තරිදු ජයවර්ධන
අධ්‍යාපන අමාත්‍යංශයෙන් ජාතික පාසල් විදුහල්පතිවරුන් සඳහා සංවිධානය කළ ස්වයං හා ආයතනික විනය සහ නායකත්වය පිළිබඳ පුහුණු වැඩමුළුව සඳහා ආයතනයක් තෝරා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාදාමයේ සිට සියලු කටයුතු නිසි ලෙස ඉටුවී නැතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශන ශාඛාවෙන් කළ පරීක්ෂණයක දී අනාවරණය වී තිබේ.
හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය ඇද වැටී මරණයට පත්වූයේ මෙම පුහුණු වැඩමුළුව අතරතුරදීය. විදුහල්පතිනියගේ මරණය හදිසි අනතුරක් වුවද එම පුහුණුව සැලසුම් කිරීමේ සිට මිල ගණන් කැඳවීම, ආයතන තෝරා ගැනීම සහ එම පුහුණුව සංවිධානය කිරීමේදී අදාළ නිලධාරීන්ගේ නොසැලිකිලිමත්කම, නොදැනුවත්කම සහ වගකීම් විරහිත බව ආදී කරුණු එම විදුහල්පතිවරියගේ මිය යාමට වක්‍රාකාරව බලපා ඇති බව ද විමර්ශන කණ්ඩායම නිගමනය කර තිබේ.
විදුහල්පතිවරිය මිය යෑම සම්බන්ධයෙන් විමර්ශනයක් කර අදාළ නිලධාරීන්ට එරෙහිව කටයුතු කළ බවට මීට පෙර අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළ ද විමර්ශනයේ වාර්තාව නිකුත් කර නොතිබිණි. ඒ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ පැවැති අභියාචන විභාගයකින් පසු එම එම වාර්තාව නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කළේය.
එම වාර්තාවට අනුව ජාතික පාසල් විදුහල්පතිවරුන් සදහා පැවැත්වූ නායකත්ව වැඩමුලුවේ සෑම කටයුත්තක්ම පාහේ සිදුවී ඇත්තේ නිසි ක්‍රමවේදයට අනුව නොවේ. පුහුණුව ලබාදීම සදහා ආයතනය තෝරා ගෙන ඇති ක්‍රමවේදයද ගැටලු සහගත බව එම විමර්ශන වාර්තාවේ සදහන් වේ.
COMMENTS
මේ රටේ නිසි ක්‍රමවේදයකට සිදුවෙනෙ එක දෙයක් කියන්න බලන්න. මොකුත්ම නෑ.
අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෑත කාලයේ සිදුකළ බොහෝ ව්‍යාපෘති අසාර්ථක වී ඇත. ඒ බොහොමයක් සඳහා හේතු වී ඇත්තේ නීත්‍යානුකූල නිසි ක්‍රමවේදය අනුගමනය නොකර ඇමතිවරයාගේ සහ නිලධාරීන්ගේ උවමනාව මත පමණක් කටයුතු කිරීමයි. මෙහි වන්දි ගෙවීමට සිදුව ඇත්තේ රටේ අහිංසක ජනතාවටයි. සැමදාම සිදු වූයේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීම යි. ව්‍යාපෘති අතරතුර නිසි අධීක්ෂණයක් සිදු කරමින් නිවැරදි දේ කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ ද වගකීමකි. සියල්ල අවසන් වූ පසු වසර ගණනාවක් විමර්ශන පවත්වා වාර්තාවක් එලි දැක්වීමෙන් රටට හෝ කිසිවෙකුට සෙතක් නොවේ.
වර්තමානයේ පළපුරුද්ද හා පුහුණුවට වඩා සලකන්නේ අධ්‍යාපන සහතිකයටවීම මෙයට ප්‍රධානම හේතුව ලෙස මම දකින්නේ. වර්ථමාන රාජ්‍ය සේවයේදී ලකුණු දෙක තුනක් මදිවීමත් අයහපත් ආර්ථික තත්වයත් නිසා රජයේ තනතුරකට පත්ව වසර 30 ක හෝ 35 ක පුහුණුව හා පලපුරුද්දක් තිබුනත් උපාධියක් ලබා එදිනම පත්වීමක් ලද අයෙකුට සැලකිල්ල වැඩියි වැඩිමහලු බවවත් සලකන්නේත් නැහැ. මෙවැනි තත්වයන් තුල මෙවැනි ක්‍රියාවන්ගැන පුදුම විය යුතුත් නැහැ.
කොරියානු පුහුණු වැඩසටහනේදී ලබාදෙන අමානුෂික පුහුණුව ගැනද රජය අවධානය යොමු කල යුතුය. පුහුණුකරුවන්ගේ අසාධාරණ ක්‍රියා හේතුවෙන් මේ වන විටත් ජීවිත අහිමිවී අවසානයි..