IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘සේනා’ව මර්දනය කරන්න යුද්ධයකට මෙන් සූදානම් වෙන්න

කෘෂි කර්මාන්තයට තර්ජනයක් එල්ල කරමින් සිටින සේනා දළඹුවා මැඩලීම සඳහා යුද්ධයකට මුහුණදෙන ආකාරයේ සමාන කැපවීමකින් සහ කාර්යක්ෂමව කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

 
සේනා දළඹු විශේෂය ව්‍යාප්තවීම හේතුවෙන් කෘෂිකර්මාන්තයට එල්ල වී ඇති තර්ජනයට මුහුණදීම සඳහා ගතයුතු හදිසි පියවර පිළිබද සොයා බැලීමට අද (22) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
 
 මේ වෙනුවෙන් යම් කාල රාමුවක් නිර්ණය කර ගනිමින් ජාතික වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙසත්, රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සහය ඇතිව ඒකාබද්ධ පළිබෝධ නාශක ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමටත් එහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
 
 
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධන බළකායක් ද පිහිටුවමින් අවශ්‍ය පියවර ගනිමින්  සිටින අතර එම බලකාය නිතිපතා රැස්වෙමින් මෙම හදිසි උවදුර මැඩලීමට කඩිනම් තීන්දු තීරණවලට එළැඹීමේ වැදගත්කම පිළිබඳවද ජනාධිපතිවරයා නිලධාරීන් දැනුම්වත් කළේය.
 
 එමෙන්ම මෙම ජනාධිපති කාර්ය සාධක බළකායේ කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් මහවැලි නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා සහ ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු මෙන්ම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු  පත් කර ගැනීමටද උපදෙස් ලබා දුන්නේය.
 
රාජ්‍ය  සහ පෞද්ගලික ක්ෂේත්‍රයේ කෘෂි පර්යේෂණ අංශවල සහ ක්ෂේත්‍ර නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම උවදුර මැඩලීම පිළිබඳ ගොවි සංවිධාන හා ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට ද මෙහිදී ජනාධිපතිවරයා විසින්  උපදෙස් දෙනු ලැබීය.
 
 අමාත්‍යවරුන් වන පී.හැරිසන්, දයා ගමගේ, රාජ්‍ය අමාත්‍ය අමීර් අලී, මහවැලි හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය බී.එම්.එස්. දිසානායක, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එම්.බී. වීරසේකර, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. 

(36698)

(ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය)
 



අදහස් (3)

‘සේනා’ව මර්දනය කරන්න යුද්ධයකට මෙන් සූදානම් වෙන්න

එරික් Tuesday, 22 January 2019 10:51 AM

ඊට පස්සේ කියන්න එපා දළඹුවන් විනාශ කරන්න බෑ ලේඛන නෑ කියලා....

:       0       22

Bamunuarachchi Friday, 25 January 2019 02:29 AM

එජාප නායකයෝ ඉන්නවානම් ඔය මොන පනුවා එක්කවත් යුද්ද කොරන්න යන්නේ නැහැ. ඒ මොනම හෝ යුද්දයක් සංවිදානය කිරීමේ හැකියාවක් ඔවුනට නැතිනිසා. කියාවි අපි සේනා දළඹුවාට අවුරුදු 10 ට රට බාර දීල පිටරටින් කෑම ගෙනෙමු කියලා. උද්ගෝෂණ ආවොත් කියාවි අපි දළඹුවන්ටත් වන්දි ගෙවන්නම් කියලා.

:       0       0

de silva Friday, 25 January 2019 05:20 AM

හෙට අනිද්දා කියාවි නම සදහන් කල නොහැකි බහුජාතික සමාගම් වලින් මට තර්ජන කරනවා දල්ම්බුවෝ මරන්න එපා කියල , නමුත් ඉදිරියට මේගැන දැනුම් දෙනවා කියල

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site