(නාලක සංජීව දහනායක)
සේනා නැමැති ආක‍්‍රමණික දළඹු විශේෂය මර්දනය සඳහා අවශ්‍ය කෘමිනාශක වර්ග මිළදී ගැනීම සඳහා රුපියල් මිලියන පනහක මුදලක් වෙන්කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
එමෙන්ම මෙම දළඹුවන් මර්දනය සඳහා කෘමිනාශක වර්ග හතරක් හඳුන්වාදී තිබෙන අතර දළඹුවන් බෝකරනු ලබන සලබයන් අල්ලාගැනීම සඳහා විශේෂිත උගුලක් ද හඳුන්වා දී තිබෙන බවද අමාත්‍යංශය සඳහන් කරයි.
මේ වනවිට ඩ්‍රෝන තාක්‍ෂණය යොදාගනිමින් කෘමිනාශක ඉසීම අත්හදා බලා ඇති අතර එය සාර්ථක වන ලකුණු පහළවී තිබෙන බවද අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් සත්ත්ව විශේෂ රට තුළට පැමිණීම යනු රේගුව තමන් සතු කාර්යය හරියාකාරව නොකිරීමයි. එයට දැන් අපි මහජන මුදල් වැය කළ යුතුයි. අපූරු රටක්...!
ගුවන් තොටුපලේ ඉන්න රේගුවේ කට්ටිය මම ලංකාවට එනකොට 4දෙනා බැගින් මුළු දෙකකට වෙලා මිනිස්සු දිහා බලාගෙන ඉන්නවා. රටේ මිනිසුන්ගේ බදු මුදල්වලින් පඩි අරගෙන මුල්ලට වෙලා ඇට ගනිනවද කියලා අහන්න හදලා නිකන් හිටියා...
ඇෆ්රිකන් රටවල වේලපු දළඹුවෝ හොද කෑමක් එකතු කරලා රට යවමු අඩුම ටරමේ අපිට කරන්න බැරිනම් ඇෆ්රිකන් කොම්පැනි එහෙකට එන්න කියලා නොමිලේ අරගෙන යන්න කියන්න
මිලියන 50 බෙහෙත් තෙල් සමාගමට, මේ රජයෙන් කරන වියදම ,ගොවියන් කරන වියදම ? තෙල් සමාගම් දිනුම්. අවශ්‍යතාව වන්නේ මෙවැනි සතුන් ජාන තාක්ෂණයෙන් පරිසරයට ඉදිරිපත් කරන, සමාගම් සෙවීම සඳහා CID සහය ලබාගැනීම. යුද්ධයෙන් පසු මේ රට සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය වෙළෙඳුන්ගේ සහ බෙහෙත් ද්‍රව්‍ය වෙළෙඳුන්ගේ ග්‍රහණයට පත්වෙමින් තිබෙනවා.
පසුගිය දිනක රූපවාහිණී ප්‍රවෘත්තියකින් කියවුනා මෙම දළඹු විශේෂය 2016 දී පිට රටකදී පලමුව සොයාගත්තා කියලා. දෙවැනි අවුරුද්දේ අපේ රටට ඇවිල්ලා. මෙය පිටරටින් බඩ ඉරිඟු වැනිදේ ගෙන්වන අයගේ වැඩක්ද බලන්න. එහෙම නැත්නම් විදේශ පුහුණුවට ගිය අයගේ වැඩක්ද බලන්න.