සෞදි අරාබියේ කාන්තාවන්ට පනවා තිබූ සීමා හා තහංචි රැසක් රාජකීය නියෝගයක් මගින් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව වයස 21ට වැඩි සෞදි කාන්තාවන්ට පිරිමි භාරකරුවකුගේ අවසරයකින් තොරව විදේශ සංවාරයේ යෙදීමට අවසරය හිමි වී තිබේ.
මීට අමතරව විවාහ, දික්කසාද හා දරු උපත් ලියාපදිංචි කිරීමේ අවසරය ද කාන්තාවන්ට ලැබී ඇත.
කාන්තාවන්ට අදාල රැකියා නීති රීති ද වෙනස් කර ඇති අතර ලිංගිකත්වය, ආබාධ හෝ වයස් භේදයකින් තොරව රැකියා ලබා ගැනීමේ අයිතිය හිමිව ඇතැයි බලධාරීහු සඳහන් කරති.
සෞදියේ ඉහළ පන්තියේ කාන්තාවන් කිහිපදෙනකු එරටින් පලායෑමට උත්සාහ කිරීමේ සිදුවීම් කිහිපයක් පසුගිය කාලයේ වාර්තා වූ අතර විචාරකයින් පවසන්නේ මෙම නීති සංශෝධන ක්‍රියාවලියට එය යම් බලපෑමක් ඇතිකරන ලද බවයි.
මෙසේ නීති සංශෝධනය කිරීම සම්බන්ධව බොහෝ සෞදි කාන්තාවන් සිය ප්‍රසාදය පලකර ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.
(බීබීසි ඇසුරිණි - 085)
COMMENTS
ඒකට අපේ රටේ කට්ටිය ඉල්ලලා කැමැත්තෙන්ම තහංචි දාගන්නවා. ඔවුන් දියුණු වෙනකොට අපේ රටේ අය ගෝත්රිකත්වයට ගමන් කරනවා.
එ්කට අපේ අය කුඩැල්ලා උස්සලා මෙට්ටේ තියනකොට ඌ රින්ගන්නේම කොහෙටදලුනේ...
එහෙ විවෘත කරනවා... මෙහෙ වහනවා..
ශ්‍රී ලාංකික ජනතාවට එදා ඉඳලම පිටරටකින් ලැබෙන, අහන ඕනම කුණු ගොඩක් බදාගන්න අයවලුන් බව ලෝකයම දනී.
මේකේ කමෙන්ට් දාලා තියෙන්නේ දාන්නම් වාලේ... අපේ රටේ කාන්තාවන්ට ඕනෑතරම් නිදහස තියෙනවා ඕනෑම දේකට... එය නොදන්නා ඔබ වැනි අයගැන කණගාටුයි.
මොහොමඩ් ඩී _ ඒ කියන්නේ ඔබ ශ්‍රී ලාංකිකයෙක් නෙමෙයිද? අන්තවාදය ඇතිවන්නේ අයහපත් පුද්ගලික ආත්මාර්ථකාමී ආකල්ප තුළිනි. ඔබ පිරිමියකු ලෙස ඔබේ නිදහස, සතුට සොයනවා නම් මතක තබාගන්න ඔබවද බිහිකලේ ගැහැණියකු විසින් බව, ගැහැණියකු යනු පිරිමියකුගේ රූකඩයක් නොවේය. ඔවුන්ටද පිරිමියකු හා සමාන අයිතිවාසිකම් ඇත.