(සුජිත් හේවාජුලිගේ )
සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදවලට අනුගත වන්නැයි කොරෝනා ආසාදිතවූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආශ්‍රිත වූ සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට පියවර ගෙන ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
විපක්ෂ නායකවරයාට ආශ්‍රිත වූ මන්ත්‍රීවරුන් සොයා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සී සීටීවී කැමරා පද්ධති පරික්ෂා කිරීම ඊයේ ආරම්භ කළ බවද වේත්‍රධාරීවරයා කියයි.
සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ ගමන් ගත් ස්ථාන පිළිබඳවද වේත්‍රධාරීවරයාගේ අවධානය යොමු වී ඇත.
සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුව කටයුතු කරන විපක්ෂ නායකවරයාට කොරෝනා වයිරසය ආසාදනය වූයේ කෙසේ දැයි ප්‍රශ්නයක් බවත් පාර්ලිමේන්තුව අසල පැවැති උද්ඝෝෂණ ව්‍යාපාරයේදී ඔහුට වයිරසය ආසාදනය වූවාදැයි සැකයක් මතුව ඇති බවත් පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
මේ අතර විපක්ෂ නායකවරයාට ආශ්‍රිත වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් කොරෝනා පරීක්ෂණවලට ඊයේම යොමු වුණු එම පක්ෂ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත .
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතාද කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලකට පසුගියදා ඇතුළත් කරනු ලැබීය.
තමාගේ තත්වය දැන් යහපත් බව මුජුබර් රහුමාන් මහතා ලංකාදීපයට ඊයේ (23)පැවැසීය.
2025 දෙසැම්බර් මස 30
148
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
765
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සජිත්ගේ ආශ්‍රිතයන් සොයා මැති සබයේ කැමරා පරීක්ෂා කරයි
cjandima Sunday, 23 May 2021 07:46 PM
කට්ටිය අඩුුවුණාට පස්සේ අපට අපේම නියෝජිතයෝ පත්කරගන්න අවස්ථාව දෙනවද? නැතිනම් ඒ කට්ටියගේ නෑයෝ එවලා අපිට ඡන්දෙ දෙන්න කියනවද?