(මහින්ද නිශ්ශංක)
ලබන 9 දා සිට දින හතරක් කොළඹ කොටුව හා බදුල්ල අතර විශේෂ දුම්රියක් ධාවනය කෙරේ.
තෛපොංගල් උත්සවය හා සති අන්ත දිර්ඝ නිවාඩු වෙනුවෙන් මගීන්ගේ පහසුව සඳහා යොදවා තිබෙන මෙම විශේෂ දුම්රිය ලබන 9,10,12 හා 14 දිනවල ධාවනය කෙරෙන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) වී.එස්.පොල්වත්තගේ මහතා පැවසීය.
කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 7.35 ට ද බදුල්ල දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 8.30 ට පිටත්වීමට නියමිතය.
මෙම දුම්රිය සඳහා කලින් ආසන වෙන් කිරිමේ පහසුව සලසා තිබේ.
COMMENTS
කොයිතරම් දැම්මත් මනුස්සයෙක්ට ආසනයක් වෙන් කරවන ගමනක් යන්න බෑ.. කොයිවෙලේ ඇහුවත් කියන්නේ අාසන නෑ කියලා... මාස 3කට කලින් ඇහුවත් නෑ කියනවා. එ්ත් අාසන හිස්ව තියන් කෝච්චිය හැමදාම යනවා. මේවා කාගේ වැරැද්දද කියලා හිතාගන්න ඕනේ නැහැ. පුද්ගලික මැදිරි දෙකක් හැම කොච්චියටම අමුණන්න කාටවත් ප්‍රශ්නයක් නැහැනේ...
පුද්ගලික සමාගමෙන් මේ පගාව අරගෙන කියනවා සීට් නැහැ කියල වාඩි වෙලා යන්න ඕනේ මගීන් මේ පුද්ගලික මැදිරි වල ඉතාම වැඩි මුදලට ටිකට් ලබා ගන්නවා.මේ පුද්ගලික මැදිරි ජාවාරම අනවශ්‍ය දෙයක්.
සෑම ආයතනයකම මුහුණු දෙකක් තියෙනවා. එකක් හොද මුණ. ඒක ලොකු ම මිනිස්සුන්ට, මැති ඇමතිවරුන්ට. ඔවුන් සුරඟන ලෝකයක් මවා පාලා සංඛ්‍යා දත්ත ඉල්ලකම් වලින් ලොකු චිත්‍රයක් මවනවා. අනෙක් මුණ ඇත්තටම සිද්ධවෙන දේ. ඒක අත්විදින්නේ සාමාන්‍ය ජනතාව සහ ආයතනයේ වැඩ කරන සේවකයන් එතකොට මේ දෙපාර්ශවයන් කවදාවත් එකට මුණ නොගැහෙන යාන්ත්‍රණයක් හදල තියෙන්නේ. ඒ නිසා හැමදාම රට අදුරේ. මේ පරතරය බිදලා සංඛ්‍යා දත්ත ත්‍රස්තවාදයෙන් ඇමතිවරු නිදහස් උනොත් රට හදන එක සිම්පල්.