IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


’ස්පුට්නික්’ එන්නතට තවමත් අනුමැතිය නෑ

රුසියාවේ 'ස්පුට්නික් 5' කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත සඳහා තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැත.

මේ හේතුව නිසා 'ස්පුට්නික් 5' එන්නත ලබා ගත් බොහෝ දෙනකු විදේශගතවීමේදී අර්බුද රැසකට මුහුණ දෙන බව ද වාර්තා වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නොලැබුණත්, රටවල් රැසක බොහෝ දෙනකුට 'ස්පුට්නික් 5' එන්නත ලැබී තිබේ.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද ලබා ගෙන ඇත්තේ 'ස්පුට්නික් 5' එන්නතය. ලොව පළමුවෙන් නිපදවූ එන්නත ලෙස සැලකෙන්නේ ද 'ස්පුට්නික් 5' ය.

එන්නතට අනුමැතිය දීම සම්බන්ධයෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ ප්‍රමාණවත් සායනික වාර්තා සහ දත්ත තමන් අතට පත් වී නැති බැවින් එන්නතට අනුමැතිය දීම දිනෙන් දින ප්‍රමාද වන බවය.

ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඉදිරි මාස කිහිපය ඇතුළත ලෝක සෞඛ්‍ය සංවිධානය 'ස්පුට්න්ක් 5' සඳහා අනුමැතිය ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවය.

(රොයිටර්)



අදහස් (0)

’ස්පුට්නික්’ එන්නතට තවමත් අනුමැතිය නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site