IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සජිත් නැතිනම් එජාපයට ජයක් ගන්න බෑ - දිලිප් වෙදආරච්චි


(රන්න චන්ද්‍රසේන ගමගේ)
 
 ‘‘ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් අළුත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි. ජනාධිපතිවරණයේ වාසිය එ.ජා.ප.යට ලබා ගැනීම සඳහා  රටපුරා අළුත් අපේක්ෂකයන් හොය හොයා යා යුතු නෑ. ජනතා ආකර්ශනයක් ඇති නායකයෙක් එක්සත් ජාතික පක්ෂය තුළ ඉන්නවා. ඔහු වෙන කවුරුවත් නොවෙයි.

එ.ජා.ප.යේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා බව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට දැනුම් දෙන්න කැමතියි. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් තොරව ඉදිරි ජනාධිපතිවරණයේදී එ.ජා.ප.යට ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකියි.‘‘ යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අද (01) පෙරවරුවේ තංගල්ල ධීවර වරායේ පැවති උත්සවයකදී පැවසීය.

ධීවර අමාත්‍යාංශය සතු ධීවර වෙළඳසැල් සඳහා මසුන් ධීවරයාගෙන්ම මිලදී ගැනීමේ නව ක්‍රමවේදය තංගල්ල ධීවර වරාය තුළින් ආරම්භ කරමින් රාජ්‍ය ඇමතිවරයා එසේ පැවසීය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ධීවර රජ්‍ය අමාත්‍යවරයා, ‘‘මේ වෙනකොට ධීවර අමාත්‍යාංශය සතු වෙළඳ සැල් සමූහය රුපියල් කෝටි 70ක් ණය වී තිබෙනවා. කොහොමද මේ තරම් මුදලක් ණය වී තිබෙන්නේ? මේ රටේ බලයේ සිටි අය වගේම මෙම අලෙවිසැල් සමූහය පාලනය කරන ලද අය ගසා කෑම නිසා අද ධීවර අමාත්‍යාංශය සතු වෙළඳසැල් සමූහය අක්‍රීය වී තිබෙනවා.

පසුගිය පාලන කාලයේදී තමන් ගේ හිතවතුන්ට ධීවර අමාත්‍යාංශය සතු මළු තොග ලබා දුන්නා. හිතවතුන්ගේ උත්සව වලට ලබා දුන්නා. දන්සැල් වලට මාළු ලබා දුන්නා පමණක් නොව තම දෙමාපියන්ගේ දාන වලටත් මෙම මාළු තොග රැගෙන ගොස් තිබෙනවා. ඒ නිසා මේ රටේ ජාතික සම්පතක් වූ ධීවර අමාත්‍යාංශය ණය කාරයෙක් බවට පත් කළා. ඒ වගේම සමහර නිලධාරීන්ද මේ අමාත්‍යාංශය තුළ හොරකම් කළා. ඒ නිසා මේ අමත්‍යාංශය මෙවැනි අගාධයකට වැටී තිබෙනවා.

ධීවර අමාත්‍යාංශය සතු ණය ගෙවා ක්‍රමවත් ආකාරයකට මෙය දියණු කිරීම සඳහා අගමැතිතුමා රුපියල් කෝටි  30ක් මාසිකව අපට ලබාදෙන්න කටයුතු කර තිබෙනවා. එම මුදලින් මෙම ණයවලින් කොටසක් හෝ ගෙවා මේ රටේ ජනතාවට මත්සයින් ලබාදීමට අප කටයුතු කරනවා.‘‘ යැයි වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

සජිත් නැතිනම් එජාපයට ජයක් ගන්න බෑ - දිලිප් වෙදආරච්චි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site