරිවලත්, ලතින් ඇමෙරිකා රටවල් වලත් මේක පාවිච්චි කරනවා.

:       18       21

bandaThursday, 04 March 2021 09:53 PM

ධම්මික පැණිය බීපු අපි මේක අනිවාර්යයෙන්ම ගන්නවා.

:       0       0

Indhika Thursday, 04 March 2021 02:27 PM

බොහොම කණගාටුයි...!!! රුසියානු ජනතාවගෙන් 70%ක් මෙම එන්නත විදගන්න කැමැති නැහැ කියලා අද සමීක්ෂණයකින් ඔප්පු වුණා. එහෙව් එකේ ලංකාවේ අය විදින්න යනවා.

:       8       27

chandimaThursday, 04 March 2021 06:02 PM

ඉන්දික ඔයා කැමැති නැතිනම් විදින්නේ නැතිව ඉන්න. අපිට විදගන්න දෙන්න.

:       0       1

bandaraFriday, 05 March 2021 01:42 AM

සමීක්ෂණ වලින් කියන හැමදේම ඇත්ත කියලා හිතන්න එපා.. ඒ සමීක්ෂණයට ගත්තු නියැදිය මොකද්ද කියලා බලන්න. උදා- ලංකාවේ යුද අපරාධ කියලා උතුරේ සමීක්ෂණයක සහ මාතර සමීක්ෂණයක් කළොත් එන ප්‍රතිඵලය ගැන මම කියන්න ඕනේ නෑනේ. හැබැයි දෙකම ලංකාවේ කරපු සමීක්ෂණ. එ්ක නිසා හැමදේම අන්තර්ජාලයෙන් හරි මාධ්‍යවලින් හරි බලලාම තීරණ ගන්න එපා. මොකද මේ ලෝකේ මාධ්‍ය නිදහස කෙසේවෙතත් නිදහස් මාධ්‍ය කියලා දෙයක් නෑ.

:       0       3

rehan Friday, 05 March 2021 02:51 AM

ඉතාමත් පිළිකුල් සහගත වැඩක්. ලංකාවේ දක්ෂ වෛද්‍යවරු ඉන්නවා. කවුරුහරි රිසර්ච් එකක් කරලා සාර්ථක බෙහෙතක් හොයාගත්තොතින් ලංකාවටම ගොඩයන්න ඒක විතරක්ම ඇති.

:       1       1

kamalFriday, 05 March 2021 07:21 AM

පර්යේෂණ කරන්නේ දොස්තරලා නෙමෙයි අනේ.. විද්‍යාඥයෝයි. දොස්තරවරු ඉන්නේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්නයි.

:       0       3

anaSaturday, 06 March 2021 03:02 PM

ප්‍රායෝගික පරීක්ෂණ නැතිව ටියුෂන් බංකු ලෑල්ලක සයන්ස් කරන ලංකාවේ බිහිවෙයිද විද්‍යාඥයෝ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28173 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18187 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10885 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 663 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 196 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 854 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site