
(තිලකරත්න දිසානායක)
සත්ව ආහාර නිෂ්පාදනය කිරීම පිණිස රතු කැකුළු සහල් තොගයක් ගබඩා කර තබාගත් බව කියන විදේශ සමාගමක් පරීක්ෂාවට ලක් කළ පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් එහි තිබී රුපියල් ලක්ෂ 29 ක් වටිනා සහල් තොගයක් අත් අඩංගුවට ගෙන ඇත.
පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා වෙත ලැබී ඇති තොරතුරක් මත එම අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් ජාඇල , ඒකල ප්‍රදේශයේ පිහිටි මෙම සමාගම පරීක්ෂාවට ලක්කර කිලෝ ග්‍රෑම් 31,000 රතු කැකුළු සොයා ගැනීමට සමත්විය.
කිසිම සහල් වර්ගයක් සත්ව නිෂ්පාදන සඳහා යොදාගත නොහැකි බවට පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර තිබියදී එය නොසළකා හරිමින් මෙම විදේශ සමාගම කටයුතු කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසීය.
අත්අඩංගුවට ගන්නා සහල් තොගය මුද්‍රා තැබීමට පියවර ගෙන ඇති අතර අදාළ සමාගමට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොර සහනාධාර දීලා ගත්ත අස්වැන්න වී මෝල් හිමියෝ වැඩිමිලට මිලදී ගෙන විකුණන්නේ සත්ව ආහාර හදන්න. මේ අයව ගොල්ෆ් පිට්ටනියකට ගේන්න. අපි ඉතුරු ටික කරන්නම්.
සහල් අත්අඩංගුවට.. කුඩු බෙදා හරිති..