IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සතුරු ඩ්‍රෝනා මඩින්න මැතිසබයට ’’ඩ්‍රෝන නාශකයෝ’’ තුනක්

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු සංකීර්ණය සතුරු  ඩ්‍රෝනා යානාවලින් ආරක්ෂා කර ගැනීම සඳහා ඩ්‍රෝනා  නාශක උපකරණ පද්ධති(Anti drone detection system ) තවත් තුනක් එහි සවිකිරීමට  කටයුතු කරගෙන යන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය
.
ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ අංශයක් විසින් මෙම ඩ්‍රෝනා  නාශක උපකරණ පද්ධති නිෂ්පාදනය කරනු ලබන බව සඳහන් කරන වේත්‍රධාරිවරයා අඩු වියදමකින් එම උපකරණ පද්ධති සවි කිරීමට මේනිසා හැකිවන බවද  සඳහන් කළේය.

ඩ්‍රෝනා  නාශක උපකරණ පද්ධති කිහිපයක් පාර්ලිමේන්තු සංකීර්ණයේ  මෙයට පෙරද සවි කරනු ලැබීය. ඒවා පාර්ලිමේන්තුවට පිරිනමනු ලැබුවේද යුද හමුදාව විසිනි.
සතුරු  ඩ්‍රෝනා යානා කල්තියා හඳුනා ගෙන ඒවා  පලවා හැරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඩ්‍රෝනා  නාශක උපකරණ පද්ධති මගින් සිදු කෙරේ.
මේ අතර පාර්ලිමේන්තුවට ඉහළ  අහසේ සරුංගල් යැවීමද ආරක්ෂක හේතූ මත තහනම් කරනු ලැබ  ඇත.  පාර්ලිමේන්තුවට ඉහළින් සරුංගල් යැවූ කිහිප දෙනකුට ආරක්ෂක අංශ විසින් පසුගිය දිනවල අවවාද කරනු ලැබ ඇතැයි දැනගන්නට ඇත.



 

 



අදහස් (11)

සතුරු ඩ්‍රෝනා මඩින්න මැතිසබයට ’’ඩ්‍රෝන නාශකයෝ’’ තුනක්

naamal Saturday, 26 February 2022 10:26 AM

සෙරෙපුවෙන් ගහන්න ඕන... ඒ අයට කවුද ඩ්‍රෝන් දාලා ගහන්නේ?

:       9       15

RaveendraSaturday, 26 February 2022 09:12 PM

ඇත්තෙන්ම "226ම" දුටු දුටු තැන නෙලන්න ඕනේ.. මිරිවැඩි සඟලින් නොව කට්ට සෙරෙප්පුවලින්...! තවද මෙහි ඇති වඩාත් හාස්‍ය උපදවීම නම් මීහරක් පට්ටිවලට ඩ්‍රෝනවලින් පහර දෙනවා අප කිසිදා අසා තිබේද?

:       0       0

Pradeep Kumara Saturday, 26 February 2022 10:32 AM

අපොයි ඔව්. මොනදේ කරලා හරි ආරක්ෂා කරගත යුතු රටේ වැදගත්ම ප්‍රදේශයක්... අපි නොකා නොබී කලුවරේම ඉන්නම්. ඔතන ආරක්ෂාව නැතිකර ගන්න එපා...

:       23       17

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 26 February 2022 10:41 AM

මොනවද මේ වැඩ..? පාර්ලිමේන්තුවක් විසින් කිසියම් රටක් සාධාරණව පාලනය කරන්නේ නම්, එම රට රටේ පුරවැසියන් විසින් ආරක්ෂා කරගැනීම සිදුවේ. එවන් රටවල දේශපාලනඥයින් ගමන් බිමන් යනුයේ සාමාන්‍ය පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමෙන්. ඒ තුළින් ඒ රටවල් වලට විශාල මුදල් සම්භාරයක් ද ඉතිරිවේ. අනික, ලෝකෙන් හිඟා කකා, ණය වේවි ඉන්නා අපේ රටේ පාර්ලිමේන්තුවට ප්‍රහාර එල්ල කරයි කියා හිතන්න අමාරුයි. මගේ අම්මෝ.. වටිනා කියන අයගෙන් තමයි අපේ පාර්ලිමේන්තුව පිරිලා තියෙන්නේ. කියනා කුණු කතා අහන් ඉන්නත් බැහැ. ඉස්කෝලේ නොගිය අයත් ඉන්න අපේ පාර්ලිමේන්තුව ... !!!

:       1       19

යෝගා Saturday, 26 February 2022 11:04 AM

කාටද අනේ? ඔය හාල්පාරුවන් ටික මරන්න ඕනෑ...! 

:       1       20

Lalith M Saturday, 26 February 2022 11:11 AM

ඕකේ ඉන්න අයට ඩ්‍රෝන ගහන්න ඕන නෑ. තව කී කාලෙද 225 දෙනාට මන්ත්‍රීකම...?

:       2       20

ravin Saturday, 26 February 2022 11:40 AM

ඔය ස්ථානය නැතිවුණාය කියලා රටට සෙතක් මිස අවැඩක් නම් සිදුනොවේ..

:       1       23

චමින්ද Saturday, 26 February 2022 07:36 PM

එතකොට බලන්න පුළුවන් 20 සංශෝධනයක් කරලා බලය ගත්කෙනා කොහොම වෙයිද කියලා.. බලාගන්න පැරණිතම කෙනා කිව්වාලු මට බැරි ගැහැණියක් පිරිමියකු කිරීමත්, පිරිමියකු ගැහැණියක් කිරීමත් පමණයි කියලා. අලුත් කෙනාට ඒකත් හැකිවුණොත් මොකද කරන්නේ ...

:       8       0

Bamunuarachchi Saturday, 26 February 2022 07:40 PM

ඩ්‍රෝනා එවන එවුන් අල්ලාගෙන අඬු කඩන්න. ඩ්‍රෝනා පෙන්නන්න එක්ක යන්න.

:       37       9

Nandasena grSunday, 27 February 2022 07:02 AM

තවත් ගොන් කතාවක් .. බලන්න වැටිලා තියෙන ඩිස්ලයික් ගාන. දැන්වත් ගොන් කතා කියන එක නවත්තන්න බමුණෝ...

:       0       0

Kumara Sunday, 27 February 2022 12:23 AM

ඩ්‍රෝනා එනවට වඩා හොඳයි සයිවර් කඩේකින් තෝසෙ පාරක් දාන එක... නැද්ද ආයුබෝවන්...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31187 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13350 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10967 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 68 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 899 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 270 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site