(මනෝප‍්‍රිය ගුණසේකර)
‘සුනාමි’ චිත්රපටයට එරෙහිව අන්තර්ජාලය, සමාජ මාධ්‍ය ජාලාවන් හා මුහුණු පොත හරහා කරගෙන යන අසත්‍ය හා අපහාසාත්මක ප‍්‍රචාර වහාම ක‍්‍රියාත්මක වන පරිදි වළකාලමින් ගල්කිස්ස දිසා විනිසුරු චන්දිමා ප‍්‍රභාකුමාරි දෑල මහත්මිය විසින් වාරණ නියෝගයක් නිකුත් කරන ලදී.
ලබන මස 10 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි අදාළ වාරණ නියෝගය ක‍්‍රියාත්මක කිරීමට ද විනිසුරුවරිය වැඩිදුරටත් නියම කළාය.
සෝමරත්න දිසානායක, රේණුකා බාලසුරිය සහ සිනේ ෆිල්ම්ස් පෞද්ගලික සමාගම විසින් රුපියල් කෝටි 5 ක වන්දියක් ඉල්ලා පවරා ඇති මෙම නඩුවේ වගඋත්තරකරු වශයෙන් නඩරාජා මනිවානන් මහතා නම් කර ඇත.
‘සුනාමි’ චිත්රපටයට එරෙහිව පිරිසක් අන්තර්ජාලය, සමාජ මාධ්‍ය ජාලාවන් හා මුහුණු පොත හරහා අසත්‍ය හා අපහාසාත්මක ප‍්‍රචාර කරගෙන යන බවත් ඒ හේතූවෙන් පැමිණිලිකරුවන්ට විශාල පාඩුවක් සිදුව ඇති බවත් පෙන්වා දෙන පෙත්සම්කරුවෝ එම අසත්‍ය හා අපහාසාත්මක ප‍්‍රචාර වහාම ක‍්‍රියාත්මක වන පරිදි වළකාලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක් ද කළහ.
ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ දිසා විනිසුරුවරිය ලබන මස 10 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි අදාළ වාරණ නියෝගය නිකුත් කළාය.
COMMENTS
නඩු දාපුවම අපි බලයි කියලා හිතන්න ඇති...
නමුත් ඇත්තටම චිත්‍රපටිය බලපුවාම හිතෙයි බැලිය යුතු එකක් කියලා..
මේ චිත්‍රපටියේ අවසානයේ නැත්ද සුනාමියට ලැබුණු මුදල් ඇතුළු සැමදේ යටිමඩි ගහපු හැටි...? එයත් ඇතුළත් වුණොත් හොඳයි.. මල් වට්ටියයි, කරපටියයි.
සුනාමිය අත් විඳි මිනිසුන් තවමත් විඳවනවා. මෙයාලා එ්කෙන් හම්බ කරනවා. ප්‍රතිනිර්මාණය කරන්න දෙයක් නැහැ.. මිනිසුන් සැබවින්ම සුනාමිය විඳවනවා තම ආදරණීයයන් වෙනුවෙන්... මෙයාලට ඒ වේදනාව දැනෙන්නේ නැහැ...
මේකේ කතාව තමන් ලියපු එකක් කියලා වෙන කෙනෙක් නඩු දැම්මා නේද?
35322කගේ මරණ සමග දසදහස් ගණනකගේ දුක් කඳුළු කිහිප දෙනෙකුගේ සතුටු කඳුළු වලට යට වූ ප්‍රීතිමත් අවස්ථාව...