(මහින්ද නිශ්ශංක)
සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කළ බව රජය පවසයි.
මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ සීනි ආනයනයකරුවන් අතර අද (2) පැවැති සාකච්ඡාවකදී මෙම තිරණය ගෙන ඇත.
හිඟයකින් තොරව සීනි පාරිභෝගියන්ට ලබාදීම සඳහා මෙම තීරණය ගෙන ඇත.
පාරිභෝගියන්ට අවශ්‍ය සීනි හිඟයකින් තොරව ලබා දෙන්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාරිභෝගිකයන්ට දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියේ උසස් නිලධාරියෙක් කියා සිටියේ හෙට (3) දිනයේ සීනි පාලන මිල ඉවත් කිරීමට සම්බන්ධ ගැසට් නිවේදන නිකුත් කරන බවයි.
ඉකුත් අගෝස්තු මාසයේ නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් සුදු සීනි කිලෝවක් රුපියල් 125කට ද පැකට් නොකළ සිදු සීනි කිලෝවක මිල 122කට ද පැකට් කළ රතු සීනි කිලෝවක මිල රුපියල් 125ක හා පැකට් නොකළ රතු සීනි කිලෝවක මිට රුපියල් 128 අලෙවි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව ඇත්තටම කළු කඩයක්.
නියමයි. අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා. දැන් තමයි සැබෑ විවෘත ආර්ථිකය ක්‍රියාත්මක වෙන්නේ. රටක් දියුණු වෙන්න නම් සහනාධාර නවත්තන්න ඕන. අනිකුත් සහනාධාරත් නවතනවා නම් රට ගොඩ.
ජය වේවා
හා මෙච්චර කල් පාලන මිලක් තිබ්බද ?මිනිස්සු නන්නත්තාරව මෙලෝ රහක් නැති ආණ්ඩුවක්
මේ දැන් සීනි ගෙනාව 165 කිලෝ එක .ඇත්තම තත්වය 165 ටත් දෙන්න කඩේ සීනි තිබුනේ නැහැ
මේ ගොල්ලෝ දාන් අදිනවද මන්දා...?
මේක දැන් සෙල්ලමක් වෙලා බදු හිඟයක් මවා පානවා මිල පාලනය ඉවත් කරනවා දුප්පත් මිනිස්සු නැති කරනවා දැන් නම් චන්දයක් කිට්ටු වෙනවා නම් හොඳයි
සත විසිපහේ බද්දට ගෙනත් හිතු හිතු ගණනට විකුණා අධික ලාභයක් ලබන්නට දෙන්නෙ කාගේ සාක්කුවට වාසියක් නිසාද
ජනතාවට කරදරයක් නැතුව ජීවත් වෙන්න ඔහෙලා රටේ පාලනයෙන් ඉවත් උනොත් මොකද
ගැසට් එක බලුමාක් කලේ මේ කට්ටිය. ගහනව-අකුලනව…! ඉතුරු ටිකත් ඔක්කොම අකුලගත්තනම් හොදයි නේද…!
මේ ආණ්ඩුව බලයට ආපු දා ඉඳන් මුද්‍රණ යන්ත්‍රවලට ඉතා කාර්ය බහුලයි. මහ බැංකු මුදල් අච්චු ගහනවා, රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව ගැසට් පත්‍ර නිකුත් කරනවා, ආපහු රිවර්ස් කරනවා, පාස්පෝර්ට් ඉතා වේගයෙන් නිකුත් වෙනවා. මේගොල්ලෝ තමයි හොඳටම කරලා තියන්නේ.