
(ආනන්ද ඉ ජයකොඩි)
රන්පොකුණගම ඇතුළු ගම්මාන කිහිපයක් හරහා අද පාන්දර හමා ගොස් ඇති සැඩ සුළගින් ගස් කඩා වැටීමෙන් හා නිවාසවල වහල කඩා ගෙන යාමෙන් හානි සිදු වී ඇති බවත් වහල තහඩු වැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකුට තුවාල සිදු වී ඇති බව අත්තනගල්ල ආපදා සහන සේවා නිලධාරී ටී බී නිර්මාල් මහතා පවසයි.
රන්පොකුණම නිවාස සංකීර්ණයේ පමණක් නිවාස තිස් පහකට පමණ හානි සිදු වී ඇති බවත් එම නිවාස සංකීර්ණයේ වහල තහඩු කඩා වැටීමෙන් එහි පදිංචි කාන්තාවන් දෙදෙනකුට තුවාල සිදු වී රෝහල් ගත කොට ඇති බවද ආපදා සහන සේවා නිලධාරී වරයා කියා සිටියේය.
එයට අමතරව මාඹුල, යටියන හා තිහාරිය යන ප්‍රදේශවල ද ගස් කඩා වැටී නිවාස පහළොවකට පමණ හානි සිදුවී ඇති බවද ආපදා සහන සේවා නිලධාරී වරයා සදහන් කළේය.
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් සම්පත් ගුණවර්ධන හා අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර යන මහත්වරු සමග ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් ගේ මග පෙන්වීම යටතේ සැඩ සුළගින් හානි වී ඇති නිවාස හා අනෙකුත් දේපල පිළිබඳව එම ගම්මානවලට ගොස් තක්සේරු කර ගෙන යන බවත් ඒ අනුව සියළු දෙනාට වන්දි ගෙවීමට කටයුතු කරන බවද සහන සේවා නිලධාරී වරයා කීය.


2025 නොවැම්බර් මස 04
350
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2153
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1634
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සැඩ සුළඟින් අත්තනගල්ලේ නිවාස රැසකට හානි