IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


සීනි, කිරිපිටි සහ සිමෙන්ති දැඩි හිඟයක්

(යොහාන් භාසුර)

සීනි, කිරිපිටි සහ සිමෙන්ති දැඩි හිඟයක් පැවතීමෙන් පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති.

ආනයනනික සුදු සීනි රට පුරාම නොමැති තත්වයක් ඇති වී ඇති බවත් දේශීය නිෂ්පාදිත රතු සීනි ලැබෙන සීමිත ප්‍රමාණය එක පුද්ගලයකුට වරකට කිලෝව බැගින් ලබාදෙන බවත් කොළඹ ප්‍රදේශයේ සිල්ලර වෙළෙන්දෝ පවසති.

රතු සීනි පමණක් අළෙවි කරන ලංකා සතොස උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසුවේ සතොස තුළ ද සීනි තොග නොමැති වීම නිසා රට පුරා සතොස අළෙවිසල්වල ද සීනි නොමැති බවයි.

මහා පරිමාණ සීනි ආනයනකරුවන් පවසන්නේ තමන් ආනයනය කළ සීනි කන්ටේනර් විශාල ප්‍රමාණයක් වරාය තුළ හිරවී තිබීමත් සීනි කිලෝවක් රුපියල් 116 ක උපරිම තොග මිලට අළෙවි කළ නොහැකි නිසා ආනයනය අත්හිටුවා ඇති බවත්ය.

ප්‍රධාන සිමෙන්ති සමාගමක අළෙවි ප්‍රධානියෙක් පැවසුවේ මිල ඉහළ දැමූව ද ආනයනික සිමෙන්ති ලැබීමට තවත් සතිකීපයක් ගතවනු ඇති බවත් දේශීය නිෂ්පාදනයෙන් සිමෙන්ති ඉල්ලුමෙන් සියයට 60 ක් පමණක් ආවරණය වන බවත්ය.

මහා පාරිමාණ ඉදිකිරීම් සමාගම් සිමෙන්ති තොග රැස්කරගැනීම නිසා සාමාන්‍ය වෙළෙඳපොල තුළ සිමෙන්ති හිඟයක් සහ වැඩි මිලට සිමෙන්ති විකිණීමේ ජාවාරම් පිළිබඳව වාර්තා වී ඇති බවත් එම නිලධාරියා කීය.

කොළඹ සහ අවට ප්‍රදේශවල සතියකට අවශ්‍ය කිරිපිටි සැපයුම දින දෙකකින් ජනතාව මිලදී ගැනීම නිසා ව්‍යාජ කිරිපිටි හිඟයක් නිර්මාණය වී ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ ප්‍රකාශක ලක්ෂ්මන් වීරසූරිය මහතා පැවසීය.

නැවත කිරිපිටි හිඟයක් ඇතිවේ යැයි බියෙන් කොළඹ සහ අවට ජනතාව එකවර කිරි පැකට් 10 ක් පමණ රැගෙන යෑම නිසා සතියක සැපයුම දින දෙකෙන් අවසන් වීමේ තත්වයක් නිර්මාණය වී ඇති බව කී ලක්ෂ්මන් වීරසූරිය මහතා කිරිපිටි සමාගම් පහ ශ්‍රී ලංකාවේ සතියක කිරිපිටි අවශ්‍යතාව වන කිලෝ 240,000 අඩුවකින් තොරව සපයන බව ද සඳහන් කළේය.

යාපනය, කිලිනොච්චි යන ප්‍රදේශවල ද හිඟයකින් තොරව කිරිපිටි තොග ඇති බවත් ජනතාව අපහසුතාවට පත්වීම වැලැක්වීම සඳහා කොළඹ ප්‍රදේශයට අතිරේක තොග සපයා ඇති බවත් වීරසූරිය මහතා කීය.



අදහස් (4)

සීනි, කිරිපිටි සහ සිමෙන්ති දැඩි හිඟයක්

fairoos Thursday, 21 October 2021 05:40 PM

රට කන මුන්ට හෙන හැතම ගහනවා

:       0       1

C.K.Lankaputhra. Thursday, 21 October 2021 09:42 PM

මේක ආණ්ඩුවක්ද නැත්තන් පාන්ඩුවක්ද

:       0       1

sampath Friday, 22 October 2021 12:03 AM

කලුකඩවල මිලගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. සීනි 160යි, සිමෙන්ති 1300යි. මිනිස්සු කරන්න දෙයක් නැතිනිසා කීයට හරි ගන්නවා.

:       0       0

chandima Friday, 22 October 2021 04:20 AM

අතිරේක කිරිපිටි තොග දෙන්නේ කොළඹට විතරද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දෙයියෝ තමා දන්නේ
2024 ජුලි මස 18 11 0

ට්‍රැක් ලන්තේ වර්තමාන තත්වය තමයි ජනාධිපතිවරණයයි, පාතාලේ කැළඹීමයි. මේ දවස්වල ජනාධිපතිවරණයත් ටොමියට දාලා ට්‍රැක්වාසීන් හොයන්නේ ඊයේ පෙරේදා සිද්ද වෙච්


සුදු මැස්සා රෝගයට පිළියම් කියයි
2024 ජුලි මස 18 143 0

මෙරට පොල් වගාව හා තැඹිළි වගාව ආශ්‍රිතව ව්‍යාප්ත වන සුදු මැස්සා (White Flies) රෝගය පාලනය සඳහා පොල් වගාවට පොහොර යෙදීම දීර්ඝකාලීන විසඳුමක් බව ශ්‍රී ලංකා පොල් පර්


රට ගිහින් එද්දි උස්සල කෝටියක කප්පම් ඉල්ලලා
2024 ජුලි මස 18 243 0

කුවේට් රටේ සේවය කර මෙරටට පැමිණි පුද්ගලයකු නිවස බලා කුලී රථයකින් යමින් සිටියදී කැබ් රථයකින් පැමිණි සිව් දෙනෙකු බරන්දන හන්දියේදී ඔහු පැහැරගෙන ගොස් නාර


ආර්ථික පනත විවාදය 25
2024 ජුලි මස 18 185 0

රාජ්‍ය මූල්‍ය කලමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ලබන 25 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (18) තීරණය කළ


‘පුළුවන්නම් කංජිපානි ගේන්න‘
2024 ජුලි මස 18 2102 3

කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරියේ නියැතුව සිට දැනට ප්‍රංශයේ ජීවත් වන හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලකට හැකිනම් කංජිපානි ඉම්රාන් මෙරටට රැගෙන එන ලෙස ම


’’රාජ සභා මණ්ඩපය’’ කැඩූ හිටපු පුරපති‌‌ගේ දඬුවම ලිහිල් වෙයි
2024 ජුලි මස 18 875 1

දෙවන බුවනෙකබාහු රජු භාවිත කළ කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ’’රාජ සභා මණ්ඩපය’’ ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇත


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 131 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1000 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1880 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site