(යොහාන් භාසුර)

‘කොවිඩ්’ වසංගතයෙන් ජීවිත ආරක්‍ෂා කරගැනීමට සඳුදා සිට ස්වයං සංචරණ සීමා පාලනයක් ඇතිකරගන්නා ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම සති අන්තයේ වගකීමෙන් හැසිරී නිවෙස්වල අවශ්‍ය බඩු බාහිරාදිය රැස් කරගෙන ලබන සඳුදා (16 වැනිදා) සිට සියලු දෙනා ස්වයං සංචරණ සීමා පාලනයකට යොමු වී රටේ ඇති වී ඇති තත්වය හමුවේ ජීවිත ආරක්‍ෂා කරගමු යැයි ද වැටී සිටින දුකෙන් ගොඩඑන්න ස්වෙච්ඡාවෙන් කටයුතු කරමු යැයි ද උපුල් රෝහණ මහතා පැවසීය.

ආණ්ඩුවේ සහ බලධාරීන්ගේ තීරණ සම්බන්ධයෙන් කණගාටු වන අතර ආණ්ඩුවේ සහ සියලු බලධාරීන් කේක් කලා වායුසමීකරණය කළ කාමරවල තීරණ ගැනීමෙන් තොරව මේ විසාලා මහනුවර පය තියෙලා ඇවිද මිනිසුස් විදින දුක ලබන්න යැයි ආරාධනා කරන බව ද උපුල් රෝහණ මහතා කීය.