(නිමල කොඩිතුවක්කු)
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් විපක්ෂනායක කාර්යාලය, නිලරථ ඇතුළු විපක්ෂනායකවරයාට හිමිවන සියලූම වරප‍්‍රසාද අද (3) යළි බාර දෙනු ලැබීය.
විපක්ෂනායක කාර්යාලයේ යතුර ඊයේ (2) දිනයේදීම විපක්ෂනායක ලේකම් නව්ෆල් රහ්මාන් මහතා වෙත බාරදුන් සජිත් පේ‍්‍රමදාස මහතා සිය කාර්ය මණ්ඩලය සමග එම ස්ථානයෙන් පිටව ගියේය.
ඡායාරූප : ළහිරු හර්ෂණ

COMMENTS
අපේ මේ සත්ගුණවත් පින් කදක් වන සජිත් මලයට හුරේ..... ජය වේවා !!! බලන්න කොච්චර අවංක මිනිහෙක්ද කියලා මේ අපේ සජිත් මලය. සාමාන්‍ය රබර් සෙරෙප්පු දෙකකින් සැරසී ඉන්න කොට කොච්චර අපිට ආඩම්බරද .. මලය දැන් ටිකක් නිදහසේ ඉන්න නිසා ආපහු "නිදන් වදුල පරිශීලනය " කරන්න යනවයි ???? එතකොට කලාවල ලගින්න යනවයි ගිමන් නිවන්න ??? අපි ආසයි ඒ ගැන දැනගන්න.
මේ ගොල්ලෝ රබර් සෙරෙප්පු දැම්මට මේ ගොල්ලෝ ළඟ තියෙන්නේ පියාගේ කාලේ ඉඳන් හම්බකරපු කෝටි ප්‍රකෝටි ගණන් මුදල්, වස්තුව. මේ මාධ්‍ය සංදර්ශනවලට මේ සැරෙත් ජනතාව රැවටෙන්න එපා කියා ප්‍රාර්ථනා කරනවා..
මෙච්චර කාලයක් ගම්බද පළාත්වල සේවයට යන්න බැරිව උන්නේ ඔය සුඛෝපබෝගී වාහන වලට ගමේ පාරවල් හොඳ මදි නිසා වෙන්න ඇති. දැන් ඉතින් ගමේ ඇවිදින්න යයි අරව දෙන්නම් මෙව්වා දෙන්නම් කියලා නමුත් ඡන්දෙ ගත්තට පස්සේ ආයෙත් යන්නේ මේ වාහන වලම නිසා ඊළඟ ඡන්දෙ එනකල් ගමට යන්න විදියක් නැහැ.
ඔය පිටිපස්සේ තියෙන්නේ මෙයා පාවිච්චි කරපුවද ? කියපු විදිහට මම හිතුව පැදුරේ නිදියල පුෂ් බයිසිකලේ ගමන් යනවා ඇති කියලා.
අපොයි , අපරාදේ, බලෙන් ලබා ගන්න කොච්චර මහන්සි වුනාද ?
එතකොට අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයම මෙය ආදර්ශයට ගතයුතුයි .
වරප්‍රසාද බාරගන්න අවස්ථාවේත් ෆොටෝ දක්නට ලැබුනෙ නම් අගෙයි.