IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සද්දන්තයන් 817ක් පසුගිය වසර තුනේදී මරා දාලා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

දිවයින පුරා  පුද්ගලයන් 263 දෙනකු අලි ඇතුන්ගේ පහරදීම්වලින් වසර තුනකදී (2019 සිට  2021 මාර්තු දක්වා) මියගොස් ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) පාර්ලිමේන්තුවට බාර දුන් එහි අලුත්ම වාර්තාවේ  සඳහන් වෙයි.

අලි මිනිස් ගැටුම නිසා එම කාලසීමාවේදී මියගොස් ඇති  අලි ඇතුන් සංඛ්‍යාව 817කි.

අලි ඇතුන් වැඩිම සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ 2019 වර්ෂයේදීය. මියගොස් ඇති අලි ඇතුන් සංඛ්‍යාව 407කි.

අලි මිනිස් ගැටුම නිසා එම වර්ෂයේදී මියගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව  122ක්  බව  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

අලි මිනිස් ගැටුම නිසා පසුගිය 2020 වර්ෂයේදී  අලි ඇතුන් 327 දෙනකු මිය ගොස් ඇති අතර  මියගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 113කි.

මේ අතර අලි මිනිස් ගැටුම නිසා පුද්ගලයෝ 28  දෙනෙක් සහ අලි ඇත්තු 83 දෙනෙක් මෙම වර්ෂයේ(2021)මාර්තු මාසය දක්වා කාලයේදී   මියගොස්  සිටිති.

අලි ඇතුන් ගෙන් ආරක්ෂාවීම  සඳහා සකස් කෙරුණු අලි වැටෙහි දිග පසුගිය වසරේ මාර්තු 31 වනවිට  කිලෝමීටර් 4756 කි. එම අලි වැටේ කොටසක්  අක්‍රියව පවතින බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා වාර්තාවේ සඳහන්වේ.

අලි මිනිස් ගැටුම තවමත් අඩුවීමක්වී නැතැයිද   කෝපා කමිටුව සඳහන් කරයි.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ විශේෂ  වාර්තාවක් එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.මෙම තොරතුරු සඳහන් වන්නේ එම වාර්තාවේය.



අදහස් (1)

සද්දන්තයන් 817ක් පසුගිය වසර තුනේදී මරා දාලා

sudath Friday, 05 November 2021 04:42 PM

දේශපාලනය සහ දේශපාලකයා කරපින්නාගත් රටක ප්‍රතිපත්ති සැලසුම්වලට තැනක් නැහැ.. රටම අනාථයි..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site