
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 52% ක් කාන්තාවන් වන බැවින් මෙන්ම විශේෂයෙන් එයට අයිති පාසල් වයසේ දැරියන් පිළිබඳව අවධානය යොමු කරමින් ‘සනීපාරක්‍ෂක තුවා’ අත්‍යඅවශ්‍ය භාණ්ඩයක් බවට පත්කරන ලෙස සමඟි ජනබලවේගයේ පත්කළ මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය අද (24) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියාය. රජය ‘සනීපාරක්‍ෂක තුවා’ සඳහා 15% ක වැට් බද්ධක් පැනවීමට කටයුතු කිරීම මෙම ඉල්ලාසිටීමට හේතුව බවට පත්විය.
ආණ්ඩුව ඉදිරිපත් කළ 2021 අයවැය පිළිබඳව විවාදයට එක්වෙමින් ඩයනා ගමගේ මහත්මිය වැඩි දුරටත් මෙසේ ද පැවසුවාය.
“සනීපාරක්‍ෂක තුවාවලට 15% ක වැට් බද්දක් ගහලා තියෙනවා. මම ඉල්ලා සිටිනවා ගරු අගමැතිතුමාගෙන් සහ ජනාධිපතිතුමාගෙන් මේක අත්‍යඅවශ්‍ය භාණ්ඩයක් කරන්න කියලා”
“මෙය මානුෂීය සහ සෞඛ්‍ය දෙයක් හැටියට මම කථා කළ යුතුමයි. මේ රටේ ජනගහණයෙන් සියයට 52 ක් කාන්තාවන් ඉන්නවා. ඒ කාන්තාවන්ගේ සෞඛ්‍ය ප්‍රශ්නයක් සහ මානුෂීය ප්‍රශ්නයක් වෙලා තියෙනවා”
“ජනගහණයෙන් සියයට 52 ක් කාන්තාවො. අනිත් එක අපේ දැරිවියො”
“මේ ප්‍රශ්නය නිසා පාසල් යන දැරිවියො සියයට 50 ක් පාසල්වලට යන්නෙ නෑ. ඒ නිසා මෙයට අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා”
“දූවරුන් සියයට 50 ක් හැම මාසයකම පාසල් යන්නේ නෑ. මුදල් ඇමතිතුමා අද මෙතන ඉන්නවා. මම හිතනවා එතුමා අවධානය යොමු කරයි කියලා” යැයි මන්ත්‍රීවරිය වැඩි දුරටත් පැවසුවාය.
COMMENTS
අනේ අර සජිත් මහත්තයා ඕවා බෙදනකොට කෑගහපු අය අද 15% ගාණ වැඩි කරලාද? ස්තුතියි සර්...!!!
බදු නෙවෙයි. මේවාට සහන දෙන්න ඕනෙ දේවල්. හෙණ ගහනවා....
මෙයානේ 20ට සහාය දුන්නේ. ලැජ්ජා නැතිකම තමයි.
ඡන්දය දුන්න 69 ලක්ෂයෙන් බාගයකටත් වැඩිය ඉන්නේ කාන්තාවන්නේ... එයාලා සනීපාරක්ෂක තුවා නොමිලේවත් එපා කිව්වනේ. ඉතින් දැන් මොකටද කෑගහන්නේ...?
ඩයනා තමයි ලංකාවේ ඉන්න අලුත්ම කෙනා.
මේවා ලංකාවේ නිෂ්පාදනය කරන්න බැරිද?
එ්ක ඔබලාට අත්‍යාවශ්‍ය වුණාට පිරිමි අපිට වැඩක් නැහැ. ගැහැණුන්ටත් එය අවශ්‍ය ටික කාලකටයි. එමනිසා එය අත්‍යාවශ්‍ය භාණ්ඩයක් නොවෙයි. හැම කාන්තාවක්ම තුවා හොයහොයා යන්නේ නැහැ.