IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


සංචරණ සීමා ඉවත්කිරීමෙන් පසු තත්වය

(ඩයනා උදයංගනී)

කොරෝනා තෙවැනි රැල්ල පාලනය කිරීම වෙනුවෙන් මසක පමණ කාලයක් පනවා තිබූ සංචරණ සීමා අද (21) අලුයම 4.00 සිට ලිහිල් කිරීමෙන් අනතුරුව ජනතාව විශාල වශයෙන් නගර හා වෙළඳසැල් වෙත රැස්ව සිටිනු දක්නට ලැබිණි.

සංචරණ සීමා ඉවත් කිරීම සිදුකර ඇත්තේ දැඩි කොන්දේසි යටතේ වන අතර පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මකය. එමෙන්ම කොරෝනා වසංගත අවදානම හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී වසම් 24ක් හුදෙකලා කිරීමට ද පියවර ගෙන ඇත.

සංචරණ සීමා ඉවත් කෙරුණු ඊයේ දිනයේදී මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් ද දක්නට ලැබිණි.

බස් රථ, දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වූයේ සීමිත වශයෙන් බැවින් බොහෝ දෙනෙක් තම කටයුතු සඳහා පෞද්ගලික වාහනවලින් පැමිණීම හේතුවෙන් මාර්ගවල විශාල රථවාහන ප්‍රමාණයක් පැවතීම මෙම රථවාහන තදබදයට හේතු විය.

බස්නාහිර පළාත තුළ ධාවනය වූයේ දුම්රිය හා බස් රථ සීමිත ප්‍රමාණයක් වූ බැවින් රාජකාරී සඳහා පැමිණි ජනතාව පීඩාවට පත් ව අතර දුම්රියවල ආසන ගණන ඉක්මවා මගීන් ගමන් කරනු ද දක්නට ලැබිණි.

දුම්රිය ගමන් වාර ඉතා අඩු ප්‍රමාණයක් ක්‍රියාත්මකවීම නිසා මෙම තත්වය ඇතිව තිබිණි.

පොදු ප්‍රවාහන සේවා සඳහා අවසර දී ඇත්තේ ද සීමා යටතේ වන අතර විශේෂයෙන් බස්නාහිර පළාත තුළ පොදු ප්‍රවාහන සේවාවලින් ගමන් කිරීමට අවසර දී ඇත්තේ අත්‍යාවශ්‍ය සේවා සඳහා පැමිණෙන සේවක පිරිස්වලට පමණි.

සෙසු පළාත්වල ආසන ධාරිතාවයෙන් සියයට 50ක් වන සේ පොදු ප්‍රවාහන සේවාවලින් මගීන් රැගෙනයාමට අවසර දී ඇත.

මීට අමතරව බැංකු, උකස් මධ්‍යස්ථාන, මත්පැන් අලෙවිසැල්, සතොස හා සුපිරි වෙළඳසැල්, සිල්ලර වෙළඳසැල් ඉදිරිපිට ද ජනතාව විශාල වශයෙන් පෝලිම් ගැසී සිටිනු දක්නට ලැබිණි.

දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන ද තොග වෙළඳාම සඳහා විවෘත කෙරුණු අතර ඒවායින් භාණ්ඩ මිලදී ගැනීම සඳහා ද විශාල පිරිසක් පැමිණ සිටිනු දක්නට ලැබිණි.

ඒ ඇතැම් ස්ථානවල නියමිත පරතරය පවා නොතකා ජනතාව පොරකමින් රැඳී සිටිනුද දක්නට ලැබිණි.

නමුත් සියලු දෙනා පාහේ මුහුණු ආවරණ පැළඳ සිටියහ.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

(ඡායාරූප: ඩිලාන් ද සිල්වා)



අදහස් (2)

සංචරණ සීමා ඉවත්කිරීමෙන් පසු තත්වය

ලලිත් එම් Monday, 21 June 2021 07:12 PM

හතර වෙනි රැල්ලට මග. නිවනට මග වගේ...

:       2       12

Rohana Monday, 21 June 2021 10:42 PM

කොරෝනා අවදානම අස්සේ අත්‍යාවශ්‍ය දෙයක් නොවන මත්පැන්හල් විවෘතකර ඒවායේ ජනයා පොදිගැසීමට ඉඩ දුන්නේ කාගේ වුවමනාවටද? මත්පැන් පොකුරු නිර්මාණය වීමෙන් ඉදිරියේ රෝග අවදානම ඉහළ යනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 788 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 918 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 378 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site