(නිමල කොඩිතුවක්කු)
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා කාන්තා ප‍්‍රඥප්තියට අත්සන් තැබීම කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී අද (21) සිදුකෙරිණි.
‘‘දිරිය ඇය වෙනුවෙන් - සෙනෙහසේ ඇරඹුම’’ යන තේමාවෙන් මෙම කාන්තා ප‍්‍රඥප්තිය එළිදැක්විණි.
මෙම අවස්ථාව සඳහා ජලනි පේ‍්‍රමදාස, හේමා පේ‍්‍රමදාස, කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර, අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ, කොළඹ පුරපතිනි රෝසි සේනානායක යන මහත්මීන් ඇතුලු පිරිසක් එක්වූහ.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)





COMMENTS
අපේ ජෝන් ඇමතිතුමා මේ සමුළුවට ගෙන්නන්නම එපැයි.
සුබ පැතුම්...!!!
අනාගත ජනපති තුමනි. ඔබට ජය නියතයි. ලොකු පොඩි සහ සියලු ජාතීන් එකතු වී ලස්සන රටක් හදමු.
එජාප ජනපති කෙනෙක්. එජාප රජයක්.
අපිට මතකයි 2015 ජනාධිපතිවරණයට 2014 වේදිකාවේදී මොවුන් කියවපුවා සහ ඊට පස්සේ බලයට ඇවිත් කරපුවා. මේ රට අනාරක්‍ෂිත කරලා ඒ මදිවට කාන්තාව ගැන කතා කරනවා. ගිය ආණ්ඩුවේ ගැහැණු අය දූෂණය කරලා පාටි දාපු මෘගයෝ හිටපු නිසයි එවකට ඒ ආණ්ඩුවේ තිබුණු රට ගැන වගකියන ප්‍රතිපත්ති ගැනත් අමතක කරලා ඒ ආණ්ඩුව පරාජය කෙරෙව්වේ... නමුත් යහපාලනේ ආව දවසේ ඉඳන් කලේ ජාතිවාදය, ආගම්වාදය වැපිරුවා ආර්ථිකය කාබාසිනියා කළා. ඒ දේවල් එහෙම වෙනකොට මේ රටේ ආයෙත් කාන්තාව අනාරක්‍ෂිත වුණා. මේ වෙනකොට පසුගිය ආණ්ඩුව ඔවුන්ගේ වැරදි හදාගෙන තිබුණත් සජිත්ලා තවමත් ඉන්නේ ඒ අර පරණ දහදුරා අය එක්කයි. ඒකයි කාන්තාවන්ට වචනෙන් නෙවෙයි ක්‍රියාවෙන්ම ගරු කරන සහ කරපු ගෝඨා වගේ චරිතයක් අදවනවිට දේශපාලනමය වශයෙන් කාන්තා ආකර්ෂණය දිනාගනිමින් සිටින ප්‍රබල චරිතයක් වී ඇත්තේ...
සුබ පැතුම් සජීත් මහත්තයා. ඔබට ජයෙන් ජය වේවා!
හිටපු ආර්යාවයි වෙන්න ආර්යාවයි දෙන්නම එකට.
කිකිළි කොටුවකට එක කුකුලෙක්ව දාපුවම කිකිලියන් ඔක්කොම බිත්තර දානවා වගේ මේ කිකිළි කොටුවේත් ඔක්කෝමට බිත්තර වැටුණාද දන්නේ නැහැ.
ඔතන මුදල් ඇමතිකම් බාර දෙන්න සුදුස්සක් ඉන්නවා. කොළඹ පුරපතිනි ඉතා ලස්සනට අයවැය කියාවි...
මෙතන ඉන්න ලොකු නෝනලා දැක්කාම කියන්න පුළුවන් පස් බිලියන හැත්තෑ මිලියන හතලිස් දහයකුත් තුන් දාසයක් ඡන්ද ලැබෙනවා කියලා...
ඔන්න අපේ හේන්වලට ඇවිත් අලි දෙන්නම් කොටි දෙන්නම් කිව්වට අර ඉන්න නෝනලාගේ ඉල්ලීමට අනුව තමයි ප්‍රතිපත්තිය හදලා තියෙන්නේ. ඊළඟ ඡන්දෙදි එන ඊළඟ අපේක්ෂකයවත් අපි ඔබලාට හරියන ප්‍රතිපත්තියක් හදයි.
ජයවේවා !
එළි දක්වන්න තරම් දෙයක් තිබෙනවද?
මෙයාවත් කපලා ගමු නේද?