සමගි ජන බලවේගය කොල්ලුපිටිය - ගාලුපාරේ අද පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට සහභාගී වීමට දුර පළාත්වල සිට කොළඹ බලා පැමිණෙමින් සිටි පිරිහි ආපසු හරවා යැවීමට පොලිසිය කටයුතු කළේය.
රටේ විවිධ නගරවල පොලිස් මාර්ග බාධක යොදා කොළඹට එන සියලු බස් රථ දැඩි පරීක්ෂාවට ලක් කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණි.
ඒ අනුව සමගි ජන බලවේගයට සහභාගීවීමට එන සියලු බස් රථ ආපසු හරවා යැවීමට කටයුතු කරනු අයුරු දක්නට ලැබිණි.
(ඡායාරූප: ජී.ඒ.පී කුමාර)
නොච්චියාගම ප්‍රදේශයෙන් සහභාගී වන පිරිස් රැගත් බස් රථ සඳහා ගමන් කිරීමට ඉඩ නොදීම



(ඡායාරූප: රංජිත් රාජපක්ෂ)
නුවරඑලිය දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග ආධාරකරුවන් ගමන් ගත් බස් රථ දෙකක් පොලිසිය ආපසු හරවා යැවිම



(ඡායාරූප: හිරාන් ප්‍රියංකර ජයසිංහ)
සමගි ජනබල වේගය විරෝධතා රැලියට කොළඹ එමින් සිටි දේශපාලඥයින් ඇතුළු ආධාරකරුවන් කළාඔයෙදී ආපසු හරවා යැවිම



(ඡායාරූප: බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජන බලවේගය කොළඹට උද්ඝෝෂණයට සහභාගිවීමට පාක්ෂිකයන් සමග යමින් සිටි අජිත් පී පෙරේරා ව බණ්ඩාරගම දී පොලිසියෙන් හරවා යවයි


COMMENTS
ලජ්ජයි නන්දසේන.
උද්ඝෝෂන කිරිමේ අයිතිය නම් පිලිගන්නවා. අපේ ගෙදරක කෙනෙකුත් ගියා. නමුත් ප්‍රශ්නය කොරෝනා. ඔය උද්ඝෝෂනයේදි කොරෝනා බෝවෙන්නේ නෑ කියල සහතික වෙන්නේ කවුද? අපේ පවුලේ සාමාජිකයා කියන්නේ නොගියොත් ප්‍රශ්නයක් කියලා. ඉදිරියට මන්ත්‍රීකම් ගන්න බලන් ඉන්න දේශපාලන ලොක්කෙක් එන්නම කියලා. වෙන වෙලාවක නම් ඕන දෙයක්. වැඩේ වැරදුනොත් පොලිසියෙන් ගුටි කෑවත් එයා විතරයි. දැන් කාලේ එක්කෙනෙක් කොරෝනා ගෙනාවොත් අපි ඔක්කොගෙම ගෙවල් ඉවරයි. වයසක ලෙඩ්ඩු ඉන්නවා. අවුරුදු 80 පැන්න අයට හැදුනොත් මොනතරම් වැක්සින් ගහලා හිටියත් විශ්වාස නෑ. ඒ බව කිව්වාට අහන්නේත් නෑ.
වයස් බේදයක් නෑ.. කොහොමත් වැක්සින් එක ගත්ත කියල කොරෝනා නොහැදී තියෙන්නෑ..ඒ ගත්ත අය තමා බලාන ඉද්දි නැති වෙන්නෙ..
රටේ පවතින අවස්ථාව තේරුම් ගත යුතුයි මහජනතාව . තමන් කැමති පක්ෂයක් තියෙන්න පුලුවන් . ඒත් පළමුව රට බේරගෙන ඉන්න ඕන නේද ? නිකම්ම හරක් රැළක් වගේ තමන් අදහන දේශපාලකයා පස්සේ යන්නෙ නැතිව බුද්ධිමත් ව තීරණය ගත යුතුයි . කොරෝනා හැදිලා මළොත් ඔය කිසිම දේශපාලකයෙක් දරු පවුල් බලා ගන්නෙ නෑනෙ.
උද්ගෝෂණය විපක්ෂයේ අයිතියක් .නමුත් මේ අවස්තාව ගැන හිතන්න තිබුනා .කොවිඩ් ඉවර වෙලා නැහැ .දිනෙන් දින ආසාධිතයන් වැඩි වෙනවා, මරණ වැඩි වෙනවා .මතකනේ අලුත් අවුරුද්දේ උන දේ
Ratne මයා වෙත. ලැජ්ජා වෙන්න ඕනේ නන්දසේන විතරක් නොව මෝඩ පුතනෝ ඇතුළු පට්ටියේ මිහරකුන් 226ම ලැජ්ජා විය යුතුමය. එලෙසම රටේ සියලුම පුරවැසියන් වන ( ඔබ සහ අපද ඇතුළුව ) අපද මෙවන් ගොන් උද්ගෝෂණවලට සහබාගිවිම පිලිබදව කණගාටු විය යුතු අතර ලජ්ජා විය යුතුමය. "නායකයන් මෝඩ ගොන් බුරුවන් වූවත් " ඒ ඒ බුරුවන් පිටුපස යන මිනිසුන්ද බූරුවන් විය යුතු නැතැයි යන්න මේ සැමටම අමතකවීම අවාසනාවකි.
එක පිරිසක් බලයේ පිහිටුවන්න තව පිරිසක් මොර දෙනවා කඩේ යනවා .දෙගොල්ලොන්ම දුෂකයන්ගෙන් පිරී ඇති බව බඩ පසුපසට ඇලී තියන දුගී දුප්පතුන් හට වැටහෙන්නේ නැහැ .මෝඩ දේශපාලනය
තවත් දුෂකයන් පිරිසක් බලයට ගෙනෙන්න කඩේ යමල්ලා. මුග්ද දේශපාලනය, බහුතර ජනතාව උන් ඔක්කොම හොරු බව දන්නවා. විකල්පයක් නැහැ
කොහොම කලත් නූගත් දේශපාලුවන් ප්‍රකෝටිපතියන් වී මෙරටින් පැන ගන්නවා ඇත. කොයි මේ රවී,රනිල්,බැසිල් බැංකු සුද්ද කරන්න පෙල ගැහෙන්නේ නැතිද
කොරෝනාව තියෙන කම් අපි ගොඩ. තුන්වැනි මාත්‍රාව මක්කටෙයි, අවශ්‍ය උනොත් පමණක් ගෙනෙමු
මහින්දයාගේ,ගෝටා ගේ රැස්වීම් වලට අරක්කු බාගෙටයි, බත් පැකට් එකටයි බස්වලින් සෙනග බුරුතුපිටින් ගෙනාවේ .වෙනස සැපද ?
මේ ආණ්ඩුව බලය ගන්න පෙර පැවති ආර්ථික තත්වයවත් අවම වශයෙන් පවත්වා ගැනීමට හැකිවුනා නම් ඔය උද්ඝෝෂන පෙලපාලි රැස්වීම් අවශ්‍ය නැහැ. ආණ්ඩුවේ නොහැකියාවත් කාලයට නොගැලපෙන ආර්ථික ප්‍රතිපත්ති වල හිතුවක්කාරී ලෙස එල්ලී සිටීම නිසා ජනතාව අද කබලෙන් ලිපට වැටෙන තත්වයක් කරා ගමන්කර ඇත. උදාහරන වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හිගකම අධික මිල ජනතාව පෝලිම් ගැස්සවීම මදිවට පාලකයින් ගේ හොරකම් කොමිස් ගැසීම් හිතාමතාම තමන්ගේ හිතවතුන්ට හම්බකර ගැනීමට ඉඩදීම දැක්විය හැක. මේසියලු අර්බුදවලට මූලික හේතුව කොවිඩ් කියා ආණ්ඩුවට ඇග බේරා ගත නොහැක. තමන් බලය ඉල්ලුවේ තමන්ට පෙර ආණ්ඩුවලටත් වඩා හොදින් රට ගෙනයන බවට ජනතානට පොරොන්දු දුන් බව අම්‍තකව නැතැයි සිතමි.