(තිළිණි ද සිල්වා)
සෞදි අරාබියේ රියාද් සහ ජෙඩා හි රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටි තවත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 103 දෙනෙකු හෙට (19) දිවයිනට පැමිණෙන බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
එලෙස සෞදියේ රැදවුම් කදවුරු වල සිට රැගෙන අවසන් ලාංකිකයින් පිරිස මොවුන් වන බවත් , ඒ අනුව මොවුන් සවුදි ගුවන් සේවයේ SV 786 ගුවන් යානයෙන් අද මෙරටට එන බවද සෞදියේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති මධූක වික්‍රමාරච්චි මහතා කියයි.
සෞදියේ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය , ජෙදාහි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් කාර්යාලය සෞදි රජය හා ඒකාබද්ධව පසුගිය අප්‍රේල් මස සිට ආරම්භ කරන ලද මෙම වැඩපිළිවළ හරහා සෞදි රැදවුම් බාරයේ සිටි 180ක ලාංකික පිරිසක් මේවන විට දිවයිනට එවූ බවද වැඩබලන ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි
දිවයිනට ගෙන්වා ගත් ඒම පිරිස අතර පිරිමි 131සහ ගැහැණු 49 ක් සිටින බව තානාපතිවරයා පෙන්වා දුන්නේය.
COMMENTS