(සුජිත් හේවාජුලිගේ)
සති අන්තයේ දිගු නිවාඩුවක් යෙදී තිබුණත් සංචරණ සීමා පැනවීමට තීරණයක් ගෙන නැතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
කෙසේ වුවද පළාත් අතර සංචාර සීමා දිගටම ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.
රටපුරා කොවිඩ් ආසාදිතයන් විසිදාහක් පමණ ප්‍රතිකාර ලබන සහ ආසාදිතයන් දිනකට 1500කට අඩු සංඛ්‍යාවක් වාර්තා වෙමින් තිබෙන තත්වයක් යටතේ ඉතා කල්පනාකාරීව කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව පැවසූ යුද හමුදාපතිවරයා එසේ කටයුතු නොකළහොත් අවදානමක් මතුවිය හැකි බවද පෙන්වා දුන්නේය .
රට පුරා දැනට හුදෙකලා කර ඇත්තේ සීමිත ප්‍රදේශ සංඛ්‍යාවක් පමණක් බවත් එන්නත්කරණ වැඩපිළිවෙලද රට පුරා සාර්ථකව ක්‍රියාත්මකවෙමින් පවතින බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය
කොවිඩ් වැළඳී මිය ගිය පිරිසෙන් වැඩි දෙනෙකු එන්නත ලබා නොගත් අය බවද ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
205
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සති අන්තයේ සංචරණ සීමා පැනවීමේ අදහසක් නෑ
මහසෙන් Wednesday, 21 July 2021 06:14 PM
ඇයි එහෙම කවුරුත් දාන්න කීව ද? එහෙම දාන්න හේතුවක් නෑනේ.අනික පලාත් අතර සංචරණ සීමා වෙන හැටි රට්ටු දන්නවා.විහිලු සැපයීමෙත් සීමාවක් තියාගන්න මහත්තයෝ