(නාලක සංජීව දහනායක)
රිෂාඩ් බදියුදීන් මන්ත‍්‍රීවරයාට එරෙහි චෝදනා විමර්ෂණය කිරීමට පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සජීවීව විකාශය කිරීමෙන් සංවේදී බුද්ධි තොරතුරු හා බුද්ධි අංශ නිලධාරීන් සමාජයට නිරාවරණය වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද (30) පැවැසීය.
එබැවින් ජාතික ආරක්‍ෂාව අනතුරට ලක්වන ආකාරයේ සංවේදී බුද්ධි තොරතුරු වාර්තා කිරීමෙන් වළකින ලෙසට මාධ්‍යයෙන් ඉල්ලීමක් කරන බවද මන්ත‍්‍රීවරයා කීය.
පිටකෝට්ටේ පිහිටි, ජාතික නිදහස් පෙරමුණේ පක්‍ෂ මූලස්ථානයේදී අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළේ ඔහුව ශුද්ධවන්තයකු කිරීමට යැයි කී වීරවංශ මහතා එවැනි තේරීම්කාරක සභාවකට සහභාගීවීමෙන් ඵලක් නැති බැවින් එක්සත් ජනතා නිදහස් සන්ධානය එයට සභාගිවීමෙන් වැළකී සිටීමට තීරණය කළ බවද ඔහු කීය.
විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පළමුව මෙම තේරීම්කාරක සභාව මගින් අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය බලාපොරොත්තුවන බවද වීරවංශ මහතා කීය.
මහබැංකු බැඳුම්කර වංචාවේ ප‍්‍රධාන චූදිතයන් වූ පුද්ගලයන් හා පාස්කු ඉරිදා එල්ලවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයට මූල්‍යමය වශයෙන් විශාල දායකත්වයක් ලබාදුන් ඊබ්‍රහීම්, තම පක්‍ෂයේ ජාතික ලැයිස්තුවට ඉදිරිපත්කළ පුද්ගලයන් ප‍්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කරන ආකාරය දුටුවිට සිනහවෙන තැන සොයාගත නොහැකි යැයිද ඇමැතිවරයා පැවසීය.
එමෙන්ම මන්ත‍්‍රීවරයා තේරීම්කාරක සභාව නියෝජනය කළ පිරිසෙන් බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කිරීමට තරම් දැනුමක් තිබුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට පමණක් යැයිද සඳහන් කළේය.
COMMENTS
මේ මහත්තයගේ හයදෙනා ආණ්ඩුවට සහාය දක්වන්න සුදානම් කියල ප්‍රචාරය වෙන පුවත ඇත්තක්ද?
ඔබලාටත් ඉදිරිපත් වී සාක්කි හා සැකමුසු තැන් ප්‍රශ්න කරන්න තිබ්බා.. අර ඩිජිටල් අැමතිගේ තාත්තව එහෙම ගෙන්නන්න තිබුණා. නමුත් ඔබලා කර අරින්නේ හරියටම සාක්කි නැති නිසා නේද..? ජාතින් වැදගත් මෙම කටයුත්තේදී සෘජුව ප්‍රශ්න කිරීම හරිම වැදගත්...
8 පාස් විමලේ... අගවිනිසුරුන්ගෙන් ප්‍රශ්න කරපු හැටි මතකද?
ඔව්, ඔව් . වැරදිකරුවන්ගේ රෙදි ගැලවෙද්දි සංවේදී වෙනවා. බුද්ධි අංශ නිළදාරීන්ගේ කටහඞ විතරක් විකාශණය කරානම් හරි.
දුක ඇති නේද? ඇත්තටම කව්ද ආරක්ෂාව නොසලකා හැරීමට නියම වගකිව යුත්තෝ එළියට එනකොට ඔහෙට හිතට දුක ඇති...
කමක් නැහැ. බුද්ධි තොරතුරු ඕපන් කළාට. ඇයි බයද? මේ මහජනතාවගේ ටයිම් එක.. අපිට ඕනෑ දේශපාලකයෝ කරන ඔක්කොම දැනගන්න. මොකක්ද ඔවුන් හිතන් ඉන්නේ ඒ අයට විතරක් මොලේ තියනවයි කියලා..
එතකොට අර හිටපු අග විනිසුරු තුමියට විරුද්ධව පාර්ලිමේන්තුවේ අහපු නඩුවෙ මෙතුමාත් හිටියෙ නීතිය පිලිබදව දැනීමක් ඇතිවද කියන එකයි මට ප්‍රශ්නෙ.
ඔහු කියන එක හරි... රනිල් කළොත් කරන්නේ ඔය වගේ අමන වැඩම තමයි. අනික ඉතින් අපි දැක්කා බැංකු හොරෙකුත් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරනවා. හරි හමන් මිනිස්සු පත් කරන්නේ නැතුව විහිලුකාරයන් පත්කරලා....
කට වාචාලකම විතරක් තිබුණට මදි කියලා ගෙදර ගෑනිවත් තව කියලා දීලා නැතුව ඇති. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පත් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියලා නොදන්න හා නොතේරෙන මොට්ට මොලයක්...
මොකද ඇත්ත එළිවෙනවට බයද?
කාලෙකින් ඇත්ත කතාවක්... ඔය කටෙන් කීව...
එකඑක තුනපහ දමලා උයන්න ගියත්, මොහුගේ කෑම කිසිම රසක් නැහැ කියලා කව්රුත් කන්නේ නැහැ.
ඒක ඇත්තක් වගේ පේනවා... සාරාංශගත කරන්නත් අමාරුයි.
සිංහල සහරාන්ලා ගැන අනාවරණය වෙද්දී, කනට යවුලෙන් අනිනවා වගේ දැනෙනවා ඇති තමයි මහත්තයෝ. දැන් ඉතින් වෙන්න ඕනෑහරිය වෙලා ඉවරයි. ඒක ආයේ අමුතුවෙන් බුද්ධි අංශ නිලධාරීන්ගේ කටින් අහුණයි කියලා අපට නම් මහා ලොකු වෙනසක් නැහැ. කොහොමත් ඔබතුමාලට වඩා හිතවත් සිංහල සහරාන්ලා ගැන ඇහෙනවිට ඔබතුමා සංවේදී වන තරමට මේ රටේ ජනතාව සංවේදී වන්නේ නැහැ. ඒක තමයි අපෙයි, ඔබතුමාලගෙයි අතර තිබෙන වෙනස...
තරුණ ළමයිනේ... මේ සෙට්එක ගෙදර යවන්න කාලය ඇවිල්ලා. "බලන් කඩතුරා හැර දෑසේ..."
මේක තමයි නේ... රටේ මුළු ජනතාව ගොනාට අන්දන්නේ වහල ගහනකොට... එතකොටනේ රටට බොරු, බේගල් කියන්න පුළුවන්... දැන් රටට විය යුත්තේ මේ පාහර දේශපාලනය නිරුවත් කිරීමයි... දැන් බලමු ජනාධිපති සහ දින 51 හොර ආණ්ඩුවේ කෙරුවාවල්...
සහතික ඇත්ත දැනටමත් ආරක්ෂක අංශ භාවිතා කරන සංවේදී තොරතුරු සහ වදන් ජනතාව දැනගත්තා. මේ පාලකයෝ මෙතරම් අමනයින්ද? රටේ ජනතාව, රටේ ආරක්ෂාවට කරනදේ සවිස්තරව දැනගතයුතු නැහැ ඔවුන්ට වුවමනා ආරක්ෂාව පමණයි. මේ ගොබ්බයන් සෑම සංවේදී තොරතුරක්ම ත්‍රස්තවාදියාට ලබාදෙනවා. මොවුන් වගේ අමනයින් ලෝකේ තවත් ඉන්නවද?
තොරතුරු එළිවෙනකොට බය වගේද
මේ විමර්ශනයේදී බුද්ධි අංශ පාවිච්චි කරන රහස් සංකේතවල තේරුම පවා ප්‍රසිද්ධියේ අහනවා. අනේ මෙහෙමත් රැලක්.
රහස්‍ය තොරතුරු එලියට යනවා නම් අවුලක් . මේ හදන්නේ ජනපතිට දන්වපු බව කියවෙනවා. ජනපති මාධ්‍ය අංශය නැහැ කියනවා. මේ දෙක අතර ගැටුම බුද්ධි අංශ ක්‍රියා කල ආකාරය නිලධාරීන් ගේම කටින් ගන්න....... එහෙම කලාම වරද යන්නේ කාටද. ශ්‍රී ල නි ප දැන් දගලන විදියෙන් තේරෙනවනේ ඇතුලේ වෙන්න යන දේ. කවද බේරගන්න හදන්නේ කියල.
ඒ කියන්නෙ දැන් ෆොන්සේකා හොඳයිද ?
මෙයා සිරිසේන බේරගන්න බැහැල වැඩ.