IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සජින් වාස්ගේ නඩුව පෙබරවාරී 25 සිට දිනපතා විභාගයට

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කළ වසර තුනක කාලය තුළ නීතීවිරෝධි ක‍්‍රියාකාරකම්වලින් රුපියල් කෝටි 44හමාරකට අධික මුදලක් උපයා ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරි මස 25 වැනිදා සිට දිනපතා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (01) තීරණය කළේය.
 
මෙම නඩුව ලබන වසරේ පෙබරවාරී මස 25 වැනිදා සිට 28 වැනිදා දක්වා දින හතරක් විභාග කිරීමට තීරණය කළ විනිසුරුවරයා මෙම නඩුවේ සාක්කිකරුවන් 5 දෙනෙකුට ඒ දිනවල අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළේය.
 
2011 මාර්තු මස 31 වැනිදාත් 2014 දෙසැම්බර් මස 23 වැනිදාත් අතර කාලයේ කොළඹදී නීතීවිරෝධි ක‍්‍රියාකාරකම් වලින් රුපියල් 445,111,567.70 ක මුදලක් උපයා ගත් බවටද නීතීවිරෝධි ක‍්‍රියාකාරකම්වලින් එම මුදල් උපයා ගත් බව දැනදැනම ඉන් රුපියල් 306,268,194.76 ක මුදලක් සමාගමේ නමින් ඇති බැංකු ගිණුම්වල තැන්පත් කළ බවටද විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
 
විත්තිකරු විසින් මුදල් විශූද්ධීකරණ පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවද නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව වැඩිදුරටත් චෝදනා නගා ඇත.
 

සජින් ද වාස් ගුණවර්ධන මහතා විසින් නීතීවිරෝධී ක‍්‍රියාකාරකම්වලින් මුදල් උපයන බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කරන ලද බවත් විමර්ශනයේදී විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන 2010 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම ස`දහා නාමයෝජනා බාරදෙන විට ‘කොස්මෝස්’ නාමය යටතේ ව්‍යාපාර 21 ක් ඔහු සතුව තිබී ඇති බවට සාක්කි ඇතැයි නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.
 
14 වැනි පාර්ලිමෙන්තුවේ මන්ත‍්‍රීවරයකු වශ්‍යයෙන් පත්වීමට පෙර අදාළ ව්‍යාපාර සියල්ලේම අධ්‍යක්‍ෂධුරවලින් ඔහු ඉවත් වී ඔහුගේ ව්‍යාපාර කොටස් බිරිඳ වෙත හුවමාරූ කළ බව විත්තිකරු සඳහන් කළත්  විත්තිකරු පාර්ලිමෙන්තු මන්ත‍්‍රීවරයකු වශයෙන් පත්වීමෙන් අනතුරුවද අදාළ ව්‍යාපාරයන්හි මෙහෙයුම් කටයුතුවල සක‍්‍රීයව යෙදී ඇති බවට සාක්කි ඇතැයි අධිකරණයට දැනුම් දී ඇති නීතිපතිවරයා විත්තිකරු අදාළ ව්‍යාපාර 21 න් 07 ක් උපයෝගි කරගනිමින් සැකකටයුතු ගනුදෙනුවල යෙදී ඇති බවට මෙන්ම ඔහු විසින් අදාළ ව්‍යාපාර ගිණුම්වල රුපියල් 458,747,757.70 ක මුදල් තැන්පත් කළ බවට සාක්කි ඇතැයිද අධිකරණයට දැනුම් දුන්නේය.
 
මෙපමණ විශාල මුදල් කන්දරාවක් ලැබීමට තරම් විත්තිකරුට හෝ ඔහුගේ බිරිඳට ආදායම් මාර්ග නොමැති බවද ඒ බව විත්තිකරු හා ඔහුගේ බිරිඳ විසින්ද පිළිගෙන ඇතැයිද මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් සිදුකළ විමර්ශන වලදී මෙපමණ විශාල මුදල් කන්දරාවක් ලැබුණේ කෙසේදැයි හෙළි කිරීමට විත්තිකරුට හෝ ඔහුගේ බිරි`දට හැකියාවක් ලැබී නැති බවද නීතීපතිවරයා විසින් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.
 
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරු අධිකරණයේ පෙනී සිටියේය.
 

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නලීන් හේවාවසම් මහතා අධිකරණය අමතමින් විත්ති පාර්ශවය වෙත බාරදිය යුතු ලේඛන නිසිපරිදි ලබාදී ඇතැයි දැනුම් දුන්නේය.
 
ඉදිරිපත් වු කරුණු සළකා බලමින් අදාළ ලේඛණ නිසි පරිදි විත්ති පාර්ශවයට ලැබී ඇත්ද යන්න පරීක්‍ෂා කර බලා අඩුපාඩු ඇත්නම් අධිකරණයට දැනුම් දෙන ලෙස නියම කළ විනිසුරුවරයා ඒ ස`දහා මෙම නඩුව ලබන නොවැම්බර් මස පළමුවැනිදා යළි කැඳවීමට නියම කළේය.
 
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නලීන් හේවාවසම් මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතීඥ ජීවන්ත ජයතිලක මහතා පෙනී සිටියේය.
 



අදහස් (0)

සජින් වාස්ගේ නඩුව පෙබරවාරී 25 සිට දිනපතා විභාගයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 656 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site