(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සතොස සුදුලූනු වංචාව සම්බන්ධයෙන් වෙළෙඳ ඇමැතිවරයාගේ මගපෙන්වීම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉහළම මට්ටමේ පරීක්ෂණයක් අරඹා ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවැසීය.
ඒ සම්බන්ධයෙන් තොරතුරු තිබේ නම් ඒවා ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය ඇමැතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්ද ඉල්ලීමක් කළේය.
මේ ආයතනවල වංචාවන් අදටත් සිදුවන බවත් අප කවුරුත් එය පිළිගන්නා තත්වයක් බවත් අලගියවන්න මහතා කීවේය
කෙසේ වෙතත් මෙම වංචා අවම කර ගැනීම ඉලක්කය බවද හෙතෙම පැවැසීය.
එම පරීක්ෂණ සඳහා තුෂාන් ගුණවර්ධන මහතා අනිවාර්යෙන්ම කැඳවිය යුතු බව පැවසූ අලගියවන්න මහතා ඒ තොරතුරුද ලබාගෙන පරීක්ෂණ කටයුතු නිම කරනු ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
පාරිභෝගික කටයුතු අධිකාරිය සහ සතොස ආයතනය අතර කිසිදු ගැටුමක් නැතැයි අලගියවන්න මහතා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
මේගොල්ලෝ මුකුත් දන්නේ නැහැ වගේ ඉන්නේ
“පහුගිය රජයේ හිටපු සමහර රජයේ නිලදාරීන් මේ ආණ්ඩුව වට්ටන්න මේව කරනවලු “ සුදු ලූනු හොරකම සීනි හොරකම සම්බන්දවවත් මේ කිසිම දෙයකට වත්මන් පාර්ලිමේන්තුවේ සිටින කිසිදු මන්ත්‍රී වරයෙකුට චෝදනා කල නොහැකි බවත් පහුගිය රජයේ හිටපු සමහර රජයේ නිලදාරීන් මේ ආණ්ඩුව වට්ටන්න මේ ආණ්ඩුව විනාස කරන්න රජයට විරුද්දව කටයුතු කරනු ලබන බව අනුරාධපුර පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් පවසලානේ.?