IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුට පිං පැමිණවීමට ආ පූජකවරයෙකු අත්අඩංගුවට

(බිමල්  ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය තුළදී බෝම්බය පුපුරවාගත් වැල්ලම්පිටිය තඹ කම්හලේ හිමිකරු මොහොමඩ් ඊබ්‍රාහීම් ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට පිං පැමිණවීම සඳහා පැමිණි බවට සැකකරන පූජකවරයකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු  කොල්ලුපිටියේ පිහිටි බෝම්බකරුගේ බිරිඳගේ නිවසේදී අත්අඩංගුවට ගත් බව  කොල්ලුපිටිය පොලිසිය කියයි.

ඔවුන් පැමිණ තිබූ ත්‍රී රෝද රථයක් මෙන්ම නිවස තුළ තිබී ඩ්‍රෝන කැමරාවක් ද පොලිසිය බාරයට ගෙන තිබේ.

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටින බෝම්බකරුගේ බිරිඳගේ නිවසට සැකකටයුතු කිහිපදෙනෙකු පැමිණ සිටින බවට කොල්ලුපිටිය පොලිසියට ලද තොරතුරක් අනුව මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී ආගම දේශනා කිරීම සඳහා පැමිණි බව ප්‍රකාශ කළද පූජකවරයා ඇතුළු පිරිස පැමිණයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් මොහොමඩ් ඊබ්‍රාහීම් ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට පිං ලබා දීමට දැයි සොයා සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව පොලිස් නිලධාරියකු පැවැසීය.

අත්අඩංගුවට ගත් පූජකවරයා කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් අනෙක් පිරිස මාලිගාවත්තේ පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.



අදහස් (7)

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුට පිං පැමිණවීමට ආ පූජකවරයෙකු අත්අඩංගුවට

දිමිත්‍රි Tuesday, 14 May 2019 01:46 PM

පිං ලබාදීමට ආපු එකට අත්අඩංගුවට ගන්නේ කොහොමද?

:       0       0

උදය Tuesday, 14 May 2019 02:39 PM

උෟරු ලේ නාවලා භූමදානය කරාම පිං පමුණුවන්න පුලුවන්ද උලමාතුමෝ?

:       0       0

MFF Mohamed Tuesday, 14 May 2019 02:41 PM

වෙඩි තියල දාන්න තියෙන්නේ... උන්ට මොන පින්ද? හොඳට නිදහසේ ජීවත් වුණු, අපේ නිදහසත් නැති කරපු පාහරයන්...

:       0       0

Bamunuarachchi Tuesday, 14 May 2019 04:09 PM

මොවුන් අපිට පව් දෙනවා...

:       0       0

mf Tuesday, 14 May 2019 07:41 PM

සියයට 100ක් ශුවර්.. මුනුත් අයිසිස් ත්‍රස්තවාදීන්... මරණ දඬුවම දෙන්න.

:       0       0

Don Tuesday, 14 May 2019 09:36 PM

මැරුණ එකාට පින් ඕනෑ නෑ. ඌ ස්වර්ගයට ගියා කියන්නේ...

:       0       0

thushara Wednesday, 15 May 2019 04:12 AM

ඕක සුළු දෙයක්... හෙට දවල් වෙනකොට නිදහස්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site