(සුජිත් හේවාජුලිගේ)
සෙනඟ පිරුණු බස් රථවලින් කොවිඩ් රෝගය බෝවීම ස්ථිරයෙන්ම සිදුවන්නේ යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.
රටේ ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් පූර්ණ එන්නත්කරණයකට ලක්වනතුරු ඉදිරි මාස දෙක තුළ හැකි තරම් සංචරණ සීමා කරන්නැයිද ඇය ඉල්ලා සිටින්නීය .
පොදු ප්‍රවාහනයේදී ජනතාව සෞඛ්‍ය නීති ගැන වඩාත් සැලකිලිමත් විය යුතු බව පැවසූ ගුණරත්න මහත්මිය අනිවාර්යෙන්ම මුව ආවරණ පැළඳ පොදු බස් රථවල ගමන් කළ යුතු බවද සඳහන් කළාය
COMMENTS
දුම්රියේත් ඒ වගේමයි ,ඩොක්ටර් .
එවැනි දේ ගැන පැමිණිල්ලක් කරන්නේ කෙසේදැයි මට දැන ගැනීමට ඉඩ දෙන්න.
ඔබතුමියට ලොක්කගෙන් කෝල් එකක් එයිද දන් නෑ දුක සැප අහල.
බස් වලට හැම පැත්තෙන්ම ටැක්ස් ගහලා දැන් කියනවා සෙනග අඩුවෙන් අරගන්න කියලා .මුන් ඔක්කොම මාධ්‍යට ඇවිල්ල බයිලා ගහනවා
මැඩම් ඔබලා කියන දේට ඇහුම් කන් දෙන නායකයින් කවදා මේ සිරිලක බිහිවේවිද? මෙතරම් තහංචි මැද රටට යථාතත්වය ගැන කීම ගැන ඔබට ස්තුතියි. කවුරුත් දුටුවාද GMOA එකේ නිහඬ බව මෑතක සිට...?
මෙයාලා කියයි රට ඇරලා දාලා දැන් කියවනවා.
ඕව කියන්න ඉස්සරවෙලා සර් ගෙන් අහලා බලන්න
ආයතන හැම එකකම සේවකයන් සියල්ලන්ම ගෙන්වලා.. ප්‍රමාණවත් තරම් බස් නැහැ. ඉතින් තෙරපි තෙරපි හරි මිනිස්සුන්ට යන්න එන්න වෙනවා...
එන්නත් වාර 02ම ඉවර වෙනකල් තිබුණා නම් හරි... අනේ මන්දා රජයට මේ වගේ උපදෙස් දෙන්නේ කවුද කියලා... දැන් ළමයිනුත් අමාරුවේ... මොනවා වුණත් හැමදේම කරන්නේ ජීවත් වෙන්න.
දුම්රිය අවුලක් නැද්ද? අපි නම් යන්නේ පොල් පටවලා... එන්න කිව්වා... යනවා.
බයවෙන්න එපා අමුනුගම හාදයා හැම බස් එකක්ම චෙක් කරනව කිව්ව.
එන්නත්කරණය සීඝ්රවම කෙරෙන මේ මොහොතේ තව සති දෙකක් ඉවසුවා නම් හොඳයි නේද ?නිසි වෙලාවට නිසි තීරණ තීන්දු ගන්න සර්ට සහ උපදේශකයන්ට බැහැ
ඩොක්ටර් ,ඔබලාට වගේ තීරු බදු රහිතව ලැබෙන කාර් අපට නැත .බස් එකේ නැතිව අපි පයින් යන්නද ?
රජයේ සියළුම සේවකයන් සේවයට කැඳවනවිට දුම්රිය, බස්රිය පිරී ඉතිරීයන එක අහන්නත් දෙයක්ද? මේකට උපදෙස් දුන් මොලේ උදුම්මවාගත් ජයසුන්දර වගකිව යුතුයි.
ආණ්ඩුව විවේචනය කරන සියල්ලෝ ද්‍රෝහී ලෙස සලකන රටක කුමන කතාද? ඔක්කෝම රජයේ සේවකයින්ට වැඩට එන්න කිව්වා. ප්‍රවාහන පහසුකම් අවමයි. කෝච්චිය කෝවිඩ් තවානක්... බූරු ඇමතියන් ප්‍රකාශ නිකුත්කර ඇඟ බේරාගන්නවා. අනාගත්ත රජුගේ රාජ්‍ය සභාව වගේ.