(නිමල් ජයරත්න)
එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරයකු බිහිකර ගැනීමට හැකියාව තිබෙන මොහොතක සජිත් ප්‍රේමදාස මහතා ජනපති අපේක්ෂකයා බවට පත් නොකළොත් සජිත්, මංගල, හර්ෂ, ටිරාන් මෙන්ම තමා ඇතුළු ප්‍රබල අමාත්‍යවරුන් පිරිසක් දේශපාලනයෙන් ඉවත්වන බව විද්‍යා තාක්ෂණ සහ කර්මාන්ත සංවර්ධන ඇමැති සුජීව සේනසිංහ මහතා පැවසීය.
පක්ෂයේ දිනන්න හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවත් එතුමා ජනපති අපේක්ෂකයා බවට පත් නොකිරිමේ වාසිය පොහොට්ටුව ලබා ගන්නා බැවින් නායකයා සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයා බවට පත් නොකරන්නේ නම් අලියාගෙන් නොව කොරවක්කා ලකුනින් හෝ ජනපතිවරණය දිවි හිමියෙන් සටන් කර සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපතිවරයා බවට පත් කරන බවද සුජීව සේනසිංහ මහතා සඳහන් කළේය.
පොළොන්නරුව බැඳිවැව පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ඊයේ (1) පැවති ප්‍රාදේශීය සභා මංන්ත්‍රීවරුන් මෙන්ම කලාප සංවිධායකවරුන් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්ව සේනසිංහ මහතා ඒ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හර්ෂ, ටිරාන් මෙම තත්වයට වැටුනේ මන්දැයි මට ප්‍රහේලිකාවක්. අනෙක් අය දේශපාලනයෙන් ඉවත්වෙන එක හොඳයි. සජිත් වැන්නෙක් රටේ නායකත්වයට පත්වෙනවට වැඩිය හොඳයි සියලුම සජිත් හිතවාදීන් ඉවත්වන එක...
ඔක්කොම හොරුටික දේශපාලනයෙන් විතරක් නෙමෙයි, රටෙන්ම හැඳිගෑවිලා යන්න ඕනේ...
අපි බලාගෙන ඉන්නේ තමන් ඉන්න පක්ෂයට අවනත නොවන අය අයින් වෙනකන්...
හර්ෂ,එරාන් හැර අනෙක් අය දේශපාලනයෙන් ඉවත්වෙන එක හොඳයි. ලොකු උදව්වක් ඔයාල යන්නකෝ
අනේ ලොකු දෙයක්. ඔයාල යනවා කියන්නේ ජනතාවට කෙරෙනේ ලොකු සේවයක්.
කොරවක්කගෙන් නෙමි මූකලන් බස්සගෙන් වරෙල්ල දිනනවද බලන්න එහෙම ආවොත් !
අනේ දේශපාලනයෙන් නම් ඉවත් වෙන්න එපා. ඔබතුමන්ලා නැතුව මේ අපි රට දියුණු කරන්නේ කොහොමද?
නවීන විශ්ව ගම්මානයේ පවතින අපේ රට පාලනය කිරීමට ලෝකය සමග ගැලපෙමින් තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය පළපුරුද්ද ජවසම්පන්න තරුණයින්ට නැත.ඒ කාලයේ දුවන කෝච්චියට හරක් දක්වනවා වගේ රජයට ගහන්න තරුණයෝ යොදවා මහා තරුණ ඝාතනයක් කර ඒ වරද රජය පිට පැවරූ ජේවීපිය තරුණයන්ට න්‍යාය මිස පලපුරුද්ධ නැති බව ඔප්පු කළහ. අද අනෙකුත් සියලු පක්ෂ තම පක්ෂයෙහි නිල තීන්දුව අනුව විනයනුකුලව ක්‍රියා කරත්දී සජිත් ඇතුළු ඔබලා පිරිස පක්ෂයේ විනයට පයින් ගසා ගණන්කාරකමින් සජිත් ජනපති කරවන්න මේ කරන අසංවර අශිෂ්ට ක්‍රියාව අනාගත පරපුරටද භයානක පුර්වාදර්ශයක් වී පාලනය කළනොහැකි පිරිසක් බිහිවී සාරධර්ම අන්තයටම පිරිහෙන බව වැඩිහිටි කව්රුත් පිලිගනිත්දී තරුණ වූ ඔබලාට එය තේරුම් ගැනීමට පලපුරුද්ද නැති බව මෙසේ ඔප්පුකර ඇත. මෙතරම් වරදක් කරන ඔබලා එය ප්‍රජාතන්ත්‍ර වාදය යයි අර්ථ දක්වති. දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය යනු විවිධ දේශපාලන මතධාරී පක්ෂවලින් පත්වන ජනතා නියෝජිතයින්ගෙන් සමන්විත ව්‍යවස්ථා දායක සභාවක මත ගැටුමෙන් සම්පදනයවන නීති ස්වාධින අධිකරණය ප්‍රමුඛ රාජ්‍ය යාන්ත්‍රණය මගින් ක්‍රියාවට නැගීමට විධායකයේ සහභාගිත්වයයි.එය ඒකාධිපති බලය හීන කර දැනටමත් රනිල් කර ඇත.
ගෙවල් හැදීම හැර අනෙකුත් කිසිම කටයුතකදී සජිත්ගේ කිසිම සහභාගිත්වයක් 2015 සිට මේ දක්වා නොතිබූ නමුත් මෛත්‍රී සමග උපක්‍රම යොදමින් සිටි බවනම් මුළු රටම දනිති. 2001 දී මුල්ම උප ඇමතිකම රනිල්ගෙන් ලබාගත් සජිත් 2015 ජනපතිවරණයට මෛත්‍රී පත්වන තුරුම සිරිකොතට ගල්මුල් ගසමින් රනිල් එලවා පක්ෂයේ බලය තම අතට ගන්න හැදූහැටිත් එහෙත් සජිත්ට දඬුවම් නොකර මේ දක්වා ඔහුව පාලනය කළ රනිල් 2015දී නිවාස ඇමතිකමද දී ඔහුගේ සේවය රටට ලබාදුන්හ. සජිත්ට වඩා සුදුසුකම් ඇති රොත්තක් එජාපයේ සිටියදී මොහු හිතුවක්කාරීව ගණන්කාරීව අශිෂ්ටව පක්ෂයේ විනයට පයින් ගසා බලෙන් ජනපති වෙන්න හැදීම නින්දා සහගත පහත් ක්‍රියාවකි. අද රටේ බහුතරය මෙවැනි මිනිසෙකු ජනපති කරවන්න තරම් මෝඩ නැත. සජිත් ප්‍රේමදාස යුගයක් බිහිකිරීමට හදන මොහුත් රාජපක්ෂ යුගයක් බිහිකරන්න හදන ඝෝඨාභයත් ජනපති පමණක් සතුව වූ අසීමිත බලය ජනපති අගමැති හා කථානායක අතර බෙදී පාර්ලිමේන්තුව බලවත් කර ස්වාධීන කොමිෂන් තුළින් ක්‍රියාකරවන ස්වාධීන රාජ්‍ය යාන්ත්‍රණය නොහොත් රනිල් බිහිකළ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය නැවත ඒකාධිපති කරවීමටයි. මේ මොවුන්ගේ හැරවීමේ ලක්ෂයයි. මොවුන්ගේ සිතුවිලි 70 දශකයට නම් ගැලපේ
ෆෑන්එකක් නැවැත්තුවත් කරකැවෙමින් තිබුණු පැත්තටම කරකැවී නවති. එසේ හැමදෙයක්ම පවතින ස්වභාවය එසේ පවත්වාගැනීමට දරන උත්සාහය අවස්ථිතිය ලෙස හදුන්වයි. එසේ මෙතෙක් පැවති ඒකාධිපති ක්‍රමය ක්‍රමානුකුලව නිෂ්ක්‍රිය වී රනිල් හදපු ජනපති සතුව තිබු අසීමිත ඒකාධිපති බලතල ජනපති අගමැති හා කථානායක අතර බෙදා ජනතා නියෝජිතයින් වූ ආණ්ඩු හා විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් විවාදකර පාර්ලිමේන්තුවේ හදන නීති අනුව ස්වාධීන අධිකරණය ඇතුළු ස්වාධීන රාජ්‍ය යාන්ත්‍රණය මගින් කිසිම බලපෑමකින් තොරව ක්‍රියාවට නැගෙන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහය ක්‍රමයෙන් මෝදු වන්නේය. කෙසේවෙතත් රනිල් ප්‍රජාතන්ත්‍රවාදී බීජය හරියටම වපුරා ඵලදරමින් තිබෙන බව පළාත්සභා ඡන්දය පැවැත්වීම හෝ අගමැති ඉවත්කිරීම පාර්ලිමේන්තුවේ මැදිහත් වීමකන් තොරව ජනපතිට හිතුමතේ කළහැකිවූ බලය නැති බව අධිකරණ තීන්දු ඔප්පුකර ඇත. රටක පාලනය යනු රාජ්‍යතන්ත්‍ර ඥානය මෙහෙයවා විරුද්ධතා පාලනය වන අයුරින් රනිල් කළා මෙන් මෙවැනි බැරෑරුම් දේ කිරීමය. ගෙවල් හැදීම ඇතුළු අනිත් සියලු කටයුතු නීතියෙන්ම පැවරෙන යුගය මතුවෙත්දී උපවාස පෙළපාලි නැවතී නිසි විදිහට අධිකරණයට පැමිණිලි කර නිවැරදි තීන්දු ලබාගනු ඇත.
තිලකසිරි මහතාගේ විශ්ලේශණය නිවැරදියි.