
(ඉන්දිකා රාමනායක)
කෝවිඞ් මර්දනය වෙනුවෙන් උතුරේ සංචරණ සීමා උල්ලංඝනය කරන්න පුද්ගලයන් සොයා බැලීමට ,සහ සෞඛ්‍යය නීති සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පුහුණුව ලැබූ කාන්තා යතුරු පැදි බලඇණියක් යාපනයේ ස්ථාපිත කර ඇති බව යුද හමුදාව පවසයි.
ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප‍්‍රියන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් මෙම කාන්තා යතුරුපැදි බලඇණිය ස්ථාපිත කර ඇත.
උතුරේ ජනතාව සමඟ සහ සම්බන්ධතාවයෙන් කටයුතු කිරීම සඳහා සෙබළියන් සිය දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මෙම යතුරු පැදි කණ්ඩායමට බඳවාගෙන ඇති බවත් ද්‍රවිඩ භාෂාව හැසිරීම සම්බන්ධයෙන් මනා පුහුණුවක් ද ලබා දී ඇති බවද හමුදාව පවසයි.




COMMENTS
පාරේ වාහන නැති නිසා හොදයි
ආයුධ සන්නද්ධ පිරිස් පෙන්වලා මේ රටේ මෝඩ අඥාන ජනතාව භීතියට පත් කිරීමද මෙහි අරමුණ වන්නේ එහෙම නැත්නම්, ඔය රැගෙන යන ආයුධ වලින් ජනතාවට වෙඩිතබා මරා දැමීමද අරමුණ වන්නේ? අරමුණ කුමක් උවත් ලෝකල් හිට්ලර්ලාව පැතූ ගෝත්‍රික වනචාරී සමාජයකට ඔහොමම තමයි සිදුවිය යුත්තේ.
හරි ලස්සනයි,මොනවා වුනත් මෙ ආන්ඩුව අපේ හමුදාවට වැදගත් තැනක් දීලා තියන ඵක අගයකල යුතුයි
අනවශ්‍ය වැඩ ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම හරි අනාගත ජනපති සජිත් මහතා හරි මෙය නැවැත් විය යුතුය
හැම දෙයක්ම ආයුධයක් ගත්ත හමුදාවේ කෙනක් දැම්මම හරියනව කියල හිතන මිනිස්සු ඉන්න රටක් ලංකාව.
ලස්සනයි ලස්සනයි මෙන්න මෙහම තමයි සිද්ධ වෙන්න ඔනි
හිට්ලර් පාලනයක්නේ ඉල්ලුවේ.
ඇයි උතුරට විතරක් දකුණටත් දාන්න ඕන.
කොරෝනා වලට දෙන සැලකිල්ල කෝ අනිත් ඒවාට.
වෙන රටවලත් කොරෝනා මර්ධනයට ආරක්ෂක අංශ වල සහයෝගය අරගෙන තියෙනවා ඒත් මේ වගේ ආයුධ දරාගෙන ඉන්නවා නම් පෙන්නේ නෑ. ලංකාවේ ජනාධිපති සහ හමුදාපති හිතන් ඉන්නවා ඇති කොරෝනා කියන්නේ ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදියෙක් කියලා. ඔවුන් කොරෝනා ගැන හරියට දැනුවත් වෙලා නෑ. රටට දෙවියන්ගේම පිහිටයි.