IMG-LOGO

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා


සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුවාට බදියුදීන් වට්ටම් දීලා

(දසුන් රාජපක්ෂ)

පාස්කු ඉරු දින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගත් මොහොමඩ් ඉන්ෂාෆ් අහමඩ් නැමැත්තාට අයත් වූ තඹ නිෂ්පාදනය කරන කොලෝසස් පුද්ගලික සමාගමට අධික ලාභයක් ලැබෙන ලෙස, හිටපු කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යවරයකු වූ රිෂාද් බදියුදීන් මහතා කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා වට්ටම් ලබා දී ඇති බව කාර්මික සංවර්ධන මණ්ඩලයේ අලෙවි අධ්‍යක්ෂ සරත් උදයසිරි මහතා පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් අද(01) ප්‍රකාශ කළේය.

කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඇස්තමේන්තුගත ලේඛනවලට අනුව කොලෝසස් පුද්ගලික සමාගමට වාසි සහගත ලෙස තඹ අමුද්‍රව්‍ය විකිණීම නිසා එම  මණ්ඩලයට රුපියල් මිලියන ගණනක පාඩුවක් සිදු වී ඇති බවද, සරත් උදයසිරි මහතා සඳහන් කළේය.

කොලෝසස් පුද්ගලික සමාගමට එලෙස අධික ලාභයක් ලැබීමට සැලැස්වීම නිසා පාඩු සිදු වූ තඹ අමුද්‍රව්‍ය මිලදීගන්නා අනිකුත් සමාගම් කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත දිගින් දිගටම  පැමිණිලි ඉදිරිපත් කර තිබූ බවද ඒ මහතා කියාසිටියේය.

සරත් උදයසිරි මහතා මෙලෙස ප්‍රකාශ කරසිටියේ 2017 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා කාර්මික සංවර්ධන මණ්ඩලයේ විකුණුම් ලේඛනවල සඳහන් තොරතුරු ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් කරමිනි.

පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කොට තිබෙන විශේෂ කාර්යාලයේදී අද(01) රැස්විය.



අදහස් (26)

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුවාට බදියුදීන් වට්ටම් දීලා

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 01 July 2020 12:07 PM

මේ ජාතිවාදී සුලුජාති පක්ෂ ප්‍රධාන දේශපාලන ප්‍රවාහය හා එක්වී කොයිපැත්ත ආවත්, තම ජාතියේ ප්‍රවර්ධනයට කටයුතු සලසා ගන්නවා. ඒත්, මහජාතිය එකිනෙකා කුළල් කා ගනිමින් තමන්ගේ අයිතිවාසිකම් නොලබා පිරිහීම කරා පියමං කරනවා. මෙහෙමත් මිනිසුන්...

:       411       833

බද්රානිWednesday, 01 July 2020 07:18 PM

සමිත මහත්මයාගේ අදහස නිවැරදි නමුත් ඒ තුල සියුම් වැරද්දක් ගැබ් වෙලා තියනවා. ඔබ සිතන ලෙස රටක බහුතරය වූ පමණින් ඔවුන් "මහා ජාතියක්" වෙන්නේ නැහැ. ඔබ ලෝකයේ සංවර්ධිත යයි සලකන රටවලට පය ගසා ඇත්නම් ඒ රටේ ජීවත් වන බහුතර ජාතිය ඒ රටේ විනය ගරුකම ජාතියයි. ඔවුන් රටේ ජීවත් වන හෝ රටට පැමිණෙන විදේශිකයින්ට ආදර්ශයක්. නිකමට සිතන්න, එහෙම වාතාවරණයක් අපේ රටේ සිංහල බහුතරය , ඔබ ඔය කියන "මහා ජාතිය" තුල තිබෙනවද? ඔබ ඔය කියන මහ ජාතියෙන් ආදර්ශයක් ගත හැකි තත්වයක් ඔබගේ දරුවෙකුටවත් තියනවද? උඩ බලාගෙන කෙල ගහ ගන්නවාට වඩා, බිම බලාගෙන සිටීම යහපත් නිසා මම මීට වැඩිය ඒ ගැන යමක් ලියන්නේ නැහැ??

:       206       349

kap Wednesday, 01 July 2020 12:36 PM

ඉතින් ඒ කාලේ මේවා නොකියා බුදියාගෙන හිටියේ ඇයි? කොන්ද පණ නැද්ද? වැඩේට කෙළවුණාට පස්සේ තමයි ඔක්කොම ලොකු කතා... මේ වැඩේම තමයි මහ බැංකුවේ සිද්ධ වුණෙත්... අවුරුදු ගාණක් හොරකම යනකන් කටවල් වහගෙන ඉඳලා.., ඊට පස්සේ කෑ ගහනවා... එතකොට වැඩේ වෙලා ඉවරයි.

:       354       1323

anuraThursday, 02 July 2020 03:56 AM

මට ඔබතුමා තමයි නිදාගෙන ඉඳලා දැන් ඇහැරිලා කෑ මොර ගහන්නේ. ඒ කාලේ ඔය ක්‍රියාවලට සම්බන්ඳ උදවියගේ ආණ්ඩුව තිබුන බව ඔබ නොදන්නේ ඒ දවස් වල ඔබ නිදාගෙන හිටිය නිසා වෙන්න ඇති.

:       332       276

YasanthaThursday, 02 July 2020 07:51 AM

ඊට පෙර මේ ඇමතිවරයා මහින්ද රජයේ ප්‍රබල කැබිනට් ඇමති කෙනෙක් හොදේ... ඔක්කොම ඉතින් යාලුවන් වගේ තමයි. ටිකක් ඔලුව පාවිච්චි කරලා බලන්න පාර්ලිමේන්තුවේ කොච්චර අය එහෙට මෙහෙට පැනලා තියෙනවද කියලා... එ්කෙන්ම පේනවනේ ඔක්කොම එකම පිරිසක් බව... අනික මේවා ඡන්දෙටම උඩ එන ඒවා මිසක් වැරදිකාරයින් ලේසියට අහුවෙන්නේ නෑ. නිකමට හරි පුද්ගලික තරහක් තිබුණොත් විතරයි හිරකරන්නේ...

:       1       83

Rata PerataFriday, 03 July 2020 06:28 AM

සම්පූර්ණ ඇත්ත.., ඒත් කොහොමද කියන්නේ...? කල්ලියේ නායකයාට එවකට හිටපු ආරක්ෂක ලේකම් අපෙන් පඩිත් දීලා තිබුණනේ...

:       0       1

බද්රානි Wednesday, 01 July 2020 01:03 PM

මේ වගේ දේවල් ඉතින් අමුතුවෙන් අහන්නත් දෙයක්ද? සහරාන් කියන්නේ අපේ රටේ හිටපු බුද්ධි අංශ සාමාජිකයෙක්ලුනේ... 2015ට පෙර පැවති රජය මහජනතාවගේ මුදල්වලින් සහරාන්ට පඩි ගෙවලත් තියනවනේ... එතකොට, බෝම්බ ගහනකම් ඇහැ කන පියාගෙන හිටියේ සිංහල නායකයෝ නෙමේද? අනුන්ට බැනලා, අනුන් මත වැරදි පටවලා සිංහලයින් හිත හදා ගත්තට, දෙගොල්ලෝම එකතුවෙලා බලය වෙනුවෙන් සිදුකළ හදිය අපට නම් හිතාගන්න පුළුවන්... එසේ බැලුවාම, කුමන වැරදි මත දරුවත් දෙමළ හා මුස්ලිම් දේශපාලන නායකයින් ශ්‍රේෂ්ඨයි. ඒ මිනිස්සු තමන්ගේ ජාතිය නසලා බලය ලබා ගන්නේ නැහැ කවදාවත්. කාට තිත්ත වුණත් ඇත්ත ඒකයි..

:       9034       5839

arschfikaaWednesday, 01 July 2020 07:50 PM

ඔන්න දුන්නා හරිම පිළිතුර බද්‍රනි.

:       3       129

බද්රානිThursday, 02 July 2020 10:36 AM

ගරු, ඩිස්ලයික් නෝනා මහත්තුරුන්ගේ දබර ඇඟිල්ල මත සියුම්ව පිහිටා ඇති මොළය, එලෙස තද කරන්නට සිදුවීම ගැන මට සමාවෙන්න...

:       228       2

NuwanFriday, 03 July 2020 08:50 AM

ඔබගේ කමෙන්ටුව අනගියි. මම එදා කිව්වා වගේ අපගේ මාතෘභූමිය විනාශකළේ නිල්, රතු, කොළ, කුරහන් සාටක දේශපාලකයන් තමයි. ප්‍රභාකරන්, සහරාන් වගේ අයටත් ඉන්න ඉඩකඩ සැලසුවේ මේ අයම තමයි.

:       0       3

mohomed Wednesday, 01 July 2020 01:29 PM

ඡන්දයක් ආවාම ඩ්‍රාමා ආරම්භ වෙනවා..

:       584       1304

දිමුත්Thursday, 02 July 2020 06:16 AM

එතකොට වට්ටම් දීලාම නැද්ද?

:       0       0

NishanThursday, 02 July 2020 11:28 PM

වට්ටම් දීලා තියෙන්නේ සභාපති විසින්... සභාපති සිංහලයෙක්. ඇමති මැදිහත්වුනේ නෑ කියලා මොහු කියන ප්‍රවෘත්තිය මීට කලින් පල වුණා නේද?

:       0       0

Mahesh Wednesday, 01 July 2020 02:03 PM

ඇයි ඒ වෙලාවේ ඕකට විරුද්ධ නොවුනේ? අඩුමගානේ මාධ්‍යයට කියන්න තිබුණානේ ඒක වරදක් නම්... දැන් ඡන්දේ ළඟ නිසා මෙයාව ටික දවසකට ඇතුළට දාන්න පොටක් පාදාගන්න වගේ හදන්නේ. මාස 8ක් ගිහිනුත් මහ බැංකුව වංචාවට කරපු දෙයක් නෑ. එහෙව් අයගෙන් පාස්කු එකටත් වෙන්නේ ඒකමයි. දෙගොල්ලන් ශේප් එකේ ඉන්නවා මිනිස්සුන්ට පොඩිපොඩි නාට්‍ය පෙන්නමින්...

:       91       1110

de silva Wednesday, 01 July 2020 02:48 PM

වැරැදි කරලා තියෙනවා නම් කියව කියවා ඉන්නේ නැතිව, නීතිය ඉදිරියට ගෙනැවිත් දඬුවම් දෙන්න.. පාලකයින් වැරැදි කරපුවා දැනදැනත් කිසිම පියවරක් නොගෙන නිකන් ඉන්න එකත් විශාල වරදක් බව දන්නේ නැතිද?

:       2       215

Lal Wednesday, 01 July 2020 03:46 PM

ඔය තඹ, රජයේ ආයතන වලින් ඉවත් කරන අබලි යකඩ අයිඩීබී එක හරහා දෙන්නේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත වලට දෙන්න. නමුත් ඔතැනට එන හැම ඇමතියම කරන්නේ තමන්ගේ හෙංචයියන්ට හොර පාරෙන් දෙන එක. ඕන අද ඊයේ දෙයක් නොවේ. අයිඩීබී එකේ හැමෝම දන්නවා ඇති වෙන සෙල්ලම...

:       1736       693

NishanThursday, 02 July 2020 11:32 PM

දැන් ඉන්න ඇමැති හරිම ප්‍රසිද්ධයි, 2005 රජය කාලේ නිවාස ඇමති වෙලා ඉන්නකොට තමුන්ගේ ඥාතීන්ට නිවාස ඉතා අඩු මුදලකට සින්නක්කරව දීම ගැන...

:       0       0

Hafeel Wednesday, 01 July 2020 06:00 PM

කවදාවත් මේ පාලකයින්ගෙන් සාධාරණ ඉටුවේවි කියලා විශ්වාස තියන්න එපා. පහුගිය ජනාධිපතිවරණ පොහොට්ටුවේ මන්නාරම ප්‍රචාරය රැලියට සහභාගි වූ වර්තමාන ප්‍රධාන දේශපාලකයින් දිවා අාහාරය ගත්තේ මේ බෝම්බකරුගේ මාමණ්ඩියගේ නිවසේදී තමා. විජයකලාගේ ප්‍රකාශයට රනිල් මෛත්‍රී දඬුවම් දුන්නෙත් නැහැ. කරුණාගේ ප්‍රකාශයට රාජපක්ෂලා දඬුවම් දෙන්නත් නැහැ. ජවිපෙ හැර අනිකුත් දේශපාලන පක්ෂ සේරම එකම පන්තියේ. එළියේ ඉන්න සාමාන්‍ය මිනිස්සු සහ ආධාරකරුවන් නිකං ගහමරා ගන්නවා සහ එකිනෙකා සැකයෙන් බලනවා.

:       1       4

Perera Wednesday, 01 July 2020 06:41 PM

ඔය දේවල් කතාකරන්නේ නැතුව ආණ්ඩුවේ කොන්දක් තියෙන කවුරුත් නැද්ද මෙයට නීතිය ක්‍රියාත්මක කරන්න.?

:       0       0

hasan Wednesday, 01 July 2020 06:56 PM

අපි දන්නවා ඡන්දය ආවම රිෂාඩ් භූමිකාව එනවා කියලා පොහොට්ටුවට තියන එකම තුරුම්බුව රිෂාඩ්, පොහොට්ටුව එක්ක එකතු නොවුනට ඔක්කොම විදින්න වෙනවා.

:       0       34

Bandula Wednesday, 01 July 2020 09:31 PM

ඕක මොකක්ද බන්..., සහරාන් කව්ද ලංකාව වෙනුවෙන් KP හා කරුණා අම්මාන් කරලා තියෙන සේවය බලද්දී.. KP අල්ලාගෙන ඒමට වියදම්කළ මුදලත් පාඩුයි ලංකාව පැත්තෙන්... සහරාන්, ඊබ්‍රාහිම් දැන් හිටියා නම් KPව සුද්ද කළ එකේ 2 වැනි කොටස බලාගන්න තිබ්බා. පව්... ලංකාවේ 69, 52 ලක්ෂයේ වහල් ඡන්ද දායකයෝ...

:       1       38

ranjith Thursday, 02 July 2020 12:18 AM

මේ ඔක්කොම අහලා එපාම වෙලා, මේ කාටවත් දඬුවමක් දෙන්නේ නැහැ. ජනතාව මුලා කරනවා.

:       0       30

Kamal Thursday, 02 July 2020 02:17 AM

බදුර්දීන්ට, රනිල්ට, රවිට, සිරිසෙනට, දඬුවම් දෙයි කියල හිතන කවුරුහරි ඉන්නවද?

:       0       43

sunanda Thursday, 02 July 2020 03:25 AM

බදියුදීන් විපක්ෂේ ඉන්න නිසා ඔක්කොම ප්‍රශ්ණ... එන්නකෝ... ඔක්කොම ප්‍රශ්න ඉවරයි.

:       59       43

Parakramabahu Thursday, 02 July 2020 05:45 AM

මේවා ඔයිට කලිනුත් තොරතුරු තිබ්බනේ මාධ්‍යවල, ඒත වැඩක් වුණාද? එපාවෙලා තියෙන්නේ මේවා අහලාම, කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැනේ.. කියව කියවා ඉන්නවා විතරයි මේ ආණ්ඩුවත්... අපිට මේවා දාන්න එපා රටේ නීති අංශ වලට දාලා අපරාධකරුවන් අල්ලන්න පම්පෝරි නැතුව...

:       0       1

eresh S kumara Friday, 03 July 2020 11:22 AM

සිත්ගන්නාසුළු වට්ටම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක්
2025 පෙබරවාරි මස 08 669 1

එරාවුර් පොලිස් ස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ (SLMC) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාට පුද්ග


පාස්පෝට් කාර්යාලයට නව පොලිස් මුරපොළක්
2025 පෙබරවාරි මස 08 1023 3

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිනෙන ජනතාව ආරක්ෂාව සඳහා සහ ජනතාවට සහාය සඳහා නව පොලිස්


’බිම්ස්ටෙක්’ මහලේකම් අගමැති හරිනි හමුවෙයි
2025 පෙබරවාරි මස 08 345 0

’බිම්ස්ටෙක්’ සංවිධානයේ මහලේකම් සහ තානාපති ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාල


ත්‍රීරෝද රථයක් ලොරියක ගැටී අයෙක් මරුට
2025 පෙබරවාරි මස 08 425 0

පොළොන්නරුව දීපඋයන ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ත්‍රීරෝද රථයක් ගැටී අද (08) සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස්, තිදෙනකු බරපතල තු


පොලිස් ලොක්කෝ 6කට ස්ථාන මාරු
2025 පෙබරවාරි මස 08 1374 1

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි


ලී කොටන් දෙකකට යටවී අයෙක් මරුට
2025 පෙබරවාරි මස 07 1200 0

ලොරියකින් ලී කොටන් බාමින් සිටී පුද්ගලයෙකු ලී කොටන් දෙකකට යටවී මියගොස් ඇති බව එගොඩ උයන පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 39 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 109 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 841 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site