IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සති අන්තය නුවරඑළිය සංචාරකයින්ගෙන් පිරෙයි

(රංජිත් රාජපක්ෂ)

මධ්‍යම කදුකරයේ බටහිර ප්‍රදේශවල මේ දිනවල අලුයම් කාලයේ පවතින අධික සිතල කාලගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම මල්තුහින පතිත වි තිබේ.

බගවන්තලාව වැනි ප්‍රදේශයකට මල්තුහින පතිත වු පළමු අවස්තාව මෙය බවත්, ඒ අනුව බගවන්තලාව ප්‍රදේශයට අද (26)  අධික සිතල කාලගුණයක් පවතින  බව ප්‍රදේශවාසිහු සඳහන්කලහ.

මේ අතර නත්තල් නිවාඩුවත් සමග නුවරඑලියට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බවත්,එසේ පැමිණි සංචාරකයන් නුවරඑලිය සංචාරක හෝටල් වල සහ නිවාඩු නිකේතනවල රැදි සිටි බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය පැවසීය.

සංවර්ධන කටයුත්තක් හේතුවෙන් නුවරඑලිය ග්‍රේගරි වැවේ ජලය  පසුගිය දිනවල මහ නගර සභාව විසින් හිස් කිරිමට පියවර ගත් අතර ,පසුව  නුවරඑලියට සංචාරකයන් පැමිණිමත් සමග ග්‍රේගරි වැවේ ජලය යලි පිරවිමට මහ නගර සභාව විසින් කටයුතු කර තිබුණි.

 



අදහස් (0)

සති අන්තය නුවරඑළිය සංචාරකයින්ගෙන් පිරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site