IMG-LOGO

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා


සෞදි ජාතිකයින්ට ලංකාවෙන් පිටව යන්නැයි දැනුම් දෙයි

(තිළිණි ද සිල්වා)

මෙරට රැඳී සිටින සෞදි අරාබි ජාතිකයින්ට පිටව යන ලෙස ශ්‍රී ලංකාවේ පිහිටි සෞදි තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් හරහා උපදෙස්  ලබාදී ඇති බව සෞදි රජයේ රූපවාහිනි සේවාව නිවේදනය කර ඇත.

ඉකුත්  පාස්කු ඉරිදා පුද්ගලයින් 250 කට අධික පිරිසකට මරු කැඳවමින් ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇතිවී තිබෙන වත්මන් ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ පිහිටි සෞදි තානාපති කාර්යාලය මෙම නිවේදනය නිකුත් කර ඇති බව ගල්ෆ් නිව්ස් සේවය වාර්තා කර සිටී.

ඉදිරියේ දී මෙරට තුළ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් විසින් යළිත් වරක් ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිවරිය විසින් රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් සිදුකළ ප්‍රකාශයෙන් පසු සෞදි තානාපති කාර්යාලය වත්මන් ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගැනීමට තීරණය කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

 



අදහස් (21)

සෞදි ජාතිකයින්ට ලංකාවෙන් පිටව යන්නැයි දැනුම් දෙයි

Buddika Wednesday, 01 May 2019 04:50 AM

අනේ ලොකු දෙයක් යනවා නම්, ගොඩක් පින් එහෙම යන එකට, ආයිත් එන්න එපා....

:       448       880

LASITHWednesday, 01 May 2019 07:16 AM

මෝඩ කතා කියන්න එපා රටෙන් විදේශිකයෝ පිටවෙනවා කියන්නේ රටට හොඳ මදි....

:       342       176

Chanak Los angelesWednesday, 01 May 2019 02:38 PM

මෝඩකතා වෙන්නේ කොහොමද? රටේ පවතින වාතාවරණය අනුව ආරක්ෂාවට ගන්නා තීරණ. බොරදියේ මාලුබාන අයට මේවා පෙනෙන්නේ වැරදි ලෙසටයි.

:       17       90

BamunuarachchiWednesday, 01 May 2019 08:13 AM

එතකොට එහෙ රැකියා කරන දස දහස් ගණනක් ලාංකිකයනුත් මෙහාට ගෙන්වා ගන්නවාද? මෙහෙම හිතන මේගොල්ලෝ තමයි 2015 ආණ්ඩු වෙනස් කලේ.

:       343       53

BamunuarachchiWednesday, 01 May 2019 08:15 AM

නමට ගැලපෙන අදහසක් ලිව්වානම් වටිනවා.....

:       147       27

Chanak Los angelesWednesday, 01 May 2019 02:33 PM

ඇත්ත.. අර ඝෝඨාභය වගේ නේද? ඔහු යුද්දෙට භයේ පිටරටකට මාරුවුණේ නමටම ගැලපෙන විදියට..

:       407       390

BamunuarachchiWednesday, 01 May 2019 04:54 PM

චානක, දන්නා දෙයක් කතා කරන්න. ඔයාලා වගේ අය නිසා තමයි මේ නස්පැත්තිය සිදු වුනේ.

:       120       229

sunanda Wednesday, 01 May 2019 05:36 AM

සිතන්නට යමක් තිබෙන බව පැහැදිලියි .......

:       186       284

Akila Wednesday, 01 May 2019 06:11 AM

අපු වැඩේ හරිනේ දැන් ? ඉතුරු ටික ලංකවේ ත්‍රස්තවාදී ටික බලාගනීවි

:       525       501

rohana kumara mendis Wednesday, 01 May 2019 06:28 AM

බුද්දික එතකොට එයාලත් අපේ ලංකාවේ අයට ඒ රටවලින් රැකියා කරන අයට රටින් පිට වෙන්න කීවොත් මොකද වෙන්නේ? ලංකාවේ හොදම විදේශීය අදායම වගේම පවුල් කීයක් රැකෙනවද ? අපේ අසරණ දුප්පත් මන්නුස්සයනට යන කල මොකක්ද?

:       771       1130

abaranWednesday, 01 May 2019 07:56 AM

ඕක හින්දා තමයි අපි අවුරුදු ගානක ඉඳලා කියන්නේ අපේ රටේ කාන්තාවන් ගෘහ සේවයට අරින්ට එපා කියලා. මෝඩ මිනිස්සුන් විසින් පත් කරන ආණ්ඩු වලට මේවා විසඳන්ට හැකිද? ඉස්සෙල්ලම රටේ ආර්ථිකය අපිම හදා ගන්නා තුරු මේ ප්‍රශ්නය විසඳිය නොහැකියි...

:       29       211

pakeer Wednesday, 01 May 2019 07:06 AM

විසා දීමේදී ඉදිරියේදී හුඟක් ඉන්ටෙල් යොදාගන්න වෙයි........

:       3       10

sam Wednesday, 01 May 2019 08:30 AM

මුන් මෙහේ ආවේ මොකටද කියල පරික්ෂා කරලා, ආයිත් ලංකාවට ජීවිතේට එනද එපා කියල යවන්න...... ඔවුන් තමයි ත්‍රස්තවාදීන්ට කිරි පොවලා හදන්නේ.......

:       86       204

Chanak Los angeles Wednesday, 01 May 2019 02:28 PM

අර පල්ලි 200ක් හදලා දුන්නා ඒ පල්ලිවලට ගිය පළමු බෞද්ධයා මමයි කියපු සාටකතුමාගෙන් කිසිම සද්දයක් නැහැ නේද?

:       165       356

BamunuarachchiWednesday, 01 May 2019 04:56 PM

කොයි පල්ලියටද ගියේ?

:       25       89

Chanak Los angelesWednesday, 01 May 2019 09:32 PM

කියන්නේ හැමදේම දන්නවාලු ඒක දන්නේ නැහැ ?

:       0       35

SenaSunday, 05 May 2019 07:47 PM

මඩකළපුවේ ඉදිවන ෂරියා නීතිය උගන්වන විශ්ව විද්‍යාලය හා විද්‍යාලය සඳහා ගිවිසුම් අත්සන් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ. ෂරියා නීතිය යටතේ පිහිට වූ සංවිධාන ද තිබෙනවා. 2013 වසරේ මැයි මස 13 දින අකුරණ ප්‍රදේශයේ විද්‍යාලයක් නීතිගත කර තිබෙනවා. ෂරියා නීතිය යටතේ 2011-2012 වසර වල දී විද්‍යාල නීතිගත කර තිබෙනවා. ෂරීයා නීතිය ගැසට් මගින් ප්‍රකාශයට පත් කළේ ද 2013 වසරේ අප්‍රේල් මස 19 වන දායි. ඉස්ලාමීය දේව දර්මය ප්‍රචලිත කිරිම එහි අරමුණ වී තිබෙනවා. ශ්‍රී ලංකාව තුල ෂරීයා නීතිය යටතේ දේවස්ථාන 200 ක් 2015 වසරට පෙර ඉදිකර තිබෙනවා.

:       0       0

Kriss Wednesday, 01 May 2019 05:11 PM

මෙම බෝම්බ ප්‍ර හාරය කරණ කොටගෙන බොහෝ දේ සිතා ගත යුතුයි. එයින් එකක් වන්නේ රටේ ආර්ථික ක්‍රමයයි. රටෙහි ප්‍රධාන ආදායමෙන් එකක් වන අපගේ කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස අරාබි රටවලට යැවීම බව සත්‍යයකි. නමුත්, එය ආඩම්බර විය යුතු දෙයක් ද? අපේ රටේ වෙනත් වෘත්තිය රැකියාවක් කිරීමට අපේ කාන්තාවන් පුහුණු කිරීමේ ක්‍රමයක් නිර්මාණය කළ නොහැකිද? රටෙහි පාලකයන් මෙම කාරණය කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

:       0       163

VajiraThursday, 02 May 2019 05:53 AM

තම භාර්යාවන් ගෙන් යැපෙන අපේ පිරිමි ලැජ්ජා විය යුතුයි.

:       0       36

Perera Friday, 03 May 2019 03:44 AM

සෞදි අරාබියේ විතරක් ලක්ෂ 6 ඉන්නවා. කුවේට් ලක්ෂ 3 ඩුබායි ලක්ෂ 3, ලේබනොන් ලක්ෂ 1, ඕමාන ලක්ෂ 1 කටාර් ලක්ෂ 2. මේ ඔක්කොම ගෘහ සේවිකාවන් නෙවෙයි. සවුදියේ ලක්ෂ 6 කියන්නේ ලංකාවේ ජනගහනයෙන් හතෙන් එකක් (පවුලක 5 ඉන්නවා කියා උපකල්පනය කලොත් මිලියන් 3) යැපෙන්නේ සෞදියෙන් හම්බ කරන සල්ලි වලින්. මුළු ලංකාවෙන් භාගයක් විතර (මිලියන් 8 විතර ) යැපෙන්නේ මැද පෙරදිගින්. සෞදිය කලකට පෙර යේමන් ජාතිකයන් ලක්ෂ 8 ගෙදර යැව්වා එක රැයින්. මේක විය හැක. මේක අනුගමනය කරලා අනිත් මැද පෙරදිග රටවල් ටිකත් යැව්වොත් ප්‍රශ්න වැලක් තමා. අභිමානය කියල කයිවාරු ගහන තරම් ලේසි නෑ යථාර්ථය.

:       4       4

Sunny Monday, 06 May 2019 08:04 AM

මගේ අදහස නම් සියලු ගෘහ සේවිකාවන් සියලුදෙනා ආපසු ගෙවා ගත යුතුය. සල්ලි ගැන හිතුවොත් අපට බෙලලේ පුඩුව තදවෙන කාලය වැඩි දුර නොවී.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

මහ පුවරුව

ගල්ඔයේ ඉවුර කැඩී කුඹුරු අක්කර 1000ක් යට වෙයි
2025 ජනවාරි මස 20 1648 0

ඉගිනියාගල සේනානායක සමුද්‍රයෙන් ගල්ඔයා ගගට නිකුත් කරමින් පවතින ජල ධාරාවන් හේතුවෙන් ගල්ඔය ගංගාවේ දකුණු ඉවුර දීඝවාපීයට ආසන්න නයිනකාඩු ප්‍රදේශයෙන් අ


දුම්රිය ආසන තත්පර 30න් අවසන්
2025 ජනවාරි මස 19 5452 18

උඩරට මාර්ගයේ දුම්රිය ආසන මාර්ගගත ක්‍රමයට වෙන් කිරීමේදී ඊයේ (18) දිනට සියලුම ආසන තප්පර 30 ක් ගතවීමට පෙර අවසන් වූ බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.


වෙඩි තබා පැනගන්න බැරිවේ
2025 ජනවාරි මස 19 5319 3

ගල්කිස්ස බඩෝවිට සිරිපාල පාරේදී අද(19) දහවල් පුද්ගලයකුට වෙඩිතබා යතුරු පැදියෙන් පළා ගිය වෙඩික්කරු සිද්ධියේ වෙඩික්කරු ඊට සුළු වේලාවකට පසු දෙහිවල ධර්මාම


බස් -බස් ගැටී 57ක් රෝහලේ
2025 ජනවාරි මස 19 1446 4

පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් ගන්දර, තලල්ල ප්‍රදේශයේ අද(19) සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් 57 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.


අටවෙනි පුදුමය අවට වනාන්තර කැලෑ පළුවෝ අල්ලති
2025 ජනවාරි මස 18 3028 18

ලෝකයේ අටවෙනි පුදුමය ලෙස හඳුන්වනු ලබන සීගිරියේ ගල සහ පිදුරංගල ගල පෙනෙන මානයේ සීගිරිය අභයභූමියට මෙන්ම වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ රජය සතු මහා වනාන්තර


විදුලි බිල සියයට 20කින් පහත දමයි
2025 ජනවාරි මස 17 4152 13

විදුලි ගාස්තුව සමස්ත වශයෙන් සියයට 20 කින් අඩු කිරීමට තීරණය කළ බවත් ඇතැම් පාරිභෝගික කණ්ඩවලට සියයට 30 කට වැඩි විදුලි ගාස්තු අඩු වීමක් වන බවත් ශ්‍රී ලංකා මහජ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 400 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 613 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 333 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site