IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සංචරණ සීමා ඉවත් කරන තීරණය 19 හෝ 20

(ඩයනා උදයංගනී)

සංචරණ සීමා ලබන 21 වැනිදා ඉවත් කරන්නේ ද යන්න තීරණය කරන්නේ ලබන 19 වැනිදා හෝ 20 වැනිදා බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඒ වන විට පවතින තත්වය විශ්ලේෂනය කර සරචරණ සීමා ඉවත් කරන්නේද නැද්ද යන තීරණය ගන්නා බව ඇමතිවරයා සඳහන් කළේය.

රජයේ බලාපොරොත්තුව එම දිනයේදී සංචරණ සීමා ඉවත්කර රට විවෘත කිරීම බව කී ඇමතිවරයා කොරෝනා වසංගත තත්වය සම්බන්ධයෙන් ඉදිරි දිනවල සාධනීය තත්වයක් ඇතිවුවහොත් සාධනීය තීන්දුවක් ගන්නා බව ද කීවේය.

අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

කොරෝනා යනු නිතර වෙනස් වන තත්වයක් බැවින් සංචරණ සීමා ඉවත් කරන දිනය කල් තබා ප්‍රකාශ කළ නොහැකි බව ද ඇමතිවරයා පැවසීය.

 



අදහස් (6)

සංචරණ සීමා ඉවත් කරන තීරණය 19 හෝ 20

wicky Tuesday, 15 June 2021 05:30 PM

නැහැලු නේ නේද?

:       3       17

වීරවිජේWednesday, 16 June 2021 07:41 AM

ඉතිං 21 අරිනවද කියලා 22ම කියන්නකෝ... එතකොට ගම්වල මිනිස්සුන්ට එන්න 23 ලෑස්තිවෙලා 24 එන්න පුලුවන්. කෝච්චි බස්වල තෙරපිලා ආයෙත් සති 2-3 කින් වහන්න පුලුවන්.. අම්මෝ නුඹලා වගේ අයට ඡන්දෙ දුන්න එකට අපිටම ගහගන්න ඕනෑ...

:       0       3

mihira Tuesday, 15 June 2021 05:59 PM

ඕක ඉවත් වෙන්නේ 28 වැනිදා... ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ආණ්ඩුවේ වැඩ ගැන මිනිස්සු හොඳටම දැනුවත් දැන්..!!!

:       1       34

fairoos Tuesday, 15 June 2021 06:00 PM

මේ සංචරණ සීමාවෙන් දැනට වැඩක් වෙලා තියෙනවද? පාසල් ළමයි විතරයි ගෙදරට වෙලා ඉන්නේ...!!!

:       0       111

මහසෙන් Tuesday, 15 June 2021 06:14 PM

නමට සංචරණ සීමා. එහෙම එකක් කොහේද තියෙන්නේ? පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියනවා සංචරණ නීති කඩපු අය අල්ලනවා කියලා හැමදාම. කොහොමත් එකයි දැන්. තාමත් ඇත්ත කියන්න බෑ. කට ඇරියොත් නානවා...

:       0       123

සිල්වා Tuesday, 15 June 2021 06:19 PM

ඇමැතිතුමාට 24 වැනි දින පොසොන් පොහොය දිනය අමතක නෑ වගේ...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site