(යොහාන් භාසුර)
උත්සව සමයේ ජනතාවට සහන සැළසීම සඳහා සතොස අළෙවිසල්වලින් විශේෂ සහන මල්ලක් මිලදීගැනීමේ අවස්ථාව ලබාදී තිබේ.
සම්බා සහල් කිලෝ 10 ක් ඇතුළත් මෙම සහන මල්ල රුපියල් 1,998 කට ලබාගත හැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
සතොස ක්ෂණික දුරකථන අංකය වන 1998 අංකයට ඇමතීමෙන් සහ 011-5 201998 දුරකථන අංකයට ‘වට්ස්ඇප්’ පණිවුඩයක් යොමු කිරීමෙන් සහන මල්ල ඇනවුම් කළ හැකිය.
සම්බා සහල් කිලෝ 10 ක්, දුඹුරු සීනි කිලෝ 2 ක්, නූඩ්ල්ස් පැකට් 1 ක්, තේ කොළ ග්‍රෑම් 100 ක්, හාල්මැස්සෝ කරවල ග්‍රෑම් 250 ක්, සබන් කැට 2 ක් සහ පපඩම් පැකට් 1 ක් සහන මල්ලට ඇතුළත් වේ.
COMMENTS
මේක තමයි රටම අන්දන බොරු මල්ල...
මට හිතෙන ලෙසට.. සහන මල්ලක් ලැබෙන එක හොඳයි.. නමුත්, සහල් කිලෝ 10ක්ම වෙනුවට සහල් කිලෝ 5 ක්ද, ඊට ඉතාම අවශ්‍ය පරිප්පු කිලෝ 2ක්, පාන් පිටි කිලෝ 2ක් තෙල් බෝතලයක් එක් වෙනවා නම් ඉතාම අගෙයි.. රු. 5000/- කට වත්..