
(යොහාන් භාසුර)
දෙහිවල සත්වෝද්‍යානයේ උපත ලැබූ ක්ෂීරපායි සත්ව පැටව් පස්දෙනකුට නම් තැබීමට දරුවන්ට අවස්ථාව ලබාදීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඇරබියන් ඔරික්ස් ගවයා, බූරු පටවා, නයිල් හිපෝ පැටවා සහ සිළු වඳුරු පැටවුන් දෙදෙනාට යන සතුන්ට නම් තැබීමට වයස අවුරුදු 18 න් පහළ දරුවන්ට අවස්ථාව හිමිවන අතර 0706988488 අංකයට එස්.එම්.එස්. පණිවිඩයක්, වට්ස්ඇප් හෝ http://nationalzoo.gov.lk/ යන ෆෙස්බුක් පිටුවට මෙම මස 20 වැනිදාට පෙර නම් යොමු කළ යුතුය.
එම පණිවිඩයේ සත්ව පැටවා, යෝජිත නම, යොමු කරන්නාගේ නම, වයස, පාසල සහ ලිපිනය දන්වා එවීමට කටයුතු කළ යුතු බවත් එක් එක් පැටවාට යෝජනා කරන නම් අතුරින් ඉතාම සුදුසු නම් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තෝරා ගෙන මේ මස 25 වැනිදා පැවැත්වෙන නම් තැබීමේ උත්සවයේදී එළිදක්වන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බූරු පැටවුන්ට ගැලපෙන නම් තෝරලා සුදුවෑන්වල යන්න වෙයි...
ඊට කලින් අපේ රටේ දැන් වසර ගණනාවක ඉඳලා ළමයින්ට දෙන බහුබූත නම් වෙනස් කරලා හොඳ සිංහල නම් ටිකක් දෙන්න කියලයි යෝජනා කරන්න අවශ්‍ය...
නම් හොයාගන්න එච්චර අමාරුවෙන එකක් නැහැ, දියවන්නාවේ ඉන්න අයගෙන්ම හොයාගන්න බැරි යැ.
අර පාර්ලිමේන්තුව පැත්තේ ගියා නම් හොඳ නම් ටිකක් ලේසියෙන්ම හොයාගන්න තිබුණනේ.. ඒකෙ ඉන්න බූරු බබාලා කොච්චරවත් නම් කියාගන්නේ...
ඇරබියන් ඔරික්ස් ගවයා - MR බූරු පැටවා - GR නයිල් හිපෝ පැටවා - BR සිළු වඳුරු පැටවුන් දෙදෙනා - NR
ගවයාට බන්දුල කියන නම හොඳයි. බූරු පැටවාට උදය කියලා දාමු.
අපේ රටේ 1994 සිට සමුර්ධි වැඩ සටහන ක්‍රියාත්මක වෙනවා දැන් දැන් රට ඉතාමත් ස්වයංපෝෂිතව තියෙනවා හැම කෙනෙක්ම ඉතා සතුටින් ඉන්නවා එනිසා එක පැටියකුට සමුර්ධි කියල නම තියන්න සාගත කියන නමත් චුට්ටක් හොදයි
කුට්ටි විමල්, ගම්මා, වාසු හොඳයි කියලා හිතෙනවා.