IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සීනි ටොන් 12000ක් දින 60ක් තිස්සේ වරායේ හිර වෙලා

(යොහාන් භාසුර, මහින්ද නිස්සංක 
ආනයනය කරන ලද සීනි කන්ටේනර් 600 කට ආසන්න සංඛ්‍යාවක් මාස දෙකක පමණ කාලයක් තිස්සේ කොළඹ වරායේ සිරවී ඇති බව ආනයනකරුවෝ පවසති.
ඉන් කන්ටේනර් 433 ක් ආනයනකරුවන් නවදෙනකු විසින් ආනයනය කරන ලද ඒවා වන අතර සීනි මෙටි්‍රක්ටොන් 12000 ක් පමණ එහි අඩංගුව ඇතැයි ඔවුහූ සඳහන් කරති. 
වාණිජ බැංකු නිකුත් කළ ණයවර ලිපි ඔස්සේ මෙම සීනි තොගය ආනයනික බලපත්‍ර යටතේ ඉන්දියාවෙන් ආයනය කර ඇති බවත් ආනයකරුවෝ කියති.
මෙම සීනි කන්ටේනර් 433 මාස දෙකක් තිස්සේ නිදහස් නොකර කොළඹ වරායේ රඳවාගෙන තිබීම නිසා සීනි කිලෝවක් සඳහා රුපියල් 20 ත් 25 ත් අතර මුදලක් ප්‍රමාදගාස්තු ලෙස වරායට ගෙවීමට සිදුවී ඇති බවත් ආනයනකරුවෝ කියති.
මේ අතර තවත් සීනි ආනයනකරුවකු විසින් බලපත්‍ර නොමැතිව ගෙන්වනලද සීනි කන්ටේනර් 130 ක් ද, මාස දෙකක් තිස්සේ කොළඹ වරායේ රඳවාගෙන ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ආනයනකරු විසින් මියන්මාරයට නැව්ගත කර ඇති සීනි කන්ටේනර් 130 එම රටේ ගැටලුවක් හේතුවෙන් ආපසු කොළඹ වරායට ගොඩබා ඇති බව ද වාර්තා වේ.
මෙම සීනි කන්ටේනර් 130 රටතුළට ගෙනඒමට ආනයන අපනයන පාලකවරයා ඉඩනොදීම නිසා ඒවා ප්‍රතිඅපනයන කිරීමට පියවර ගෙන තිබේ.
මෙම සීනි තොගය පිළිබඳව කළ විමසුමකදී වාරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ රඳවාගෙන තිබෙන සීනි තොගය ලංකා සතොසට ලබාගැනීමට තීරණය කර ඇති බවයි.
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ ආනයනකරුවන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කළ බවත් සීනි තොගය ලංකා සතොසට ලබාගැනීමේදී ආනයනකරුවන් ප්‍රමාද ගාස්තුවලින් නිදහස් කරන බවත් කීය.
එම සීනි සතොස හරහා සහන මිලට ලබාදීමට සැළසුම්කර ඇතැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
 

 



අදහස් (13)

සීනි ටොන් 12000ක් දින 60ක් තිස්සේ වරායේ හිර වෙලා

ජයන්ත මිලානො Sunday, 29 August 2021 08:20 PM

හිරවෙලා නොවෙ. හිරකරගෙන ඉන්න කියලා . ගජමිතුරා ගෙන්වපු සීනි වලින් වැඩි මිලට සීනි විකුන ගන්න කං..

:       2       41

Ajantha Sunday, 29 August 2021 09:17 PM

වරායේ තියෙන දේ රට ඇතුලට ගන්න බැරිව මාස 2ක් ඉන්නවා කියන්නේ අපේ මොන අහේතුවක්ද.?

:       0       35

gamageMonday, 30 August 2021 12:08 PM

සර් ගේ ඔරකල් ඩේටා බේස් එකේ පොඩි අවුලක් .ඒකයි

:       0       13

de silva Sunday, 29 August 2021 09:40 PM

දිගින් දිගටම පෙනෙන්නේ සර්ගේ සහ ආණ්ඩුවේ නොහැකියාව.

:       2       43

Nandalal DE SILVA - France Monday, 30 August 2021 12:01 AM

ඔය සීනි සොච්චම තව ටික දවසකින් වරායේ ගුදම්වල පස්ස දොරින් පිටවී යනවා නියතයි.

:       0       28

Demuni Uduwara Monday, 30 August 2021 03:12 AM

ආනයනකරුවන් පවසන්නේ තම තොගය රේගුව විසින් තබා ගත් බව ය.

:       0       29

ThusraMonday, 30 August 2021 11:19 AM

සීනි ගෙන්වීම සදහා ආනයන අපනයන පාලක විසින් බලපත් නිකුත් කල යුතුයි. බලපත් නිකුත් කරන තුරු රේගුවට ඒා නිදහස් කල නොහැක.

:       1       4

රියන්භාගෙ එකෙක් Monday, 30 August 2021 06:23 AM

ජනාධිපති වරයාට විධායක බලයත් ආණ්ඩුවට තුනෙන් දෙකකුත් තියෙද්දි (ලංකාවෙ කවදාවත් නොවුන ලෙස සීනි මිළ ඉහල ගොස් ජනතාව දැඩි සේ පීඩාවකින් සිටිද්දී ) වරායෙ සීනි හිරවෙන්නෙ, කොහොමද වියතුන්, බුදිද නැත්නම් රට බුදිනවද.

:       0       10

Raveendra Monday, 30 August 2021 06:51 AM

ආනයනකරුවන් යනු සෑමවිටම ඉතාමත්ම ශ්‍රද්ධාවන්ත ලෙස හැසිරෙන පින් කදන් බැවින් මෙහිදීද රේගුව මේ පින් කඩදන්වලට "තම අබිමතය පරිදි අදික ලාබ ලබාගැනීමෙන් තොරව" සිනි වෙලදාම කිරීමට ඍජුවම බාදක පමුණුවා ඇත.අප රටේ වෙළදුන්ට පින් කිරීමට සැමවිටම බාදා ඇතිකරන මෙම රේගු දෙපාර්තුමේන්තුව වහා විසුරුවා හැරිය යුතුය.

:       0       3

lankaputha Monday, 30 August 2021 07:19 AM

ඒකාධිකාරයක් ඇති කිරීමට සහ ඔබේ කැමැත්ත පරිදි ගෝලයාට උපයා ගැනීමට හොඳ උත්සාහයක්.

:       0       8

මුණසිංහ Monday, 30 August 2021 07:36 AM

දැං අපේ රටේ හාල් වලට වඩා සීනි සංචිත තිබෙනවා. මේ දෙයට නම් ඉඩ දෙන්න එපා.

:       0       7

damith Monday, 30 August 2021 07:58 AM

කාගේ හරි තියෙන සීනි වැඩි මිලට විකිණිලා ඉවරවෙනකම් ඉන්නවා ඇති. මෙච්චර බැනුම් අහමින් සීනි රේගුවේ හිරකරගෙන ඉන්නවා කියන්නේ අදාල ව්‍යාපාරිකයා කොහොම සැලකිල්ලක් සලකලා ඇත්ද?

:       0       10

de silva Wednesday, 01 September 2021 05:19 PM

විල්මගේ සීනි තොගය වැඩිමිලට විකුණගන්න තුරු... ඔය තොගය නිදහස් කරන්නේ නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31321 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13534 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 116 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site