



ඡායාරූප - ඉෂාන් සංජීව




ඡායාරූප - ඩික්සන් වසන්ත
(මුදිතා දයානන්ද)
අපේ පරමාධිපත්‍යය තහවුරු කරලා අපි අපේ ක‍්‍රමයට කටයුතු කරන්න සූදානම් කියලා අපේ විදේශ ඇමැති ජීනීවා වලදී කරපු ප‍්‍රකාශයෙන් ඩී. එස්. සේනානායක ප්රතිපත්තිය අපි ඉදිරියට ගෙනවිත් තිබෙන බව තහවුරු වෙනවා යැයි අගමැති රනිල් වික්රමසිංහ මහතා අද (22) පැවසීය.
අගමැති රනිල් වික්රමසිංහ මහතා මෙසේ පැවසූයේ නිදහස් චතුරස‍්‍ර පරිශ‍්‍රයේ පැවති ඩී. එස්. සේනානායක 67 වැනි අනුස්මරණ උත්සවයට සහභාගී වෙමිනි.
එහිදි අගමැතිවරයා මෙසේද පැවසීය.
‘අපි ඉදිරියට ගෙන යන්නේ ඩී.එස්. සේනානායක ප‍්‍රතිපත්තියයි. ඒ බව ඊයෙත් අදත් ජීනිවා වලදී තහවුරු වී තිබෙනවා. අපේ රටේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව නඩු අහන්න ජාත්‍යන්තර අධිකරණයක් අවශ්‍යයි කිව්වා. ඒත් අපේ විදේශ ඇමැති ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේදි ප‍්‍රකාශ කළා එහෙම අවශ්‍ය නැහැ. අපි ප‍්‍රජාතන්ත්‍රවාදී රටක්. අපේ රටේ ස්වාධීන අධිකරණයක් තිබෙනවා. ඒක ජාත්‍යන්තරයම පිළිඅරන් තිබෙනවා. ඒ නිසා අපිට මේ යෝජනාව පිළිගන්න බැහැ කියලා ඔහු කිව්වා. ඒ වගේම එතුමා මානව හිමිකම් කොමසාරිස්වරියට කිව්වා ඔබතුමියට හෝ වෙනත් ඕනම කෙනෙකුට ඕනම වෙලාවක අපේ රටට එන්න ඇවිත් බලන්න. ඒකට අපේ බාධාවක් නැහැ. නමුත් මේ ජාත්‍යන්තර අධිකරණ අපිට පිළිගන්න බැහැ කියලා. අපි ඒ පෙන්නුවේ අපේ ස්වාධීනත්වය. ඒක කොයිතරම් දුරට සාර්ථක වුණාද කියලා කියනවා නම් රටවල් කීපයක් ඉදිරිපත් කළ යෝජනාව නිතරයෙන් සම්මත වුණා.’
‘ඇයි මෙහෙම තත්ත්වයක් ඇති වුණේ? එදා ලංකා ආණ්ඩුව 2009 දී එක්සත් ජාතීන්ගේ මහලේකම් සමඟ ඇති කරගත් ගිවිසුම අනුවයි මේක සිද්ධ වුණේ. එදා එකඟ වුණා ජාත්‍යන්තර අධිකණයට යන්න. ඒක කරන්නේ කොහොමද කියලා එදා කල්පනා කළේ නැහැ. ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය වුණා නම් මානව හිමිකම් කඩවුණා නම් ඒක අපේ රටේ ස්වාධීන අධිකරණයෙන් එය කළ හැකි බව අප අද පෙන්වා දී තිබෙනවා. රණවිරුවෙක් වුණත් ත‍්‍රස්තවාදියෙක් වුණත් මානව හිමිකම් කඩකර තිබෙනවා නම් අපිට පුළුවන් අපේ අධිකරණයෙන් ඒ ගැන නඩු අහලා අවශ්‍ය දඬුවම් දෙන්න.’
COMMENTS
චණ්ඩියා වෙලා වගේ?
හැබෑවටම ඔබතුමා ඔය සැබෑවක්ද කියන්නේ? සේනානායක මැතිතුමා කවදාවත් හොරකම් කරන උදවිය ආණ්ඩුවේ මර්මස්ථාන භාරව පත් කලේ නැහැ. හොර පාස්පෝර්ට් කාරයින්ව බලපෑම් කරලා නිදහස් කලේ නැහැ. අරක කරනවා, මේක කරනවා කියලා බොරු පම්පෝරි ගහලා කියපු දෙයක් කරගන්න බැරි වෙලා අපකීර්තියට පත් වුනෙත් නැහැ. අපේ රටේ ප්‍රධාන පූජනීය ස්ථාන තිබියදී ඉන්දියාවේ කෝවිල් ගානේ ගිහින් ආරක්ෂාව ඉල්ලා සිටියේත් නැහැ. ප්‍රශ්නයක් වෙන කල් නිදාගෙන ඉඳලා ප්‍රශ්නයක් ඇති වුණාම ඒක නිරාකරණය කරගන්න කඩියා වගේ වැඩ කරලා ඊට පස්සේ ආපහු නිදාගත්තෙත් නැහැ. සේනානායක මැතිතුමා නිර්මාණය කළ සේනානායක සමුද්‍රය, ගල් ඔය ව්‍යාපාරය වගේ දේවල් අදටත් රටට සෞභාග්‍යය ලබාදෙනවා. සමහරු ඒ නිසාම සේනානායක මැතිතුමා දේවත්‍යයෙන් පවා සලකනවා. ඔබතුමා පක්ෂයත්, පාක්ෂිකයිනුත් නන්නත්තාර කරා මිස කරපු දෙයක් පෙනෙන්නට නම් නැහැ. ලබන මැතිවරණයේදී කල් යල් බලා සුදුස්සෙක් තෝරාගත්තේ නැත්නම් ඉතින් එජාපයටත් එජාපයේ සාමාජිකයින්ටත් අබසරණම තමයි ඉතින්....
තියෙනවා... තියෙනවා කරුණාකරලා ජනතාවගේ සුභසිද්ධිය සඳහා කරුණාකරලා දේශපාලනයෙන් ඉවත් වෙනවද?
සේනානායක උන්නැහේ හිටියා නම් අද දවසේ .. පළමුව කන පලන්නේ සුත්තර පුංචාගේ.. ලූලා නැති ගඟට මේ කනය නිවටයනේ... යන්න කියමින් එය නිවැරදි බව කිව්වනේ....
කමක් නෑ.. කමක් නෑ ඔහොම සංදර්ශන පවත්වන්න... මොකද මේ තමයි ඔබතුමා ජීවිතේටම අගමැති තනතුර දරන අවසාන කාලය...
අලුත්ම ආයෝජනය (මගඩිය) තමයි... හම්බන්තොට පිරිපහදුව. (වොක්ස්වැගන් වගේ)
ඔය කියන්නේ මේ ඡන්දයක් කිට්ටු වෙනකොට නේද?
දේශීයත්වයට හිතැතිව අමුඩයලාගෙන ගොවීන් සමග එකට හිටගත් සේනානායක මහතාට අපේ ගෞරවය හා කැමැත්ත අදටත් එහෙමයි. මෙයා සේනානායක වගේ වෙයිද මේ කියන විදිහට?
සිරිමල්,ඉතාම නිවැරදියි.
සේනානායක ප්‍රතිපත්තිය මීට වඩා ලස්සනට ඉදිරියට ගෙන යා හැකි උදවිය ඔය පක්ෂයේ ඉන්නවා.
මගේ ප්‍රශ්නය මේකයි. සේනානායක හරි බණ්ඩාරනායක හරි මොන නායක වුනත් 50 දශකයේ ගැටගහගත්ත පක්ෂ ප්‍රතිපත්ති මේ යුගයට ගැලපෙනවද? තාමත් ඒව කරගහගෙන ඒ මත්තෙ නැහි නැහී පම්පෝරි ගගහ ඉන්නව නම් අපි වගේ හරක් ජාතියක් කොහෙවත් නෑ .