IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


සාදයක් වැටලු පොලිසියට ප්‍රහාරයක්

(ෂේන් සෙනෙවිරත්න)

මැණික්හින්න පොලිස් වසමේ ඕවිස්ස ප්‍රදේශයේ නිවසක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සාදයක් පවත්වන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව එම ස්ථානය පරීක්ෂා කිරීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයකු මැදවල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

පොලිසිය අදාළ ස්ථානයට යන විට අදාළ නිවසේ සාදයක් පැවැත්වෙමින් තිබී ඇති අතර කෝවිඩ් නිරෝධායන නීතිරීති අනුව ඒ ආකාරයේ සාදයක් පැවැත්විය නොහැකි බව පොලිස් නිලධාරීන් එහි රැස්ව සිටි පිරිසට දැනුම් දුන් අවස්ථාවේදී එය පිළිගැනීමට අකමැති වූ පිරිසක් පොලිස් නිලධාරීන් සමග බහින් බස්වීමක් සිදුව ඇති අතර ඒ අවස්ථාවේ ප්‍රහාරය එල්ල කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ .

පොලිස් නිලධාරීන් ගමන් ගත් ජීප් රථයට ද පහර දී ඇති අතර ඉන් ජීප් රථයේ ඉදිරිපස වීදුරුවට ද අලාභානි සිදුව තිබේ . සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 04 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරමින් පවතී .

 



අදහස් (6)

සාදයක් වැටලු පොලිසියට ප්‍රහාරයක්

බද්රානි Friday, 22 October 2021 08:38 PM

පොලිස් ජීප් රථවල වීදුරු බිඳලා ඵලක් නැහැ. අඬු කඩලයි යවන්න ඕනෑ. ලොකු මිනිස්සුන්ට හා සංචාරකයින්ට හෝටල් වල බාල් නටන්න කිසිම තහංචියක් නැහැ. දුප්පත් මනුස්සයින්ට තමයි ඔක්කොම නීති. පාලකයින්ගේ මුර බල්ලන් දාන්නේ නැහැ. ඔවුන්ට වැටුප් ගෙවන්නේ මේ රටේ දුගී ජනතාවගේ බදු මුදලිනි....

:       17       12

sisilSaturday, 23 October 2021 03:03 AM

පසුගියදා එරාවුර් ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන්ගත් තරුණයින් දෙදෙනාට අමානුෂික ආකාරයට පොලිසිය මගින් පහරදෙන ආකාරය දැකීමේදී ලංකාවේ පොලිසිය මෙතරම් අමානුෂිකද යන්න ඕනෑම කෙනෙකුට සිතේ. තරුණයින් අතින් වරදක් වන්නට ඇත. මෙම සිදුවීම කාලයේදී සිදුවුවකි. මෙම තරුණයා හිස් ආවරණ දමා සිටිනිසා පොලිසිය මගහැරෙන්නට හෝ පොලිසිය නොදකින්නට ඇත.. තරුණයින් අතින් වරදක් වී ඇත්නම් ඔවුන්ට දඩයක් ලබාදිය යුතුවේ. මෙවැනි අන්තවාදී ආකාරයට මිනිසුන්ට පහරදීම ඉතාම නින්දිත කිසිවකුට අනුමත කළනොහැකි ක්‍රියාවකි. ධර්ම චක්‍රය පැළඳ සිටින පොලිස් නිලධාරින්ට ඉවසීම පිළිබඳව පුහුණුවක් ලබා නොදෙන්නේද? නීතිය ආරක්ෂා කරන පිරිස නීතිය දැනදැනම නීතිය කඩකරනවා නම් ඔවුන් පොලිසියට නින්දාවකි. පොලිස්පතිවරයාට කොන්දක් තිබේ නම් අමානුෂික පහරදීමට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කර ඔහුව පොලීසියෙන් ඉවත් කළහොත් එය සමස්ත පොලීසියටම කරන ගෞරවයකි.

:       0       1

gunarathnaSaturday, 23 October 2021 07:26 AM

පොලීසිය මෙහෙම කරන්නේ මිනිස්සුන්ව ලෙඩවලින් බේරගන්න. නැතිව පොලිසියට වුවමනාවට මෙහෙම කරන්නේ නැහැ... ලොකු හෝටල්වල මෙහෙම කරනවා කියලා අපිත් එහෙම කරන එකද හරි..? ඔය පවුල්වල එක මිනිහෙක් හරි කොරෝනාවලින් මැරුණා නම් කාටද බනින්නේ? ආණ්ඩුවට නේද? යහපාලනේ ඔහොම වුණා නම් අද ඔතන දෙතුන් දෙනෙක් මැරිලා...

:       0       0

Don Saturday, 23 October 2021 04:00 AM

දේශපාලකයින්ට රොත්ත පිටින් එකතු වෙලා ඕන දෙයක් කරන්න පුළුවන්... මිනිහෙක්ට පාටියක් දාන්න තමයි බැරි... මේ ඊයේ රෑත් නයිට් ක්ලබ් එකක් විවෘත කළා...

:       0       1

කිරි පුතා Saturday, 23 October 2021 09:24 AM

මෙවැනි දෙයක් පොලිසියට දන්වන්නෙ නිරෝධායන නීතිවලට ආදරෙන් රට රකින්න කියන උතුම් අදහසකින් නොවෙයි කියලයි මට හිතන්නේ . එක්කො ඊර්ෂ්‍යාවවට නැත්නම් පෞද්ගලික කෝන්තරයකට. සද්දෙ ටිකක් වැඩි වෙලා කරදරයක් වෙන්නත් ඇති. කෙසේ වුණත් එතන හිටි මිනිසුන් පොලීසියට පහරදීලා ප්‍රශ්නය වවාගෙන.බීලා ඉන්න ඇති.

:       0       5

Ruwan Saturday, 23 October 2021 09:52 AM

බාර් ඕපන් නම්, හැම තැනම මිනිස්සු නම්, රට ඇරලා නම් තමන්ගේ ගෙදර අඳුනන අයත් එක්ක පාටි දාන්න තමයි බැරි..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1397 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1289 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site