(ටී.කේ.ජී.කපිල)
මෙරටට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 275 දෙනෙකු රියාද් නුවර සිට රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(07) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම ශ්‍රී ලාංකිකයන් සෞදි අරාබියේ රැකියා සදහා ගොස් සිටි පිරිසකි.
මොවුන් සෞදි අරාබියේ රියාද් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරන විශේෂ ගුවන් යානයෙන් උදෑසන 7.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මීට අමතරව කටාර් රාජ්‍යයේ දෝහා සිට අලුයම 1.45 ට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන්, කටාර් රාජ්‍යයේ නැව්වල සේවය සඳහා ගොස් සිටි ලාංකික නාවිකයෝ 5 දෙනෙක්ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම ගුවන් මගීන් පිරිස පැමිණි පසු පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට එම්බසි එකෙන් කරපු දෙයක් නැහැ... වැඩේ අවුල් කළ එක විතරයි කළේ.