
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහීකවීරරරතන )
සපුගස්කන්ද තෙල් පිරිපහදුව නුදුරේදීම විවෘත කිරීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවැසීය.
දින 50 කින් එය විවෘත කරන බව තමා මුලින් පැවසුවත් ඊට පෙර විවෘත කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව විකුණා දැමීමට කිසිදු සූදානමක් නැති බව පැවසූ ගම්මන්පිල මහතා එය මිලදී ගැනීමට කිසිවෙකු ඉදිරිපත්වී නැතැයිද කීවේය.
වසර 50කට වැඩි පැරණි එකක් හෙයින් ඊට කිසිදු ඉල්ලුමක් නැතැයිද උදය ගම්මන්පිල මහතා කීවේය.
කෙසේ වෙතත් මෙම තෙල් පිරිපහදුව පවත්වාගෙන යෑම ප්‍රශ්නයක් බවද ඔහු පැවසුවේය.
බලශක්ති අමාත්‍යවරයා මෙසේ පැවසූවේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි .
COMMENTS
ඇත්ත වශයෙන්ම මෙම පිරිපහදුව සහමුලින්ම නවීකරනයට කාලය පැමින ඇත. ඒත් ඉතින් කෝ ඒකට සල්ලි? අතුරු ඵල අතුරු නිශ්පාදන එමට ඇතත් ඒවායින් පලක් නොගනී. නවාංග සහිත නවීන කාර්යක්ෂම පිරිපහදුවක් සාදා ඉන් උපරිම ප්‍රයෝජනය ගන්න බලමු—කවද හරි.
විවෘර්ත කිරීමේ උත්සවයක් ගමු
එය මිලදී ගැනීමට කිසිවෙකු ඉදිරිපත්වී නැහැ. ඒකනේ, නැත්නම් විකුණලා දාලා . තවදුරටත් මෙයා කියනවා මෙම පිරිපහදුව පවත්වාගෙන යෑම ප්‍රශ්නයක් බව. මොකද්ද මේකේ තේරුම? මෙයා කිව්වොත් කියන්නේ බොරු. එක් වතාවක් කිව්වා ත්‍රිකුණාමල තෙල් ටැංකි ටික ඉන්දියාව සමග සාකච්චා කරනවලු, පසුව ඔය තෙල් ටැංකි සේරම කලින් ඉන්දියාවට විකුනළලු. ළඟදී කිව්වා බොර තෙල් පිරිහදු කරන එකට වඩා පිරිසිදු කල ආනයන කරන එක ලාබයි කියල. රට අඳුරේ දැම්මොත් මෙදා පාර සාගර කාරියවසම් නොවේ, මුළු රටේ ජනතාවගේත් සාපය ලබනවාමයි.
දැකීමත් අප්පිරියාවක්
ඔහේ නේද මේ ‘‘ලිට්‍රෝ ගෑස් බෝම්බ‘‘ අපේ රටේ පතුරුවා හැරියේ...? පරිස්සමෙන්...!!!