(නිමල කොඩිතුවක්කු)
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකවරයා වූ සජිත් පේ‍්‍රමදාස මහතා කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි ඒ මහතාගේ ප‍්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී සිය පාක්ෂිකයන් හමුවී මැතිවරණ සමයේ දැක්වූ සහාය වෙනුවෙන් ස්තූතිය පුද කරනු ලැබීය.
පෙරවරු 10.00 ට පමණ වෝක්ෂෝල් වීදියේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට පැමිණි සජිත් පේ‍්‍රමදාස මහතා පිළිගැනීම සඳහා දහස් සංඛ්‍යාත පාක්ෂිකයන් පිරිසක් මැතිවරණ කාර්‍යාලයේ සහ ඒ අවට මාර්ග වල රැඳී සිටියහ.
සජිත් පේ‍්‍රමදාස මහතා සමග ඒ මහතාගේ බිරිඳ වන ජලනි පේ‍්‍රමදාස මහත්මියත් සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
වෝක්ෂෝල් වීදියේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අවට රැස්වූ පිරිස වැල නොකැඩී පැමිණ සජිත් පේ‍්‍රමදාස මහතාට ආචාර කර සුබ පැතුම් එක් කරනු ලැබීය.
සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරණයෙන් පසු පාක්ෂිකයන් හමුවූ පළමු අවස්ථාව මෙය වූ අතර එහිදි පාක්ෂිකයන් විසින් සජිත් පේ‍්‍රමදාස මහතාගේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා ද සුබ පැතුම් එක් කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන හරීන් ප‍්‍රනාන්දු, හර්ෂ ද සිල්වා, එරාන් වික‍්‍රමරත්න, නලීන් බණ්ඩාර, දිලීප් වෙද ආරච්චි, තුෂාර ඉදුනිල් අමරසේන, තලතා අතුකෝරලා, චන්ද්‍රානි බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



COMMENTS
කෝ අනේ රාජිත ?
මැතිදුනි, පාක්ෂිකයෝ ඔබ සමගයි. අධෛර්ය නොවෙන්න. ඉදිරියට එන්න. අලුත් පක්ෂයක් ආරම්භ කරන්න.
පඹයෙක් රජ කරපු පසුගිය 2015න් පාඩමක් ඉගෙනගත් ජනතාව මොවුන්ට දිය යුතු සුදුසුම දඬුවම දී ඇත.
සජිත්, පැරදුනේ ඔබ නොවෙයි. රනිල් ඇතුළු සමස්ත ආණ්ඩුවයි. ඔවුන්ගේ මුග්ධ වැඩපිළිවෙලයි. ඔවුන් හරිහමන් විදියට ජනතා අපේක්ෂා ඉටුකලානම් ඔබට මේ ඉරණම අත් නොවෙයි. ඔබ ඔවුන්ගේ උගුලට හසු උනා පමණයි.
මෙතන ඉන්න කිසිකෙනෙක් සිංහල බෞද්ධ රටක පිරිසක් නොවේ.
ධර්මයේ බලයයි.
දැන් එතකොට රැස්වීම් වලට මිනිස්සු පිටරටවල් වලිනුත් ගෙන්වනවද ?
අපේ ගමේ මරණාධාර සමිතියට මීට වඩා මිනිස්සු එකතු වෙනවා
මෙතැන් සිට මෙම සමිතිය දිවියන් සුරැකීමේ ග්‍රාමීය සමිතිය ලෙස නම් කරනු ලැබේ.
මංගලා ඔබ කියලා තියෙන විදියට බෞද්ධ අය නෙමේ කියලා දන්නේ කොහොමද. ඇයි මෙතරම් මෝඩ .
මේ බහුතරයක් අසරණ ජනතාව දේශපාලනය කරන්නේ සීමාසහිත වූ රජයේ රැකියාවලට අඩු සුදුසුකම් ඇති දූ දරුවන් රැකියාවකට දමා ගන්නේ කෙසේ දැයි යන අභිප්‍රාය ඇතිවයි. මෙය වෙනස් කළ යුතුය. තරුණ ජනතාවගේ හැකියාවන් ඉහළ නංවා රැකියා අවස්ථා පුළුල් කළ යුතුය. නැතිනම් ලංකාව තවත් පසු පසට ගමන් කරයි.